Social Icons

Showing posts with label ගුප්ත ලෝකයේ රහස්. Show all posts
Showing posts with label ගුප්ත ලෝකයේ රහස්. Show all posts

Monday, October 28, 2013

පොදුව පිළිගන්නා ජෛව විද්‍යාත්මක පරිණාමය, මිනිසාගේ මහා තාක්ෂණික පරිණාමය විස්තර කිරීමට සමත් වී නෑ - 1






"ජෛව විද්‍යාත්මක පරිණාමය, මිනිසාගේ මහා තාක්ෂණික පරිණාමය විස්තර කිරීමට සමත් වී නෑ. මිනිසා එය සිදුකලේ කෙසේද? ඔහු / ඇය එය සිදුකළේ, මිනිසාට අනෙක් කිසිදු ජීවියෙකුට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ මස්තිෂ්ක ආකෘතියක් තිබූ හෙයිණි. එහෙත් එම මස්තිෂ්ක ආකෘතියෙහි ඇතිවිශ්මිත දෙය වනුයේ, එම ආකෘතිය බිහිවූයේ ඇසි පිය ගසන තරම් ප්‍රවේගයෙකින් යුතු වූ හෙයිණි -- භූවිද්‍යාමක කාලනිර්ණයට අනුව. මනුශ්‍ය මොළයෙහි විශාලත්වය දෙගුණ වී තිබුනේ අවුරැදු මිලියන දෙකකටත් වඩා අඩු කාළයකිනි"

"මිනිස් මො‍ළයේ විශාලත්වය දෙගුණ වීම, ලෝකයේ මුළු මහත් පොසිල වාර්ථාවන්ට අනුව සිදුවූ වේගවත්ව වෙනස් වීමයි. මෙය පරිණාම සංකල්පයට වැදෙන විලි ලැජ්ජා නැතිම පහරයි. අප විශේෂ තත්වයන්ට මුහුණ දී ඇති ජීවී කොට්ටාශයකි. අවුරැදු මිලියන දේසීයකට හෝ, ඇම්පිබියානුවවන්ටවත්, උරගයින්ටවත්, ක්ෂීරපායීන්ටවත්, වෙන කිසිම ජීවී වර්ගයකටවත්, මැෂීන් නිමවන භාශා කථාකරන ජීවී වර්ගයක් බවට පරණාමය වීමට නොහැකි වුනි. කිසියම් ආදීකල්පික සිදුවීමක්, අපගේ මෙම වේගවත් දියුණුවට මග පෑදුවේය..."

Monday, September 2, 2013

වසර දෙදාහකට පෙර ග්‍රීසියේ හැදු ලොව පළමු පරිගණකය (1837 දී චාල්ස් බැබේජ් නොවේ)

 අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව. පහළොස් වැනි අඩිය.

ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නෙකු වන ජෝර්ජ් නූරි මෙසේ පවසනවා: "පොළොව මත හිටි පැරණි මිනිස්සු අස්වාභාවික අත්දැකීම් වින්දා. අද්භූතජනක දේවල් දැක්කා. ඒත් ඒ සිදුවීමි ගැන විස්තර, කැටයම්, සිතුවම් සහ ලියවිලි රාශියක් හැරෙන්නට අපට නැත්තටම නැතිවී ගිහින් තියෙනවා. ඒත් පැරණි මිනිස්සු අපට යම් යම් දේවල් ඉතිරි කර ගොස් තිබෙනවා. ඉතින් අපට ඇතිවෙන ප්‍රශ්ණය තමා, ඔවුන් මොන ආකාරයකට ඒවා හැදුවාද කියන එක. අද ඉන්න මිනිස්සුන්ට මේ නිර්මාණ සිදු කළේ කොහොමද කියලා තේරැම් ගන්න බෑ. ඔවුන් ඒ ගැන හොයන්න මෙච්චර ඇදී යන්නේත්, ඒවායේ තියෙන ඒ ගුප්ත බව නිසයි."

මේ පැරණි නිර්මාණ සෑදුවේ කොහොම දැයි සොයාගත්තත්, එයින් සියළුම ප්‍රශ්ණ විසදෙන්නේ නැහැ. තවත් වැදගත් ප්‍රශ්ණයක් ඉතුරැ වෙනවා -- මේවා භාවිතා කළේ මොකටද කියන ප්‍රශ්ණය. සමහර විට මේ ප්‍රශ්ණ වලට පිළිතුරැ පොළොව මත නොතිබෙනවා වෙන්න පුළුවන්.

____________________________

පැරණි ලෝකය තුළ අපි නොහිතන අන්දමේ පුදුම තාක්ෂණයන් තිබුණා යැයි කීමට ඇති සාධක බොහොමයි. එයින් එකක් තමයි, ලෝ‍කයේ පළමු යාන්ත්‍රික පරිගණකය කියා හදුන්වන, වසර දෙදාහකටත් වඩා පැරණි යන්ත්‍රය. මෙය හොයා ගත්තේ 1900 ගණන් වල මුල් භාගයේ හිටි, "ස්පොන්ජ් ඩයිවර්ස්" හෙවත් මුහුදෙන් ස්වභාවික ස්පන්ජි ලබාගැනීම සදහා කිමිදුනු කිමිදුම්කරැවන් විසිනුයි:


ස්භාවික ස්පන්ජි සහ පැරණි කිමිදුම් කට්ටලයක්

මේක හමුවුනේ, ඉවුජියන් මුහුදේ තියෙන ඇන්ටිකිතෙරා නැමති දූපත ආසන්න මුහුදු පතුලේ තිබිලායි. මේ දූපතට ආසන්නයෙනුයි ග්‍රීසිය තිබෙන්නේ. කිමිදුම්කරැවන්ට ඒ ප්‍රදේශයේ මුහුද යට, පැරණි නැවක සුන්බන් කොටස් හමුවුණා. මේ සුන්බුන් අතර තිබුණා කොරල් වලින් වැහිච්ච පෙට්ටියක්. එය හදා තිබුනේ ලෝහමය ඇලෝයි වලින්. මේ පෙට්ටිය පසුව ග්‍රීසියේ ඇතන්ස් කෞතුගාරයට ගෙනයනු ලැබුවා. ඒත් ඒ පෙට්ටිය ඇතුලේ කිසියම් පුදුමාකාර දෙයක් තියෙනවායි කියලා දැනගන්න පුළුවන් වුනේ අවුරැදු 50කට විතර පස්සේයි.

Friday, August 9, 2013

ගුප්ත ලෝකයේ රහස් - 1 මායාකරැවෝ - 3


ගුප්ත ලෝකයේ රහස් - 1 මායාකරැවෝ - 3


ඊජිප්තුවෙන් පසුව ඇරඹුණු දියුණු ශිෂ්ඨාචාරය වුනේ ග්‍රීසියයි. ඒ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ දී. මෙහි පළමුවැනි විද්‍යා ගුරැවරයා වුනේ පයිතගරස්.  අප අපට තියෙන ලිවීමේ හැකියාව, ගොඩනැගිලි, සංගීතය, අදී මේ සියල්ල බිහිකිරීමේ මූලිකත්වය ගැනීමේ ගෞරවය පයිතගරස්ට හිමිවෙනවා. තමාගේ ඥාණය ලබාගැනීමට, ඔහු ලෝකය වටා ඇවිද්දා, යටගිය ගුප්තමය රහස් සොයමින්. ඔහු ලෝකේ වටේ තැන තැන පැතිරී තිබුණු ගුප්ත විද්‍යාත්මක පාසැල් වලින් තමාගේ ඥාණයට බීජ නෙලා ගත්තා. ඊට පස්සේ ඔහු තමා සොයාගත්ත මේ සියළු දැනුම එකතු කර, තමාගේම අළුත් දර්ශණයක් නිර්මාණය කලා. ඔහු තමාගේ දර්ශණයට පදනම කරගත්තේ ගණිත සාස්ත්‍රයයි.

Thursday, August 8, 2013

ගුප්ත ලෝකයේ රහස් - 1 මායාකරැවෝ - 2

ටිකක් බෝරිං වගේ පෙනුනත්, ගුප්ත විද්‍යාව පිළිබද ඉතිහාසයත් කෙටියෙන් හරි සළකා බලන්න වෙනවා, නැත්නම් ඒක අඩුවක්.

ගුප්ත විද්‍යාව පිළිබද කථාන්තරය මුළින්ම ඇරඹෙන්නේ පෞරාණික ඊජිප්තුවෙනුයි. පැරණි ඊජිප්තු මිනිස්සු තමන්ගේ ඉතිහාසය, ආගමික මත, ජෞතිෂ්‍ය දැනුම, ජ්‍යාමිතික දැනුම ආදිය සටහන් කර තැබුවේ “හයිරොග්ලිප්ස්” නැමති රෑපමය භාශාවෙනුයි. ඔවුන් විශ්වාස කලේ, ඔවුන්ගේ දැණුම ඔවුන්ට ලැබෙන්නේ “තොත්” නැමති දෙවියන්ගෙන් බවයි.

ගුප්ත ලෝකයේ රහස් - 1. මායාකරැවෝ

අනාගතය ගැන අනාවැකි කිව හැකි හෝ අනාගතය වෙනස් කළ හැකි ගුප්ත බලවේග තිබේද? ආරෑඪයෙන් කථා කිරීම (channeling), ජෞතිෂ්‍ය, ටෙරොට් කාඩ් වලින් අනාවැකි කීම, වැනි දේ වල යෙදෙන බොහෝ දෙනෙක් ගේ කියන්නේ එවැනි බලවේග තිබෙන බවයි.

තමන්ට ගුප්ත බල තිබෙනවා යැයි කියූ එක් පුද්ගයෙක් තමයි ඇලෙස්ටර් ක්‍රෝලි. ඔහු ජීවත් වුනේ 1920 ගණන් වලයි. ඔහු කීවා, ඔහුට තමාගේ හිත ඒකාග්‍ර කරගෙන, ඕනෑම කෙනෙකු ව තමා ගේ කැමැත්තට නම්මවා ගත හැකි බව. දවසක් ඔහු තම මිතුරෙකු වූ විලියම් සීබෲක් සමග පාරේ ගමන් කරමින් සිටියා. ඔහු තම යාළුවාට කියමින් ගියේ, තමාට ඇති මේ ගුප්ත හැකියාව ගැන. ඉතිං සීබෲක් කීවා, පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න කියලා.