Social Icons

Featured Posts

Saturday, November 16, 2013

අශරීරික දෙව්වුවගේ සිරැර ස්පර්ශ කිරීම

 (මෙය අපගේ තනි නිර්මායක් නොවේ. මෙය Terrence mackenna ගේ "Dreaming Awake At the End of Time" යන දේශණය ඇසුරින් ලියවුනක් අතර, මෙහි සියළු අයිතිය ඔහු සතුය. මෙහෙයින්, මෙහි අඩංගු කරැණු සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්ණ ඇත්තේ නම්, එය Terrence Mackenna වෙනුවෙන් අනුග්‍රහය දක්වන්නන් වෙත යොමු කරන්න.) 

(draft)




"සත්‍යාවබෝධය ලැබීම මිනිසාගේ උපන් අයිතියයි. "අශශරීරික දෙව්දුව ගේ සිරැර ස්පර්ශ කිරීම" සියළු මිනිසාගේ අයිතියයි. එහෙත් එය කෑම නොකා සිටිමෙන් හේ ගැහැණු පිරිමි එක් නොවී සිටීමෙන් හෝ අත් පත් කර ගත නොහැක.

මා ගැන කථා කිරීමෙදී, ෆ්‍රොයිඩියානු මත විශ්ලේෂණය කිරීම සහ උප විඥ්ඥාණයට ඇතුළු වීමේ ආදී දේ සදහා මගේ ක්‍රමය මනෝක්‍රියාකාරික පැලෑටි භාවිතාව වේ.

සත්‍යය යනු තාත්වික දෙයකි. ඔබට එය ගවේශණය කර බැලිය හැක. කිසිවෙකුට ඔබ එසේ කරනු නැවැත්වය නොහැක. ඔබ තිරය පිටුපසින් සිදුවන්නේ කුමක්දැයි බැලීම කිසිවෙකුට නැවැත්විය නොහැකිය. මෙනිසා වගේ පණවිඩය වන්නේ, අධ්‍යාත්මික මාවත යනු සත්‍ය දෙයක් බවයි. ඒත්, මනෝක්‍රියාකාරී ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගැනීම හැර අන් සියළු අධ්‍යාමික මාර්ගයන් ඔබට පවසන්නේ 'උත්සහ කරන්න, උත්සහ කරන්න, තදින් පැඩලය පාගන්න, භාවනා කරන්න, දන් දෙන්න, ප්‍රණයාමා කරන්න, මන්ත්‍රයාණා කරන්න.. තල්ලු කරන්න, තල්ලු කරන්න!! එහෙත් සයිකඩෙලික්ස් (මනෝක්‍රියාකාරී ද්‍රව්‍ය) පාවිච්චි කිරීමේදී මෙම තල්ලු කිරීම නිදහස් ගවේශයණයක් බවට පත් වෙයි. ඔබ තවදුරටත් තල්ලු කරන්නේ නැහැ. ඔබට එය හුදෙක් හමුවෙනවා. දැන් ඔබ ඒ හමුවුන දෙය සමග කරන්නේ කුමක්ද?

මතු සම්බන්ධයි..

28

Saturday, November 9, 2013


ප්ලීඩියස් තරැ රාශිය සමග සමාන හැඩක් ගන්නා ට්කාල් පිරමීඩ

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව, දහ හට වැනි අඩිය

පසුගිය ලිපි වලින් අපි කථා ට්කාල් රජුගේ ගේ යෝධ ශෛලමය පිරමීඩ ගැන. සමහර විද්‍යාඥයින්ට අනුව, ටිකාල් ගේ පිරමීඩ, මායානු කැලැන්ඩරය නිමවීම පිණිස විශාල ආධාරයක් වී තිබෙනවා. මෙම පිරමීඩ වල මුදුන් යා කිරීම මගින්, ලග එන ආකාශ්මික සිදුවීම් (විෂුවය, සූර්ය නිවෘත්තිය, ආදිය) නිර්ණය කිරීමට හැකියාවක් තිබුනා. එමෙන්ම තවත් විශ්මයජනක දෙයක් වන්නේ, මේ පිරමීඩ වල සැළැස්ම, අකාශයෙහි ඇති  ප්ලියඩීස්-ඔරයන් ප්‍රදේශය (පිටසක්වල ජීවීන්ගේ ග්‍රහලෝක මෙම ප්‍රදේශයේ ඇතැයි සැලකේ) සමග ඒකාත්මික හැඩයක් ගැනීම.

 

තවද ට්කාල් ගේ පිරමීඩ වල සැළැස්ම, අගහරැ මත ඇති භූමි නිර්මාණයකටද සමානුපාතික බව වාර්ථා ලගදී වාර්ථා වූවා.



ස්ථාන තුනක, ට්කාල්ගේ පිරමීඩ සැළැස්ම හමුවී තිබේ. මෙය අහඹුවක්ද නැතිනම් සිතා සැළසුම් කළ ඉදිකිරීමක්ද? ට්කාල් පරපුරෙන් එන ජනකථා සහ විශ්වාස වලට අනුව, පිටලෝකයකින් පැමිණි දෙවිවරැන් විසින් තමන් ගේ නිර්මාණ ආදිය සමග ඒකාත්මික වී තිබෙනවා.

අනෙක් අතට, ට්කාල් වැනි ආදී පරපුරක මිනිසුන්ට මෙවැනි සුක්ෂම ආකාරයේ ආකෘතියකට පිරමීඩ ඉදිකිරීමට අද තිබෙනවා වැනි GPS වැනි තාක්ෂණයන් තිබුනේ නැහැ. මෙහෙයින්, ඔවුන් හුදෙක් ගල් පිරමීඩ හිතෙන හිතෙන තැන් වල ඉදිකල ගල් වැද්දන් ලෙස අපට හදුන්වන්න බැහැ. ඔවුන්ට පුළුවන් වුනා ආකාශය හරහා හිරැගේ හා සදුගේ ගමන් මග ගණනය කර කීමට. ඔවුන් තාරකා වලින් අද GPS එකක් පාවිච්චි කිරීමෙන් මෙන් යන එන මං හොයා ගත්තා. එමෙන්ම එම දත්ත වලින් ඔවුන් කුඹුරැ අස්වැද්දිය යුතු කාලවල් ආදිය ගණනය කළා. අද අපි සාමාන්‍යයෙන් ආකාශය ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. එහෙත් ඔවුන් ට ආකාශය යනු තාරකා වලින් බැබලෙන මහා කාලවර්ණ අවකාශයක් වුනා. අද අපට විදුලි බුබුළු ආලෝකයෙන්, පරිගණක, රෑපවාහිනී, GPS වලින් පිරි ලෝකයේ, මෙම ආකාශය සත්‍ය පරිදි දැකීමට හෝ එහි සුන්දරත්වය සහ විශ්මය අත්විදීමට හැකියාවක් නැහැ.


==============================================================

පිටසක්වල ජීවීන්, පුනර්භවය, භූතාත්ම ආදී මෙම බ්ලොගයෙහි සදහන් නොයෙක් ලිපි වල අඩංගු කරැණු සම්බන්ධයෙන්ද ඔබට පරිභව සහ අසබ්භ්‍ය බැනුම් ආදිය ඇති නම්, ඒවා මතු දැක්වෙන බ්ලොග් පිටුවෙහි සදහන් සහ සදහන් කිරීමට හැකි නොවූ (ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වේ) විද්‍යාඥයින් ආදී පුද්ගලයින් වෙත යොමු කරන්න: "http://www.vismitha.com/2013/08/1_22.html" මක්නිසාද යත්, එම අදහස් බොහොමයක් අපගේ ඒවා නොවන හෙයින්ද, ඔවුන් ඒ පිළිබද නිගමන වලට පැමිණ ඇත්තේ දීර්ඝ පර්යේෂණ වල යේදීමෙන් බවද, ඔවුන් කටට එනවාට අදහස් පළ කරන සමහර කොමෙන්ට් කරැවන් බදු කිසිදු විද්‍යාත්මික හෝ ආගමික අධ්‍යනයක් හෝ පර්යේෂණයක් සිදු නොකළ හුදෙක් කටමැත දොඩන අයවළුන් නොවන බවද, මා සළකන හෙයිනි.‍

==============================================================


මිනිසාගේ ඒකීය මානසිකත්වය දිය වී යයි

(Terrence mackenna ගේ "Dreaming Awake At the End of Time" යන දේශණය ඇසුරින් ලියවුනක් අතර, මෙහි සියළු අයිතිය ඔහු සතුය)







"20 වෙනි සතවර්ශය ඇරඹුනේ පැරණි ජන සමාජ ක්‍රමය යලි උද්දීපනය කිරීමේ බලවත් ආශාවකිනි -- ප්‍රොයිඩ් සහ යුං උප විඥ්ඥාණය සොයාගැනීම, පිකාසෝ ප්‍රාථමික අප්‍රිකානුවන්ව පැරීසියට දක්කාගෙන විත් ඔවුන්ව තම චිත්‍ර වලට මිශ්‍ර කිරීම, නූතන සමාජය විවේචනය කළ ඩාඩාශිල්පය, පාරභෞතික විද්‍යාවට යටින් ඇති සත්‍යය සෙවූ පැතාපිසික්ස් විද්‍යාව, එමෙන්ම ජාතික සමාජවාදය පවා -- මේ සියල්ලක්ම, සමහරක් ඍණාත්මක සහ සමහරක් ධානාත්මක සංකල්ප වුවද, මේ සියල්ලම දැරැවේ එකම තේමාවකි. එනම්, ආදි කල්පික ලෝකය නැවත ගෙන ඒමයි. ඉතිහාසයට පෙර පැවති යුගය නැවත ගෙන ඒමේ ආශාවයි.."



Tuesday, October 29, 2013

කාමුකත්වය මිනිස් පරිනාමයට සහ මිනිස් සහ-සම්බන්ධයට බලපෑ සාධකයක්

පොදුව පිළිගන්නා ජෛව විද්‍යාත්මක පරිණාමය, මිනිසාගේ මහා තාක්ෂණික පරිණාමය විස්තර කිරීමට සමත් වී නෑ - 2






"මිනිසාගේ විඥ්ඥාණය වර්ධනය වූයේ කෙසේද? එය සිදුවූයේ මෙසේයි: අප තණ පිටි වල ආහාර සොයමින් -- අල වර්ග ආදිය -- යන විට, සිලිසයිබින් අඩංගු හතු වර්ග සුළු සුළු වශයෙන් අ‍පගේ ශරීරගත වුනි. මෙය ඉතා සුළු වශයෙන් ශරීර ගතවීමක් වූ හෙයින්, මනසට කිසිදු වෙනසක් දැනීමේ හැකියාවක් නොතිබුනි (සිලිසයිබින් මනෝක්‍රියාකාරී වේ). කෙන්යාවේ බැබූනවින් සැවානා බිම් වල ඇති ගොයම් හාරවුස්සමින් යන හැටි මම දැක ඇත්තෙමි -- ගොයම් යට කෑමට පිලවු සිටින බව ඔවුහු දනිති. අපේ මුතුන්මිතෝත් ආහාර සෙවුවේද මෙපරිදිය.

Monday, October 28, 2013

පොදුව පිළිගන්නා ජෛව විද්‍යාත්මක පරිණාමය, මිනිසාගේ මහා තාක්ෂණික පරිණාමය විස්තර කිරීමට සමත් වී නෑ - 1






"ජෛව විද්‍යාත්මක පරිණාමය, මිනිසාගේ මහා තාක්ෂණික පරිණාමය විස්තර කිරීමට සමත් වී නෑ. මිනිසා එය සිදුකලේ කෙසේද? ඔහු / ඇය එය සිදුකළේ, මිනිසාට අනෙක් කිසිදු ජීවියෙකුට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ මස්තිෂ්ක ආකෘතියක් තිබූ හෙයිණි. එහෙත් එම මස්තිෂ්ක ආකෘතියෙහි ඇතිවිශ්මිත දෙය වනුයේ, එම ආකෘතිය බිහිවූයේ ඇසි පිය ගසන තරම් ප්‍රවේගයෙකින් යුතු වූ හෙයිණි -- භූවිද්‍යාමක කාලනිර්ණයට අනුව. මනුශ්‍ය මොළයෙහි විශාලත්වය දෙගුණ වී තිබුනේ අවුරැදු මිලියන දෙකකටත් වඩා අඩු කාළයකිනි"

"මිනිස් මො‍ළයේ විශාලත්වය දෙගුණ වීම, ලෝකයේ මුළු මහත් පොසිල වාර්ථාවන්ට අනුව සිදුවූ වේගවත්ව වෙනස් වීමයි. මෙය පරිණාම සංකල්පයට වැදෙන විලි ලැජ්ජා නැතිම පහරයි. අප විශේෂ තත්වයන්ට මුහුණ දී ඇති ජීවී කොට්ටාශයකි. අවුරැදු මිලියන දේසීයකට හෝ, ඇම්පිබියානුවවන්ටවත්, උරගයින්ටවත්, ක්ෂීරපායීන්ටවත්, වෙන කිසිම ජීවී වර්ගයකටවත්, මැෂීන් නිමවන භාශා කථාකරන ජීවී වර්ගයක් බවට පරණාමය වීමට නොහැකි වුනි. කිසියම් ආදීකල්පික සිදුවීමක්, අපගේ මෙම වේගවත් දියුණුවට මග පෑදුවේය..."

Monday, September 30, 2013

සෞරග්‍රහමණ්ඩලයේ ආකෘතියට අනුව ඉදිකළ පෞරාණික ඉදිකිරීම්.

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව, දහ හත් වැනි අඩිය


මෙක්සිකෝවේ ටියෝටිහොකාන් නැමති ස්ථානය ඉතා ගුප්ත තැනක්. මෙය ඈත පුරාණයේ නගරයක් ව පැවතුනු තැනක්. මෙහි විශේෂත්වය තමයි, නගරය තුළ ගොඩනැගිලි ඉදිකර තිබෙන ආකාරය. විශ්වාසයක් තිබෙනවා, මෙහි ගොඩ නැගිලි සහ පිරමීඩ ඉදිකර තිබෙන්නේ, අපේ සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහයින් තිබෙන රටාවට අනුව කියා -- හරියට සෞරග්‍රහමණ්ඩලයේ ආකෘතියක් වගේ.