Social Icons

Showing posts with label අබිරහස් ඉදි කිරීම්. Show all posts
Showing posts with label අබිරහස් ඉදි කිරීම්. Show all posts

Monday, September 30, 2013

සෞරග්‍රහමණ්ඩලයේ ආකෘතියට අනුව ඉදිකළ පෞරාණික ඉදිකිරීම්.

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව, දහ හත් වැනි අඩිය


මෙක්සිකෝවේ ටියෝටිහොකාන් නැමති ස්ථානය ඉතා ගුප්ත තැනක්. මෙය ඈත පුරාණයේ නගරයක් ව පැවතුනු තැනක්. මෙහි විශේෂත්වය තමයි, නගරය තුළ ගොඩනැගිලි ඉදිකර තිබෙන ආකාරය. විශ්වාසයක් තිබෙනවා, මෙහි ගොඩ නැගිලි සහ පිරමීඩ ඉදිකර තිබෙන්නේ, අපේ සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහයින් තිබෙන රටාවට අනුව කියා -- හරියට සෞරග්‍රහමණ්ඩලයේ ආකෘතියක් වගේ.


Tuesday, September 3, 2013

අභිරහස් පලිගු හිස් කබල්



පලිගු මෙන් පැහදිලි බව අපි ඉතා පැහැදිලිව දෙයක් තෙරුම් ගත් විට සාමාන්යෙන් පවසනවා. නමුත් පලිගු හිස්කබල් යනු පලිගු මෙන් තියා කොහොමට වත් පැහැදිලි කරගන්න බැරුව ලෝකයේ නොවිසුදුන කියන කොටසට අයිති අපේ පැරැන්නන්ගේ තවත් විස්මිත නිර්මානයක්.
 පලිගු හිස් කබල් කීපයක්ම ලොඅකයේ විවිද ප්‍රදේශ වලින් හමු වී තිබ්නවා. ඒවා එකින් එක පැහැදිලි කරන්න ගියොත් ලිපිය ගොඩාක් දිග වෙන නිසා ඩැනට හොයා ගත්ත පලිගු හිස් කබල් වලින් ප්‍රසිද්ධම පලිගු හිස් කබල ගැන කියන්නම්. පොදුවේ මේ හිස්කබල් ඊජිප්තු පිරමීඩ නස්කාර් කාන්තාරයේ ගුවන් පත තරන්ම විශාල අභිරහස් බවයි සැලකෙන්නේ. මෙම හිස් කබල් වසර 5000 - 36000 අතර කාලයක් පැරනි බවයි පර්යේශකයන්ගේ අදහස

Saturday, August 31, 2013

නේපාලයෙන් හමුවූ බෞද්ධ බිතු සිතුවම් සහිත අභිරහස් පැරණි ගුහා.

නේපාලයේ ඉතා උස කදු මුදුනක කන්ද ඇතුලට හාරා තැනූ අභිරහස් ගුහා 5000 පමන දක්නට ලැබෙනවා. මෙම කන්ද පිහිටා ඇත්තේ ජනාකිර්න නොවූ ඈත කදු ප්‍රදේශයක වන අතර, මෙම ගුහා වලට ලගා වීම පලපුරුදු කදු නගින්නෙකුට වුවද ඉතාමත්ම අපහසු කටයුත්තක්.

පලමු වරට පර්යේශක පිරිසක් හා කදු නගින්නක් පිරිසක් මෙම ගුහා තරණය කර තිබෙනවා. මෙම කන්දේ පිහිටි සිදුරු ලෙස ඈත සිට බලන්නන්ට මෙම ගුහා දක්නට ලැබෙනවා. මේ කන්ද වෙත යාමට පර්යේශකයන් උනන්දු කරන්නට ඇත්තේ දුර සිට බලන විට මේවා ස්වාභාවිකව ඇතිවූ සිදුරු නොවන බව දක්නට ලැබෙන නිසා විය හැක.
ඉතා දුශ්කර ගමනකින් පසු මෙම ගුහා වෙතට ලගා වුන ඔවුන් දුටු දෙයින් පුදුමයට පත් වුනා



තඹයුගයේ හිටි අයිමාරා ගෝත්‍රිකයින්, නවීන විද්‍යාවෙන් වත් කිරීමට බැරි තාක්ෂණික විශ්වකර්ම සිදු කලාද? - අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව. දහ හතර වැනි අඩිය

පිරමීඩ හැර, ලෝකේ අභිරහස් ඉදිකිරීම් බොහෝ ගණනක් තිබෙනවා. එයින් එකක් තමා පැසිපික් සාග‍රේ තියෙන ඊස්ටර් දූපතේ ඇති "මෝවායි" නැමති ශෛලමය ප්‍රතිමා රැස. මේ ප්‍රතිමා, ඊස්ටර් දූපත වෙරළ දිගේ හිටගෙන, ඒ වෙරල ආරක්ෂා කරනවා:

 



 




මේ ප්‍රතිමා හදා තිබෙන්නේ අවුරැදු දාස් ගාණක් පවතින විදියටයි. පිරමීඩ වගේම, ඒවා හදා තියෙන්නේ ටොන් ගණනාවක් බර ගල් කුට්ටි කපලා. මේවා හදපු මිනිස්සු මේවා හැදුවේ මොකටදැයි තාම කිසිවෙක් හරියටම හොයාගෙන නෑ. ඊජිප්තුවේ පිරමීඩ වල නම් මොනවා හෝ ලියවිලි හරි තියෙනවා. ඒත් මේ ඊස්ටර් දූපතේ වල, වර්ථමාන මිනිසාට හෝඩුවාවක් ලබා ගැනීමට ලියවිල්ලක් වත් නැහැ.

Friday, August 30, 2013

ජෝ රෝගන් ගේ පීරමීඩ මූලධර්මය - අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව - දහතුන් වැනි අඩිය.

ප්‍රසිද්ධ ප්‍රහසන (හාස්‍ය) ශිල්පියෙකු, පොඩ්කාස්ට් මෙහෙයවන්නෙකු, "ඩී.එම්.ටී ද ස්පිරිට් මොලක්‍යුල් (DMT the Spirit Molecule)" සහ "ෆියර් ෆැක්ටර්" වැනි රෑපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙකුද වූ ජෝ රෝගන්, තම එක් ප්‍රහසනයකදී කළ හාස්‍ය කතාවක් මේ ලිපියෙදී ලියන්න හිතුනා. ඔහු අවසානයේදී පිරමීඩ ගැනත් අදහසක් ඉදිරිපත් කරනවා:

"...මොලකාරයින්ව පරදමින් මෝඩයින් ශීඝ්‍රයෙන් බෝවෙමිනුයි තියෙන්නේ. අපි හොග දෙනෙක් මෝඩයෝ -- මේක ලොකු ප්‍රශ්ණයක්. අපි කී දෙනෙක් මේක පිළිගන්න සූදානම්ද. මම දන්නවා මම මෝඩයි කියලා. ඒත් මට හම්බෙන අනික් මිනිස්සුන්ට වඩා මට මොලේ තියනව. මෝඩයින්ගේ ලක්ෂණය තමා, ඔවුන් මෝඩයි කියලා උන්ම දන්නෙ නෑ. .ගැබිණි ද නැද්ද කියලා පරීක්ෂා කිරීමට වගේ, තමන් මෝඩද නැද්ද කියලා පරීක්ෂා කරන්නත් උපකරණයක් තිබ්බා නම් හොදයි. ලෙව කාපුවම එකේ පෙන්නනවා මෝඩද නැද්ද කියලා. මෝඩයෙක් මේක ලෙව කාලා බලනවා. "මෝඩයි" කියලා එකේ පෙන්නනවා. ඒත් ඔහු/ඇය කියයි මේක හරියට වැඩ කරන් නෑ, කැඩිලා, කියලා -- පිළිගන්නෙ නෑ.

 

Tuesday, July 30, 2013

වසර 12000 පැරණි අබිරහස් ගොඩනැගිල්ලක් .

අබිරහස් ඉදි කිරීම්  1



මෙම අබිරහස් ගොඩනැගිල්ල තුර්කියේ පිහිටා ඇති අතර 1994 දී එම ප්‍රදේශයේ එඩේරකු   විසින් අසාමාන්‍ය ගල් කොටසක් දැක ඒ පිලිබදව වාර්තා කර ඇත. ඒ ඔස්සේ වසර 13 පමණ කැනීම් කිරීමෙන් පසුව මෙම අබිරහස් ඉදිකිරීමෙන් 5% පමණ ප්‍රමාණයක් මතුකර ගැනීමට පර්යේෂකයන් සමත් වී ඇත. 


මෙම ඉදිකිරීම පුරාම විවධ වන සතුන්ගේ මෙන්ම අද්බුත සතුන්ගේ රුප ගලින් අබා ඇත. මීට අමතරව ගල් මත කැටයම් ආකාරයට විවිධ සත්ව රුප නිර්මාණය කර ඇත. මෙවන් වූ ඉදි කිරීම් ලෝකය පුරාම දකින්නට ඇත. නමුත් මෙම අබිරහස් ඉදි කිරීම සම්බන්දයෙන් පැහැදිලි කර ගත නොහැකි කාරනා ගණනාවක් ඇත. 


මෙයින් ප්‍රදාන වන්නේ මෙම ඉදිකිරීමේ පැරණි බවයි. මෙය මිසපොතමේනියානු ශිෂ්ටාචාරය මෙන් දෙගුණයක් පැරණිය. මෙම ඉදිකිරීම අවසාන අයිස් යුගයේ අවසානය කරා දිවෙයි.  නම් මෙම නිර්මාණය කලේ කව්රුන් විය හැකිද ? මානවයා ශිෂ්ටාචාර ගත වීමටත් ප්‍රථම මේ මහා පොලොව මත නුතන විද්වතුන් පවා මවිතයට පත් කරන සුළු මේ නිර්මාණයේ සැබෑ අයිත්ය් කරුවන් මානවයින්මද? නොඑසේනම් මිහිමත මානවයාට වඩා දියුණු ලෙස ශිෂ්ටාචාර ගතවූ ජීවින් කොටසක් මානවයාට පෙර  ජීවත්ව සිටින්නට ඇතිද? එසේත් නැතිනම් මෙම ඉදිකිරීමේ අයිතිකරුවන් වෙනත් ලොවකින් මෙහි පැමිණිය පිරිසක්ද? අදටත් මෙම ගැටළු විද්වතුන් හා පරීක්ෂකයන් හමුවේ පවතී. 
තවත් පුදුමයට කරුණක් නම් මේසා විශාල ගල් නිර්මාණයක් ගොඩ නැගීමට එකදු හෝ ගල් ආයුධයක් භාවිතා කර නොතිබීමයි. කිසිදු ආයුධයක් මේ ආසනයෙන් සොයාගැනීමට පර්යේෂකයින්ට හැකියාවක් ලැබී නොමැත.
මෙම ඉදිකිරීම වැලි තලාවෙන් වැසි ගොස් තිබුනේ සමස්ත ශිෂ්ටචරයම වනසන ලද ජල ගැලීමක් නිසා බව ඇතැම් විද්වතුන්ගේ පිලි ගැනීමයි.
කෙසේ නමුත් මිට වසර 12000 පෙර මේ නිර්මාණය කව්රුන් විසින් කුමක් උදෙසා ඉදිකරන ලද්දක්ද යන්න අදටද විශාල ගැටලුවකි. එකල මිහිපිට ජීවත් වූ ජීවින් කොටසක් විසින් හෝ මිහිමතට පැමිණිය වූ වෙනත් ජීවි කොටසක් විසින් මෙය ඉදි කර නැවත පැමිණීමේ බලපොරෝතුවෙන් වැලි තුල සගවා ගියේද? එසේ නම් මෙතරම් කාලයක් ඔවුන් නැවත නොපැමිණියේ අයි? ඔවුන් මතු දිනක තම පැරණි වාසස්ථානය කරා පැමිණේද ? මෙවන් වූ දහසක් ප්‍රශ්න ලෝකයට ඉතිරි කරමින් මෙම විස්මිත ඉදි කිරීම තුර්කි බිමේ නිසලව බලා සිටී . මේවට පිළිතුරු ලබා දිය හැකේද ඉතිහාසයටම පමණි .