Social Icons

Showing posts with label පිටසක්වල ජීවින්. Show all posts
Showing posts with label පිටසක්වල ජීවින්. Show all posts

Saturday, November 9, 2013

ප්ලීඩියස් තරැ රාශිය සමග සමාන හැඩක් ගන්නා ට්කාල් පිරමීඩ

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව, දහ හට වැනි අඩිය

පසුගිය ලිපි වලින් අපි කථා ට්කාල් රජුගේ ගේ යෝධ ශෛලමය පිරමීඩ ගැන. සමහර විද්‍යාඥයින්ට අනුව, ටිකාල් ගේ පිරමීඩ, මායානු කැලැන්ඩරය නිමවීම පිණිස විශාල ආධාරයක් වී තිබෙනවා. මෙම පිරමීඩ වල මුදුන් යා කිරීම මගින්, ලග එන ආකාශ්මික සිදුවීම් (විෂුවය, සූර්ය නිවෘත්තිය, ආදිය) නිර්ණය කිරීමට හැකියාවක් තිබුනා. එමෙන්ම තවත් විශ්මයජනක දෙයක් වන්නේ, මේ පිරමීඩ වල සැළැස්ම, අකාශයෙහි ඇති  ප්ලියඩීස්-ඔරයන් ප්‍රදේශය (පිටසක්වල ජීවීන්ගේ ග්‍රහලෝක මෙම ප්‍රදේශයේ ඇතැයි සැලකේ) සමග ඒකාත්මික හැඩයක් ගැනීම.

 

තවද ට්කාල් ගේ පිරමීඩ වල සැළැස්ම, අගහරැ මත ඇති භූමි නිර්මාණයකටද සමානුපාතික බව වාර්ථා ලගදී වාර්ථා වූවා.



ස්ථාන තුනක, ට්කාල්ගේ පිරමීඩ සැළැස්ම හමුවී තිබේ. මෙය අහඹුවක්ද නැතිනම් සිතා සැළසුම් කළ ඉදිකිරීමක්ද? ට්කාල් පරපුරෙන් එන ජනකථා සහ විශ්වාස වලට අනුව, පිටලෝකයකින් පැමිණි දෙවිවරැන් විසින් තමන් ගේ නිර්මාණ ආදිය සමග ඒකාත්මික වී තිබෙනවා.

අනෙක් අතට, ට්කාල් වැනි ආදී පරපුරක මිනිසුන්ට මෙවැනි සුක්ෂම ආකාරයේ ආකෘතියකට පිරමීඩ ඉදිකිරීමට අද තිබෙනවා වැනි GPS වැනි තාක්ෂණයන් තිබුනේ නැහැ. මෙහෙයින්, ඔවුන් හුදෙක් ගල් පිරමීඩ හිතෙන හිතෙන තැන් වල ඉදිකල ගල් වැද්දන් ලෙස අපට හදුන්වන්න බැහැ. ඔවුන්ට පුළුවන් වුනා ආකාශය හරහා හිරැගේ හා සදුගේ ගමන් මග ගණනය කර කීමට. ඔවුන් තාරකා වලින් අද GPS එකක් පාවිච්චි කිරීමෙන් මෙන් යන එන මං හොයා ගත්තා. එමෙන්ම එම දත්ත වලින් ඔවුන් කුඹුරැ අස්වැද්දිය යුතු කාලවල් ආදිය ගණනය කළා. අද අපි සාමාන්‍යයෙන් ආකාශය ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. එහෙත් ඔවුන් ට ආකාශය යනු තාරකා වලින් බැබලෙන මහා කාලවර්ණ අවකාශයක් වුනා. අද අපට විදුලි බුබුළු ආලෝකයෙන්, පරිගණක, රෑපවාහිනී, GPS වලින් පිරි ලෝකයේ, මෙම ආකාශය සත්‍ය පරිදි දැකීමට හෝ එහි සුන්දරත්වය සහ විශ්මය අත්විදීමට හැකියාවක් නැහැ.


==============================================================

පිටසක්වල ජීවීන්, පුනර්භවය, භූතාත්ම ආදී මෙම බ්ලොගයෙහි සදහන් නොයෙක් ලිපි වල අඩංගු කරැණු සම්බන්ධයෙන්ද ඔබට පරිභව සහ අසබ්භ්‍ය බැනුම් ආදිය ඇති නම්, ඒවා මතු දැක්වෙන බ්ලොග් පිටුවෙහි සදහන් සහ සදහන් කිරීමට හැකි නොවූ (ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වේ) විද්‍යාඥයින් ආදී පුද්ගලයින් වෙත යොමු කරන්න: "http://www.vismitha.com/2013/08/1_22.html" මක්නිසාද යත්, එම අදහස් බොහොමයක් අපගේ ඒවා නොවන හෙයින්ද, ඔවුන් ඒ පිළිබද නිගමන වලට පැමිණ ඇත්තේ දීර්ඝ පර්යේෂණ වල යේදීමෙන් බවද, ඔවුන් කටට එනවාට අදහස් පළ කරන සමහර කොමෙන්ට් කරැවන් බදු කිසිදු විද්‍යාත්මික හෝ ආගමික අධ්‍යනයක් හෝ පර්යේෂණයක් සිදු නොකළ හුදෙක් කටමැත දොඩන අයවළුන් නොවන බවද, මා සළකන හෙයිනි.‍

==============================================================


Monday, September 30, 2013

සෞරග්‍රහමණ්ඩලයේ ආකෘතියට අනුව ඉදිකළ පෞරාණික ඉදිකිරීම්.

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව, දහ හත් වැනි අඩිය


මෙක්සිකෝවේ ටියෝටිහොකාන් නැමති ස්ථානය ඉතා ගුප්ත තැනක්. මෙය ඈත පුරාණයේ නගරයක් ව පැවතුනු තැනක්. මෙහි විශේෂත්වය තමයි, නගරය තුළ ගොඩනැගිලි ඉදිකර තිබෙන ආකාරය. විශ්වාසයක් තිබෙනවා, මෙහි ගොඩ නැගිලි සහ පිරමීඩ ඉදිකර තිබෙන්නේ, අපේ සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහයින් තිබෙන රටාවට අනුව කියා -- හරියට සෞරග්‍රහමණ්ඩලයේ ආකෘතියක් වගේ.


Tuesday, September 10, 2013

නැපෝලියන්ගේ ඔළු කට්ට ඇතුලේ තිබී පැරණි මයික්‍රොචිපයක් හොයාගෙන




පසුගියදා, ප්‍රංශයේ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් ගේ හිස් කබල පරීක්ෂණයට ලක් කළ විද්‍යාඥයින්, ඔහු ගේ හිස තුළින් හමුවූ මයික්‍රොචිපයක් නිසා ඉමහත් විමතියට පත් වී තිබෙනවා.

මේ සදහා කිසිදු පැහැදිලි කිරීමක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන අතර, ඔවුන්ගේ අවසන් නිගමනය වී ඇත්තේ මෙය පිටසක්වල ජීවීන් විසින් නැපෝලියන්ගේ හිස තුළ තැන්පත් කරන්නට ඇති බවයි! මන්දයත්, පිටසක්වල ජීවීන් පැහැරගෙන ගියා යැයි කියන ඇතැම් මිනිසුන්ගේ සිරැරැ තුළින් මෙවැනි චිප හමුවූ බවට වාර්ථා වන බැවිනි. එහෙත් පිළිගත් විද්‍යාඥයින් මෙවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කළ වාරයන් ඉතා විරලය. එහෙයින් මෙය සුළු කොට තැකිය හැක්කක් නොවේ.

Monday, September 2, 2013

වසර දෙදාහකට පෙර ග්‍රීසියේ හැදු ලොව පළමු පරිගණකය (1837 දී චාල්ස් බැබේජ් නොවේ)

 අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව. පහළොස් වැනි අඩිය.

ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නෙකු වන ජෝර්ජ් නූරි මෙසේ පවසනවා: "පොළොව මත හිටි පැරණි මිනිස්සු අස්වාභාවික අත්දැකීම් වින්දා. අද්භූතජනක දේවල් දැක්කා. ඒත් ඒ සිදුවීමි ගැන විස්තර, කැටයම්, සිතුවම් සහ ලියවිලි රාශියක් හැරෙන්නට අපට නැත්තටම නැතිවී ගිහින් තියෙනවා. ඒත් පැරණි මිනිස්සු අපට යම් යම් දේවල් ඉතිරි කර ගොස් තිබෙනවා. ඉතින් අපට ඇතිවෙන ප්‍රශ්ණය තමා, ඔවුන් මොන ආකාරයකට ඒවා හැදුවාද කියන එක. අද ඉන්න මිනිස්සුන්ට මේ නිර්මාණ සිදු කළේ කොහොමද කියලා තේරැම් ගන්න බෑ. ඔවුන් ඒ ගැන හොයන්න මෙච්චර ඇදී යන්නේත්, ඒවායේ තියෙන ඒ ගුප්ත බව නිසයි."

මේ පැරණි නිර්මාණ සෑදුවේ කොහොම දැයි සොයාගත්තත්, එයින් සියළුම ප්‍රශ්ණ විසදෙන්නේ නැහැ. තවත් වැදගත් ප්‍රශ්ණයක් ඉතුරැ වෙනවා -- මේවා භාවිතා කළේ මොකටද කියන ප්‍රශ්ණය. සමහර විට මේ ප්‍රශ්ණ වලට පිළිතුරැ පොළොව මත නොතිබෙනවා වෙන්න පුළුවන්.

____________________________

පැරණි ලෝකය තුළ අපි නොහිතන අන්දමේ පුදුම තාක්ෂණයන් තිබුණා යැයි කීමට ඇති සාධක බොහොමයි. එයින් එකක් තමයි, ලෝ‍කයේ පළමු යාන්ත්‍රික පරිගණකය කියා හදුන්වන, වසර දෙදාහකටත් වඩා පැරණි යන්ත්‍රය. මෙය හොයා ගත්තේ 1900 ගණන් වල මුල් භාගයේ හිටි, "ස්පොන්ජ් ඩයිවර්ස්" හෙවත් මුහුදෙන් ස්වභාවික ස්පන්ජි ලබාගැනීම සදහා කිමිදුනු කිමිදුම්කරැවන් විසිනුයි:


ස්භාවික ස්පන්ජි සහ පැරණි කිමිදුම් කට්ටලයක්

මේක හමුවුනේ, ඉවුජියන් මුහුදේ තියෙන ඇන්ටිකිතෙරා නැමති දූපත ආසන්න මුහුදු පතුලේ තිබිලායි. මේ දූපතට ආසන්නයෙනුයි ග්‍රීසිය තිබෙන්නේ. කිමිදුම්කරැවන්ට ඒ ප්‍රදේශයේ මුහුද යට, පැරණි නැවක සුන්බන් කොටස් හමුවුණා. මේ සුන්බුන් අතර තිබුණා කොරල් වලින් වැහිච්ච පෙට්ටියක්. එය හදා තිබුනේ ලෝහමය ඇලෝයි වලින්. මේ පෙට්ටිය පසුව ග්‍රීසියේ ඇතන්ස් කෞතුගාරයට ගෙනයනු ලැබුවා. ඒත් ඒ පෙට්ටිය ඇතුලේ කිසියම් පුදුමාකාර දෙයක් තියෙනවායි කියලා දැනගන්න පුළුවන් වුනේ අවුරැදු 50කට විතර පස්සේයි.

Saturday, August 31, 2013

තඹයුගයේ හිටි අයිමාරා ගෝත්‍රිකයින්, නවීන විද්‍යාවෙන් වත් කිරීමට බැරි තාක්ෂණික විශ්වකර්ම සිදු කලාද? - අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව. දහ හතර වැනි අඩිය

පිරමීඩ හැර, ලෝකේ අභිරහස් ඉදිකිරීම් බොහෝ ගණනක් තිබෙනවා. එයින් එකක් තමා පැසිපික් සාග‍රේ තියෙන ඊස්ටර් දූපතේ ඇති "මෝවායි" නැමති ශෛලමය ප්‍රතිමා රැස. මේ ප්‍රතිමා, ඊස්ටර් දූපත වෙරළ දිගේ හිටගෙන, ඒ වෙරල ආරක්ෂා කරනවා:

 



 




මේ ප්‍රතිමා හදා තිබෙන්නේ අවුරැදු දාස් ගාණක් පවතින විදියටයි. පිරමීඩ වගේම, ඒවා හදා තියෙන්නේ ටොන් ගණනාවක් බර ගල් කුට්ටි කපලා. මේවා හදපු මිනිස්සු මේවා හැදුවේ මොකටදැයි තාම කිසිවෙක් හරියටම හොයාගෙන නෑ. ඊජිප්තුවේ පිරමීඩ වල නම් මොනවා හෝ ලියවිලි හරි තියෙනවා. ඒත් මේ ඊස්ටර් දූපතේ වල, වර්ථමාන මිනිසාට හෝඩුවාවක් ලබා ගැනීමට ලියවිල්ලක් වත් නැහැ.

Friday, August 30, 2013

ජෝ රෝගන් ගේ පීරමීඩ මූලධර්මය - අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව - දහතුන් වැනි අඩිය.

ප්‍රසිද්ධ ප්‍රහසන (හාස්‍ය) ශිල්පියෙකු, පොඩ්කාස්ට් මෙහෙයවන්නෙකු, "ඩී.එම්.ටී ද ස්පිරිට් මොලක්‍යුල් (DMT the Spirit Molecule)" සහ "ෆියර් ෆැක්ටර්" වැනි රෑපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙකුද වූ ජෝ රෝගන්, තම එක් ප්‍රහසනයකදී කළ හාස්‍ය කතාවක් මේ ලිපියෙදී ලියන්න හිතුනා. ඔහු අවසානයේදී පිරමීඩ ගැනත් අදහසක් ඉදිරිපත් කරනවා:

"...මොලකාරයින්ව පරදමින් මෝඩයින් ශීඝ්‍රයෙන් බෝවෙමිනුයි තියෙන්නේ. අපි හොග දෙනෙක් මෝඩයෝ -- මේක ලොකු ප්‍රශ්ණයක්. අපි කී දෙනෙක් මේක පිළිගන්න සූදානම්ද. මම දන්නවා මම මෝඩයි කියලා. ඒත් මට හම්බෙන අනික් මිනිස්සුන්ට වඩා මට මොලේ තියනව. මෝඩයින්ගේ ලක්ෂණය තමා, ඔවුන් මෝඩයි කියලා උන්ම දන්නෙ නෑ. .ගැබිණි ද නැද්ද කියලා පරීක්ෂා කිරීමට වගේ, තමන් මෝඩද නැද්ද කියලා පරීක්ෂා කරන්නත් උපකරණයක් තිබ්බා නම් හොදයි. ලෙව කාපුවම එකේ පෙන්නනවා මෝඩද නැද්ද කියලා. මෝඩයෙක් මේක ලෙව කාලා බලනවා. "මෝඩයි" කියලා එකේ පෙන්නනවා. ඒත් ඔහු/ඇය කියයි මේක හරියට වැඩ කරන් නෑ, කැඩිලා, කියලා -- පිළිගන්නෙ නෑ.

 

Thursday, August 29, 2013

පොළොවේ මුළු භූගෝලීය ස්කන්ධයේ මධ්‍ය ලක්ෂයේ ඉදිකල අභිරහස් මහා පිරමීඩය - අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව - දොලොස් වැනි අඩිය.

පිරමීඩ යනු පැරණි අභිරහසක් මෙන්ම, එය භූගෝල විද්‍යාත්මක වශයෙන් විශ්මිත ඉදිකිරීමකි. මක්නිසාද යත්, ඊජිප්තුවේ මහා පිරමීඩ ත්‍රිත්වයෙන් පළමුවැන්න ඉදිකර තිබෙන්නේ හරියටම පොළොවේ දිගම අක්ෂාංශ රේඛාව සහ දිගම දේශාංශ රේඛාව කැපෙන තැනයි. එනම්, පොළොවේ මුළු භූගෝලීය ස්කන්ධයේ මධ්‍ය ලක්ෂයේයි.





මේ බව ඔප්පුකොට පෙන්වූයේ දේවධර්මවාදියකු වූ ජෝශප් සයිස්, 1877දී. එමෙන්ම එහි මුහුණත් හතර, මාලිමාවෙහි දිශා හතර සමග හරි කෙලින් පවතිනවා. ඒත් මාලිමාව හොයාගත්තේත් පිරමීඩ ඉදිකලා යැයි කියන වකවානුවෙන් අවුරැ දාස් ගාණකට පස්සේ.

Thursday, August 22, 2013

පැරණි මිනිසා පිටසක්වල ජීවීන් සමග සම්බන්ධතා පැවැත්වූවා යැයි පිළිගන්නා විද්වතුන් (1). අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. දොළොස් වැනි අඩිය.

පසුගිය "අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව" ලිපි සියල්ලේම අප "ගවේශකයින්", "විද්‍යාඥයින්", "පැරණි පිටසක්වල ජීවීන් ගැන විශ්වාස කරන්නන්" යනාදී වශයෙන් පුද්ගලයින්ව හැදින්වූවා. ඔබ බලනවා වෙන්න පුළුවන් කවුද මේ නමක් නැති පුද්ගලයින් කියා. මේ ලිපියේදී මුළින්ම අප ඒ හැදින්වූ කීපදෙනෙක් ගැන දැනගනිමු.


Thursday, August 15, 2013

ගීසා හි පිරමීඩය සැදුවේ පිටසක්වල ජීවීන්ද? (1). අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. එකොලොස් වැනි අඩිය.

අවසාන ලිපියේදී අපි කීවා, ගීසා හි පිරමීඩය ගැන කතා කරන බව.


ගීසා පිරමීඩය කියන්නේ, ඊජිප්තුවේ තිබෙන විශාලම සහ ප්‍රධානම පිරමීඩයයි. ඒත් මේක හදන්න අවුරැදු 22ක් පමණක් ගිය බවයි සදහන් වෙන්නේ. හදා ඉවර වෙලා තියෙන්නේ ක්‍රි.පූ 2560 දී. ඒත් සමහර ගවේශකයින්ට සහ විද්‍යාඥයන්ට මේකේ පරහක් පෙනුනා. ඔවුන්ගේ අදහසේ හැටියට මේ පිරමීඩය අවුරැදු 22කින් හදා ඉවර කරන්න නම්, ඒක් තියන හැම යෝධ ගලක්ම තප්පර නවයකදී හදා ඉවර කරන්න ඕන. ඒ කියන්නේ, තප්පර නමයකින් ගල කපලා, ඒක පිරමීඩය හදන තැනට ගෙනල්ලා, පිරමීඩයේ නිසි තැනට ඒක සවි කරන්න ඕන. මේක වර්ථමාන ඉංජීනේරැවන්ට වත් කරන්න බැරි දෙයක්. සමහරැ කියනවා මේක හදන්න පිටසක්වල ජීවීන් ආධාර කළා කියලා. තව අදහසක් තමා, මේ යෝධ ගල් ඉහළට එසෙව්වේ

Monday, August 12, 2013

ඇන්ටාක්ටික්වේ අයිස් තට්ටුව යටින් ඇති භූමිය චිත්‍රණය කළ පුදුම එලවන පෞරාණික සිතියම.

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. දහවැනි අඩිය

1929 දී ඉතිහාසඥයන් හොයාගත්තා පැරණි සිතියමක්. මේක ඇදලා තිබුණේ ගිසෙල් මුව හමක.


ගිසෙල් හමක ඇදි සිතියම

ඔවුන් මේ සිතියමේ සම්භවය බලාගෙන ඉතිහාසයේ ආපස්සට යනකොට,  16 වැනි සියවසේ තුර්කි අද්මිරාල් කෙනෙකු වූ පියරි රීස් ගේ භාරයේ මේක තිබුණු බව ඔවුන් සොයාගත්තා. ඒත් 16 වැනි සියවසේ තිබුණු සිතියම් වලට මේක සමාන නොවුනේ, ඒ සිතියම් වල තාමත් සොයා නොගැනී තිබූ භූමි ප්‍රදේශ, මේ මුව හම් සිතියමේ තිබුණු නිසා. අද ඇන්ටාක්ටිකාවේ හිමෙන් වැසී ඇති භූමිය (අයිස් වලට යටින් ඇති භූමිය) එහි පැහැදිලිව චිත්‍රණය කර තිබුණා.

මිනිසෙකු අනතුරකින් ගලවන අභිරහස් ජීවියකු ආරක්ශක කෑමරා වීඩියොවකට හසුවෙයි


පිටසක්වල ජීවින්, 


අද මෙ කියන්න යන්නෙ චීනයෙ ආරක්ශක කෑමරවක සටහන් උන පිටසක්වල ජීවියෙක් ගෑන. මෙය පිටසක්වලින් ආපු කෙනෙක් වෙන්න ගොඩාක් දුරට ඉඩ තියනවා ඊට අමතරව මෙයා මනසික හකියාව දියුනු කරපු මෙ සක්වල කෙනෙක් වෙන්නත් පුලුවන්

Sunday, August 11, 2013

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. නවවැනි අඩිය - පැරණි ගගණගාමී රෑප - 3

අවසාන ලිපියේදී කීවේ, පැරණි ගගණගාමියෙකුගේ පැහැදිලිම රෑපයක් තියෙන තැනක් ගැන සළකා බලනවා කියලානේ. මේක තියෙන්නේ, මායානු ශිෂ්ඨාචාරයට අයත් "පැලැන්කේ" නැමති පුරාවිද්‍යාත්මක අඩවියේ. මේක වසර ගණනක් කැලෑවට යටවී තිබී, ස්පාඥ්‍ය ගවේශකයින් විසින් නැවත සොයාගත් එකක්. මෙහිත් යෝධ පිරමීඩ දකින්න පුළුවන්,


                                                                     පැලැන්කේ පිරමීඩ


Wednesday, August 7, 2013

වසර දහස් ගණනකට එපිට විසු මුතුන් මිත්තන් ගගන ගාමින්ගේ රූප සිතුවම් කලේ කෙසේද? - 2


අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.
අටවැනි අඩිය - පැරණි ගගණගාමී රෑප - 2

මීට පෙර ලිපිය තව ඉදිරියට අරගෙන යන්නයි මේ සූදානම. අපි තවත් පැරණි ආකෘතියක් ඉදිරිපත් කරනවා. මේ ආකෘතියෙන් පෙන්නන්නේ, කිසියම් යානයක් තුළ ඉදගෙන ඉන්න මිනිසෙකුවයි -- එහෙම නැත්තම් පිටසක්වලිකයෙකුවයි.


වසර දහස් ගණනකට එපිට විසු මුතුන් මිත්තන් ගගන ගාමින්ගේ රූප සිතුවම් කලේ කෙසේද?

 පිටසක්වල ජීවීන්  6

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.හයවැනි අඩිය - පැරණි ගගණගාමී රෑප

එක රෑපයක් වචන දාහක් වටී කියලා කියනවනේ. ඉතිං පැරණි බිතු සිතුවම් සහ අඹාපු රෑප ගැන පොඩ්ඩක් හොයා බලමු. පහල තියෙන්නේ එහෙම අඹාපු රෑප සහ ගුහා වල ඇද තිබූ චිත්‍ර කීපයක්. මේවා ඉතාමත් පෞරාණිකයි.

Thursday, August 1, 2013

ඉතිහාසයේ එන දෙවිවරු හා දේව විමාන යනු මොනවාද ?

පිටසක්වල ජීවින් 6
අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.හයවැනි අඩිය - දෙවිවරැ සහ විමාන

පුදුමෙ කියන්නේ, හැම ආගමකම පැරණි ලියවිලි වල තියනව නොවැ මේ අහසින් දෙවිවරැ වැඩිය කතාව. අහසින් දෙයියෝ ඇවිල්ලා, මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕන හැටි කියලා දුන්නා කියලා හැම ආගමකම ලියවිලා තියනවා. එක සමාන අදහස් මේවා. 


දෙවිවරැ වැඩියා. වැඩලා මිනිස්සුන්ට විධාන දුන්නා, දේසනා කලා. එහෙම ටික කාලයක් ඉදලා ඔවුන් යන්න යනවා. හැබැයි යන්නේ, ආය දවසක ආපහු එන්න මිනිස්සුන්ට පොරොන්දුවක් දීලා (ඒකනේ මිනිස්සු ගැලවුම්කාරයෙක් එනකං බලාගෙන ඉන්නේ. ක්‍රිස්තියානි අය ක්‍රිස්තු ආය එනව කියලා විස්වාස කරනවා. බුද්ධාගමේ අය ඊළග බුදු කෙනෙක් ගැන විස්වාසේ තියාගෙන ඉන්නවා. එහෙම.).
පැරණි මිනිස්සු මේ දෙවිවරැ සහ ඔවුන්ගේ යානා ගැන ලියපු තැන බොහොමයක් තව තියනවා. එකක් තමා, පැරණි සංස්කෘත ලියවිලි වල ලියලා තියෙන “විමාන” කියලා හදුන්වන යානාවල්. මේ ලියවිලි අවුරැදු 5000කටත් එහා ලියාපු ඒවා. “භගවත් පුරාණා” කියලා පෞරාණික සංස්කෘත පොතක් තියනවා. එකේ තියනවා එක පියාඹන යානාවක් ගැන. ඒකේ නියමුවා වුනේ “ශල්වා” කියලා රජ කෙනෙක්. යානාව ලෝහමය එකක් කියලත්, ඒකට එක පාර තැන් දෙකක පෙනී හිටින්න පුළුවන් කියලත්, ඒක “සමනලයෙක්” වගේ පියෑඹුවා කියලත් පොතේ තියෙනවා. මේ විස්තර කිරී‍ම්, අද කාලයේ මිනිස්සුන්ට අහසේ පේන පියාඹන පිරිසි සහ යානා වල විස්තර කිරීම් වලට බොහොම සමානයි.
ඒ වගේම මහායානය, ඍග්වේදය, රාමායනය වගේ පොත් වලත් තියනවා මේ “විමාන”ගැන විස්තර. මේවා අඩි දාහක් විතර යෝධ යානා බව ඒවායේ සදහන් කරලා තියෙනවා.




මේ සමහර විමාන වලට පුළුවන් එලියක් විහිදෝලා, ඒකෙන් ඒ එළිය වැටෙන වස්තුව සුනු විසුනු කරලා නැත්තම් දිය කරලා දාන්න. මේ විමාන වල නැගලා, දෙවිවිරැ එකිනෙකා සමග හටන් කරගෙන, නගර පවා සුනු විසුනු කර දැම්මා කියලා කියවෙනවා. පුදුමේ කියන්නේ, අනෙක් රටවල් වල කෙසේ වුනත්, ඉන්දියාවේ නම් අද වුනත් මේ පැරණි කථා, හින්දු ආගම අදහන මිනිස්සු තර්කයක් නොකරම විස්වාස කරන එක.

මීලග කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න... 1x1 29.30 

පිටසක්වලයින් විසින් රැගෙන ගිය ඉනෝක්

පිටසක්වල ජීවින් 5
අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. - පස්වැනි අඩිය - ඉනොක්

පැරණි කාලේ හිටපු තව පුදුම මනුස්සයෙක් තමා “ඉනොක්” කියන්නේ. බයිබලේ නම් ඔහු ගැන සදහන් වෙන්නේ එක වතාවයි. ඒ වුනත් “ඉනොක් ගේ පොත” නමින් ඔහු ලියපු පොතක් පවා තියනවා. ඔහු තමා මනුස්ස ඉතිහාසේ මුලින්ම, ප්‍රථම පුරැෂයෙන් පොතක් ලියුවේ -- ඒ කියන්නේ, ‘මම’ දැක්කා, ‘මම’ හිටියා, කියල එහෙම. මේ පොතේ හැටියට, ඉනොක් කියන්නේ නෝවා ගේ (නෝවා දන්නවනේ -- දෙයියෝ ලෝකේ විනාස කරන්න කලින් නෝවාට තමා කීවේ, අර නැවක් හදලා, ලෝකේ ඉන්න හැම සතෙක් ගෙන්ම දෙන්න දෙන්නා ගානේ ඒකේ දාගන යන්ඩ කියලා)  පුරාණ මීමුත්තෙක්. ඔහු පොතේ විස්තර කරනවා,

Wednesday, July 31, 2013

පිටසක්වල ජීවීන් ගැන බයිබලයේ සාක්ෂි

පිටසක්වල ජීවීන්  4


අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.හතරවැනි අඩිය 
පැරණි මිනිස්සු  පිටසක්වලින් ආපු මිනිස්සුන්ව දෙවියෝ විදියට ඇදහුවා නම්, ඒ ගැන කොහේ හරි ලියවිල වත් තියෙන්න ඕන නේද? තියනව තමයි. අත ලගම තියනව. බයිබලය අතට ගන්න! බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ (පැරණි තෙස්තමේන්තුව කියන්නේ, දෙවියන් පොළොව මවපු හැටි එහෙම ලියවිලා තියන පොත, අළුත් තෙස්තමේන්තුව කියන්නේ, ජේසුගේ කතන්දරේ එහෙම ලියවිලා තියන පොත) තියනවා, කීප විටක්ම දිවියෝ සහ දේවදූතයෝ පොළොවට ගොඩබැස්ස බව. මෙහෙම ගොඩ බහිනකොට සමහර වෙලාවට, විශාල ශබ්ධයක් එක්ක ලොකු වලාකුළක් ඇති වුණා කියලා ඒකේ තියෙනවා.
 

වසර දහස් ගණනකට පෙර නාස්කා කාන්තාරයේ තැනු ගුවන් පථය

පිටසක්වල ජීවින් 3

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. තෙවැනි අඩිය


තඩි රෑප විතරක් නෙවේ නාස්කා ප්‍රදේශයේ පුදුමයකට තියෙන්නේ. පහලින් පේන පින්තූරේ තියන කන්ද සමතලා කරලා කියෙන්නේ කෘත්‍රිමව -- මේක ස්වභාවිකව සිද්ද වුනු ‍එකක් කීවැකිද? බලන්න, සමතලා කන්ද වටේ තියෙන අනෙක් කදු ස්වභාවික විදියට තියෙනවා, ස්වභාවික කෝනාකාර හැඩයට. ඒත් මේ කන්ද විතරක්, බටර් කපන්නා වගේ මැදින් කපලා දාලා -- ඒකත් මීට අවරැදු සිය දාස් ගානකට එහා. කපලා දාපු කන්ද උඩ මොනාද තියෙන්නේ? ගුවන් යානා ගොඩ බස්සන්න හදාපු මාර්ග පථ වගේ ඉදිකිරීම්.
එතකොට මේ කන්ද සමතලා කරනකොට කපපු පස් වලට මොකද උනේ? ඒවා හොයාගන්න තාම හම්බෙලා නෑ. පහල නිම්නයට ඒවා වැටිලා නෑ, ඒ ප්‍රදේශයේ කොහේවත් ඒවා හොයාගන්න නෑ. මොකද ඒවට උනේ?
 

Monday, July 29, 2013

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. දෙවැනි අඩිය

පිටසක්වල ජීවින් 2


එමෙන්ම ගුවනින් යනකොට පේනවා වෙනත් අතිවිශාල රෑප ඇදලා තියෙන හැටි. මාළුන්ගෙ පින්තූර, වදුරෝ, මකුළුවො, මානවකල්පිත (මිනිස්සු පරිනාමය වුනු) වානරයෝ. මේ හැම එකක් ම පේන්නේ උඩින් පියාසර කරොත් විතරයි. ඒකයි මේකේ හද්ද පුදුමේ. මේවා හදා තියෙන්නේ අවුරැදු සිය දාස් ගානකට උඩදී. සමහර විට එදා මිනිස්සු මේවා හදන්න ඇත්තේ, තමන් පොලොව මත ඉන්නවා කියලා උඩ ඉන්න කාට හරි කියන්න පුළුවන්. සමහරැ නම් කියන්නේ මේවා යෝධ වාරිවාර්ග ඇලවල්, නැත්තම් යෝධ නක්ෂත්‍ර සිතියම් කියලා. එහෙම නැතිනම්, ආගමික වතාවත් වලදී යොදාගත්ත පාරවල් කියලා.

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.

පළමුවැනි අඩිය                                                                                                  පිටසක්වල ජීවින් 1


1960 යේ ජූලි 20 වැනිදා, අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රෝං සහ බස්z ඔල්ඩ්‍රින් සද මත පළමු වරට පා තැබූවා -- හරියට පිට ලෝකෙකින් පොලොවට ජීවීන් ගොඩ බැස්සා වගේ වැඩක්. මිනිසාට හද මතට යන්න පුළුවන් නම්, ඇයි වෙනත් ලෝකෙක ජීවීන්ට පොළොවට එන්න බැරි?

මෑත කාලයේ පියාඹන පිරිසි හෙවත් UFOs දර්ශණය වීම වැඩි වන අතරේ, ටිකෙන් ටික අළුත් මතවාදයක් ගොඩනැගුනා. ඒක තමා, පුරාණ කාලයේ දී පිට ලෝක වලින් පොළොවට ජීවින් ආපු බව. ඒ වගේම, පැරණි කාලයේ හිටි මිනිස්සු ඔවුන්ව දෙවිවරැන් විදියට සළකපු බව. ඒත් මෙහෙම කියන්න සාක්ෂි තියෙනවද? බලාගෙන ගියාම තියනවා අම්බානකට තියනවා වගෙයි පේන්නේ. මේ දීර්ඝ ලිපි පේලිය කියවගෙන යනකොට ඒ හැම එකක්ම හැම දෙනෙකුටම දැනගන්න පුළුවන් වේවි. ඇත්තෙන්ම කීවොත්, සාක්ෂි ලෝකේ හතර දිග් බාගේම තියනවා. කරන්න තියන එකම දේ තමා, ඔය තියව අවිස්වාසවල් පොඩ්ඩකට පැත්තක කියලා, මේ කියන දේවල් වලට ඇස් කන් ඇරගෙන ඉන්න එක.