Social Icons

Showing posts with label විද්‍යාව හා තාක්ෂණය. Show all posts
Showing posts with label විද්‍යාව හා තාක්ෂණය. Show all posts

Tuesday, October 29, 2013

කාමුකත්වය මිනිස් පරිනාමයට සහ මිනිස් සහ-සම්බන්ධයට බලපෑ සාධකයක්

පොදුව පිළිගන්නා ජෛව විද්‍යාත්මක පරිණාමය, මිනිසාගේ මහා තාක්ෂණික පරිණාමය විස්තර කිරීමට සමත් වී නෑ - 2






"මිනිසාගේ විඥ්ඥාණය වර්ධනය වූයේ කෙසේද? එය සිදුවූයේ මෙසේයි: අප තණ පිටි වල ආහාර සොයමින් -- අල වර්ග ආදිය -- යන විට, සිලිසයිබින් අඩංගු හතු වර්ග සුළු සුළු වශයෙන් අ‍පගේ ශරීරගත වුනි. මෙය ඉතා සුළු වශයෙන් ශරීර ගතවීමක් වූ හෙයින්, මනසට කිසිදු වෙනසක් දැනීමේ හැකියාවක් නොතිබුනි (සිලිසයිබින් මනෝක්‍රියාකාරී වේ). කෙන්යාවේ බැබූනවින් සැවානා බිම් වල ඇති ගොයම් හාරවුස්සමින් යන හැටි මම දැක ඇත්තෙමි -- ගොයම් යට කෑමට පිලවු සිටින බව ඔවුහු දනිති. අපේ මුතුන්මිතෝත් ආහාර සෙවුවේද මෙපරිදිය.

Monday, October 28, 2013

පොදුව පිළිගන්නා ජෛව විද්‍යාත්මක පරිණාමය, මිනිසාගේ මහා තාක්ෂණික පරිණාමය විස්තර කිරීමට සමත් වී නෑ - 1






"ජෛව විද්‍යාත්මක පරිණාමය, මිනිසාගේ මහා තාක්ෂණික පරිණාමය විස්තර කිරීමට සමත් වී නෑ. මිනිසා එය සිදුකලේ කෙසේද? ඔහු / ඇය එය සිදුකළේ, මිනිසාට අනෙක් කිසිදු ජීවියෙකුට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ මස්තිෂ්ක ආකෘතියක් තිබූ හෙයිණි. එහෙත් එම මස්තිෂ්ක ආකෘතියෙහි ඇතිවිශ්මිත දෙය වනුයේ, එම ආකෘතිය බිහිවූයේ ඇසි පිය ගසන තරම් ප්‍රවේගයෙකින් යුතු වූ හෙයිණි -- භූවිද්‍යාමක කාලනිර්ණයට අනුව. මනුශ්‍ය මොළයෙහි විශාලත්වය දෙගුණ වී තිබුනේ අවුරැදු මිලියන දෙකකටත් වඩා අඩු කාළයකිනි"

"මිනිස් මො‍ළයේ විශාලත්වය දෙගුණ වීම, ලෝකයේ මුළු මහත් පොසිල වාර්ථාවන්ට අනුව සිදුවූ වේගවත්ව වෙනස් වීමයි. මෙය පරිණාම සංකල්පයට වැදෙන විලි ලැජ්ජා නැතිම පහරයි. අප විශේෂ තත්වයන්ට මුහුණ දී ඇති ජීවී කොට්ටාශයකි. අවුරැදු මිලියන දේසීයකට හෝ, ඇම්පිබියානුවවන්ටවත්, උරගයින්ටවත්, ක්ෂීරපායීන්ටවත්, වෙන කිසිම ජීවී වර්ගයකටවත්, මැෂීන් නිමවන භාශා කථාකරන ජීවී වර්ගයක් බවට පරණාමය වීමට නොහැකි වුනි. කිසියම් ආදීකල්පික සිදුවීමක්, අපගේ මෙම වේගවත් දියුණුවට මග පෑදුවේය..."

Saturday, August 24, 2013

නාසා විද්‍යාඥයෙක් පිටසක්වලට යාත්‍රා කිරීමට හැකි යානාවක් තැනීමේ මුල් පියවර තබයි.

අභ්‍යවකාශ යානයකට හෝ වෙනත් වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවා යාමට නොහැකි බව සාමාන්‍ය භෞතික විද්‍යාවේ මූලධර්මයකි. එහෙත් මෙම මූලධර්මයට කොකා පෙන්විය හැකි ක්‍රම දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ වෝම්හෝල් එකක් හරහා යාමය. අනෙක, අවකාශ්‍ය හැකිලීම හෙවත් "Warp" වෝප් තාක්ෂණය (තවමත් පර්යේෂණ මට්ටමේ පවතින) භාවිතා කීරීමයි. අභ්‍යාවකාශ යානා වල යාන්ත්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂයෙහි නියැලෙන නාසා විඥ්‍යාඥයෙකු වන හැරල්ඩ් "සොනී" වයිට්, ඉහත කියූ දෙවැනි ක්‍රමය යොදාගෙන, ආලෝ‍කයේ වේගය පරදවමින් ගමන් කළ හැකි යානයක් සෑදීමේ මුල් පියවර තැබීමට සූදානම් වෙනවා.


හැරල්ඩ් "සොනී" වයිට්

Thursday, August 15, 2013

විද්‍යාඥයින් මවිත කල ප්‍රශ්ණය : ඉලෙක්ට්‍රෝනයක් යනු පදාර්ථයක්ද? තරංගයක්ද?

පදාර්ථයක් කියන්නේ ඝණ දෙයක්. උදාහරණයක් හැටියට මාබල් බෝලයක් කියන්නේ ඝණ දෙයක්. ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඉතාම කුඩා පදාර්ථ අංශුවක් හැටියටයි සැළකෙන්නෙ. හරියට කුඩා මාබල් බෝලයක් වගේ.


මාබල් බෝලයක්

පොඩි පරීක්ෂණයක් කරමු. මේක ඇත්තටම භෞතික විද්‍යාඥයින් කරපු පරීක්ෂණයක්.