Social Icons

Showing posts with label පිරමිඩ වල සැගවුන රහස්. Show all posts
Showing posts with label පිරමිඩ වල සැගවුන රහස්. Show all posts

Monday, September 30, 2013

සෞරග්‍රහමණ්ඩලයේ ආකෘතියට අනුව ඉදිකළ පෞරාණික ඉදිකිරීම්.

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව, දහ හත් වැනි අඩිය


මෙක්සිකෝවේ ටියෝටිහොකාන් නැමති ස්ථානය ඉතා ගුප්ත තැනක්. මෙය ඈත පුරාණයේ නගරයක් ව පැවතුනු තැනක්. මෙහි විශේෂත්වය තමයි, නගරය තුළ ගොඩනැගිලි ඉදිකර තිබෙන ආකාරය. විශ්වාසයක් තිබෙනවා, මෙහි ගොඩ නැගිලි සහ පිරමීඩ ඉදිකර තිබෙන්නේ, අපේ සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහයින් තිබෙන රටාවට අනුව කියා -- හරියට සෞරග්‍රහමණ්ඩලයේ ආකෘතියක් වගේ.


Thursday, September 12, 2013

පැරණි ඊජිප්තුවන් ගොඩනැගිලි ආලෝක කිරීමට විදුලි බලයෙන් ක්‍රියා කළ විදුලි බල්බ පාවිච්චි කළාද?!

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව, දහසය වැනි අඩිය


ඊජිප්තුවේ ඇති, වැඩිය කවුරැත් නොදන්න ස්ථානයක් ගැනයි කියන්න යන්නේ. මේක පොළොව යට තැනූ පැරණි ගුහා පරිශ්‍රයක්. මෙය ටැන්ඩේරා යනුවෙන් හදුන්වනවා. මෙයට ඇතුළු ‍වෙන්න අවසර තිබුනේ ඉතා ඉහළ මට්ටමේ පූජකයින්ට පමණයි. මේ ගුහා තුළට කිසිම ආලෝකයක් ඇතුළු නොවෙන්න වෙන්නයි හදා තිබෙන්නේ. ඒවා ඉතා පටුයි, කළුවරයි, ඒ වගේම පහත් වහළ වලින් යුක්තයි. ඒත් මෙහි තිබෙන විශ්මිතම දේ තමා, මෙහි බිත්ති වල ඇති කැටයම් අස්සේ "ලයිට් බල්බ්" වැනි කුහුල දනවන සුළු උපාංග කැටයම් කර තිබීම.




Friday, August 30, 2013

ජෝ රෝගන් ගේ පීරමීඩ මූලධර්මය - අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව - දහතුන් වැනි අඩිය.

ප්‍රසිද්ධ ප්‍රහසන (හාස්‍ය) ශිල්පියෙකු, පොඩ්කාස්ට් මෙහෙයවන්නෙකු, "ඩී.එම්.ටී ද ස්පිරිට් මොලක්‍යුල් (DMT the Spirit Molecule)" සහ "ෆියර් ෆැක්ටර්" වැනි රෑපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙකුද වූ ජෝ රෝගන්, තම එක් ප්‍රහසනයකදී කළ හාස්‍ය කතාවක් මේ ලිපියෙදී ලියන්න හිතුනා. ඔහු අවසානයේදී පිරමීඩ ගැනත් අදහසක් ඉදිරිපත් කරනවා:

"...මොලකාරයින්ව පරදමින් මෝඩයින් ශීඝ්‍රයෙන් බෝවෙමිනුයි තියෙන්නේ. අපි හොග දෙනෙක් මෝඩයෝ -- මේක ලොකු ප්‍රශ්ණයක්. අපි කී දෙනෙක් මේක පිළිගන්න සූදානම්ද. මම දන්නවා මම මෝඩයි කියලා. ඒත් මට හම්බෙන අනික් මිනිස්සුන්ට වඩා මට මොලේ තියනව. මෝඩයින්ගේ ලක්ෂණය තමා, ඔවුන් මෝඩයි කියලා උන්ම දන්නෙ නෑ. .ගැබිණි ද නැද්ද කියලා පරීක්ෂා කිරීමට වගේ, තමන් මෝඩද නැද්ද කියලා පරීක්ෂා කරන්නත් උපකරණයක් තිබ්බා නම් හොදයි. ලෙව කාපුවම එකේ පෙන්නනවා මෝඩද නැද්ද කියලා. මෝඩයෙක් මේක ලෙව කාලා බලනවා. "මෝඩයි" කියලා එකේ පෙන්නනවා. ඒත් ඔහු/ඇය කියයි මේක හරියට වැඩ කරන් නෑ, කැඩිලා, කියලා -- පිළිගන්නෙ නෑ.

 

Thursday, August 29, 2013

පොළොවේ මුළු භූගෝලීය ස්කන්ධයේ මධ්‍ය ලක්ෂයේ ඉදිකල අභිරහස් මහා පිරමීඩය - අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව - දොලොස් වැනි අඩිය.

පිරමීඩ යනු පැරණි අභිරහසක් මෙන්ම, එය භූගෝල විද්‍යාත්මක වශයෙන් විශ්මිත ඉදිකිරීමකි. මක්නිසාද යත්, ඊජිප්තුවේ මහා පිරමීඩ ත්‍රිත්වයෙන් පළමුවැන්න ඉදිකර තිබෙන්නේ හරියටම පොළොවේ දිගම අක්ෂාංශ රේඛාව සහ දිගම දේශාංශ රේඛාව කැපෙන තැනයි. එනම්, පොළොවේ මුළු භූගෝලීය ස්කන්ධයේ මධ්‍ය ලක්ෂයේයි.





මේ බව ඔප්පුකොට පෙන්වූයේ දේවධර්මවාදියකු වූ ජෝශප් සයිස්, 1877දී. එමෙන්ම එහි මුහුණත් හතර, මාලිමාවෙහි දිශා හතර සමග හරි කෙලින් පවතිනවා. ඒත් මාලිමාව හොයාගත්තේත් පිරමීඩ ඉදිකලා යැයි කියන වකවානුවෙන් අවුරැ දාස් ගාණකට පස්සේ.

Monday, July 29, 2013

අබිරහස් ඊගිප්තු පිරමීඩ

පිරමිඩ වල සැගවුන රහස් 1

ගීසාහි පිහිටා ඇති  මහා පිරමීඩ ත්‍රිත්වය ඇතුලත්ව, ලොව  පුරා විකාශනය වී ඇති තවමත් හෙළි කර ගැනීමට නොහැකි වූ ඉතිහාසයේ  අදටත් හෙළි නොවූ තවත් එක පැතිකඩක් මේ නිසල වාස්තු විද්‍යාත්මක  නිර්මාණ මගින් හෙළි කරනු ඇත . වාස්තු විද්වතුන්  ගුප්ත දෑ  පිළිබද සොයන්නන් මෙන්ම තාරකා විද්වතුන් මේ නිසල පිරමීඩ සිසාරා සැගවී ගියා වූ ඒ අතීතය හාර අව්ස්සා බලයි.