Social Icons

Wednesday, August 7, 2013

වසර දහස් ගණනකට එපිට විසු මුතුන් මිත්තන් ගගන ගාමින්ගේ රූප සිතුවම් කලේ කෙසේද? - 2


අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.
අටවැනි අඩිය - පැරණි ගගණගාමී රෑප - 2

…මීට පෙර ලිපිය තව ඉදිරියට අරගෙන යන්නයි මේ සූදානම. අපි තවත් පැරණි ආකෘතියක් ඉදිරිපත් කරනවා. මේ ආකෘතියෙන් පෙන්නන්නේ, කිසියම් යානයක් තුළ ඉදගෙන ඉන්න මිනිසෙකුවයි -- එහෙම නැත්තම් පිටසක්වලිකයෙකුවයි.


ග්‍රීන් කාසල් හි චායාරුපයට නැගුන අද්බුත රෝස කාන්තාව

අත්භූත 1

සුරුපිනියකගේ අබිරහස් රුව කැමරාවක සටහන් වුනේ කෙසේද ?

පහත දැක්වෙන චායාරුපයෙන් දැක්වෙන්නේ ග්‍රීන් කාසල්හි ඔ හෙයාර් නම් ප්‍රාසාදයේ චායරුපයකි. චායරුපය ගත පුද්ගලයා වෙත පැමිණි ඔහුගේ මිතුරෙකු ප්‍රකාශ කලේ මීට පෙර දිනයක තමන් හා තම පෙම්වතිය මෙම ප්‍රාසාදය කරා ගිය බවත්  එහි සිදුවූ යම් යම් අබිරහස් දේවල් නිසා තමන් හා තම පෙම්වතිය දැඩි භීතියට පත්ව එම ස්ථානයෙන් පිටවු බවත්ය .

වසර දහස් ගණනකට එපිට විසු මුතුන් මිත්තන් ගගන ගාමින්ගේ රූප සිතුවම් කලේ කෙසේද?

 පිටසක්වල ජීවීන්  6

…අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.හයවැනි අඩිය - පැරණි ගගණගාමී රෑප

එක රෑපයක් වචන දාහක් වටී කියලා කියනවනේ. ඉතිං පැරණි බිතු සිතුවම් සහ අඹාපු රෑප ගැන පොඩ්ඩක් හොයා බලමු. පහල තියෙන්නේ එහෙම අඹාපු රෑප සහ ගුහා වල ඇද තිබූ චිත්‍ර කීපයක්. මේවා ඉතාමත් පෞරාණිකයි.

Thursday, August 1, 2013

ඉතිහාසයේ එන දෙවිවරු හා දේව විමාන යනු මොනවාද ?

පිටසක්වල ජීවින් 6
අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.හයවැනි අඩිය - දෙවිවරැ සහ විමාන

…පුදුමෙ කියන්නේ, හැම ආගමකම පැරණි ලියවිලි වල තියනව නොවැ මේ අහසින් දෙවිවරැ වැඩිය කතාව. අහසින් දෙයියෝ ඇවිල්ලා, මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕන හැටි කියලා දුන්නා කියලා හැම ආගමකම ලියවිලා තියනවා. එක සමාන අදහස් මේවා. 


දෙවිවරැ වැඩියා. වැඩලා මිනිස්සුන්ට විධාන දුන්නා, දේසනා කලා. එහෙම ටික කාලයක් ඉදලා ඔවුන් යන්න යනවා. හැබැයි යන්නේ, ආය දවසක ආපහු එන්න මිනිස්සුන්ට පොරොන්දුවක් දීලා (ඒකනේ මිනිස්සු ගැලවුම්කාරයෙක් එනකං බලාගෙන ඉන්නේ. ක්‍රිස්තියානි අය ක්‍රිස්තු ආය එනව කියලා විස්වාස කරනවා. බුද්ධාගමේ අය ඊළග බුදු කෙනෙක් ගැන විස්වාසේ තියාගෙන ඉන්නවා. එහෙම.).
පැරණි මිනිස්සු මේ දෙවිවරැ සහ ඔවුන්ගේ යානා ගැන ලියපු තැන බොහොමයක් තව තියනවා. එකක් තමා, පැරණි සංස්කෘත ලියවිලි වල ලියලා තියෙන “විමාන” කියලා හදුන්වන යානාවල්. මේ ලියවිලි අවුරැදු 5000කටත් එහා ලියාපු ඒවා. “භගවත් පුරාණා” කියලා පෞරාණික සංස්කෘත පොතක් තියනවා. එකේ තියනවා එක පියාඹන යානාවක් ගැන. ඒකේ නියමුවා වුනේ “ශල්වා” කියලා රජ කෙනෙක්. යානාව ලෝහමය එකක් කියලත්, ඒකට එක පාර තැන් දෙකක පෙනී හිටින්න පුළුවන් කියලත්, ඒක “සමනලයෙක්” වගේ පියෑඹුවා කියලත් පොතේ තියෙනවා. මේ විස්තර කිරී‍ම්, අද කාලයේ මිනිස්සුන්ට අහසේ පේන පියාඹන පිරිසි සහ යානා වල විස්තර කිරීම් වලට බොහොම සමානයි.
ඒ වගේම මහායානය, ඍග්වේදය, රාමායනය වගේ පොත් වලත් තියනවා මේ “විමාන”ගැන විස්තර. මේවා අඩි දාහක් විතර යෝධ යානා බව ඒවායේ සදහන් කරලා තියෙනවා.




මේ සමහර විමාන වලට පුළුවන් එලියක් විහිදෝලා, ඒකෙන් ඒ එළිය වැටෙන වස්තුව සුනු විසුනු කරලා නැත්තම් දිය කරලා දාන්න. මේ විමාන වල නැගලා, දෙවිවිරැ එකිනෙකා සමග හටන් කරගෙන, නගර පවා සුනු විසුනු කර දැම්මා කියලා කියවෙනවා. පුදුමේ කියන්නේ, අනෙක් රටවල් වල කෙසේ වුනත්, ඉන්දියාවේ නම් අද වුනත් මේ පැරණි කථා, හින්දු ආගම අදහන මිනිස්සු තර්කයක් නොකරම විස්වාස කරන එක.

මීලග කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න... 1x1 29.30 

පිටසක්වලයින් විසින් රැගෙන ගිය ඉනෝක්

පිටසක්වල ජීවින් 5
අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. - පස්වැනි අඩිය - ඉනොක්

… පැරණි කාලේ හිටපු තව පුදුම මනුස්සයෙක් තමා “ඉනොක්” කියන්නේ. බයිබලේ නම් ඔහු ගැන සදහන් වෙන්නේ එක වතාවයි. ඒ වුනත් “ඉනොක් ගේ පොත” නමින් ඔහු ලියපු පොතක් පවා තියනවා. ඔහු තමා මනුස්ස ඉතිහාසේ මුලින්ම, ප්‍රථම පුරැෂයෙන් පොතක් ලියුවේ -- ඒ කියන්නේ, ‘මම’ දැක්කා, ‘මම’ හිටියා, කියල එහෙම. මේ පොතේ හැටියට, ඉනොක් කියන්නේ නෝවා ගේ (නෝවා දන්නවනේ -- දෙයියෝ ලෝකේ විනාස කරන්න කලින් නෝවාට තමා කීවේ, අර නැවක් හදලා, ලෝකේ ඉන්න හැම සතෙක් ගෙන්ම දෙන්න දෙන්නා ගානේ ඒකේ දාගන යන්ඩ කියලා)  පුරාණ මීමුත්තෙක්. ඔහු පොතේ විස්තර කරනවා,

Wednesday, July 31, 2013

පිටසක්වල ජීවීන් ගැන බයිබලයේ සාක්ෂි

පිටසක්වල ජීවීන්  4


අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.හතරවැනි අඩිය 
… පැරණි මිනිස්සු  පිටසක්වලින් ආපු මිනිස්සුන්ව දෙවියෝ විදියට ඇදහුවා නම්, ඒ ගැන කොහේ හරි ලියවිල වත් තියෙන්න ඕන නේද? තියනව තමයි. අත ලගම තියනව. බයිබලය අතට ගන්න! බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ (පැරණි තෙස්තමේන්තුව කියන්නේ, දෙවියන් පොළොව මවපු හැටි එහෙම ලියවිලා තියන පොත, අළුත් තෙස්තමේන්තුව කියන්නේ, ජේසුගේ කතන්දරේ එහෙම ලියවිලා තියන පොත) තියනවා, කීප විටක්ම දිවියෝ සහ දේවදූතයෝ පොළොවට ගොඩබැස්ස බව. මෙහෙම ගොඩ බහිනකොට සමහර වෙලාවට, විශාල ශබ්ධයක් එක්ක ලොකු වලාකුළක් ඇති වුණා කියලා ඒකේ තියෙනවා.
 

වසර දහස් ගණනකට පෙර නාස්කා කාන්තාරයේ තැනු ගුවන් පථය

පිටසක්වල ජීවින් 3

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. තෙවැනි අඩිය


තඩි රෑප විතරක් නෙවේ නාස්කා ප්‍රදේශයේ පුදුමයකට තියෙන්නේ. පහලින් පේන පින්තූරේ තියන කන්ද සමතලා කරලා කියෙන්නේ කෘත්‍රිමව -- මේක ස්වභාවිකව සිද්ද වුනු ‍එකක් කීවැකිද? බලන්න, සමතලා කන්ද වටේ තියෙන අනෙක් කදු ස්වභාවික විදියට තියෙනවා, ස්වභාවික කෝනාකාර හැඩයට. ඒත් මේ කන්ද විතරක්, බටර් කපන්නා වගේ මැදින් කපලා දාලා -- ඒකත් මීට අවරැදු සිය දාස් ගානකට එහා. කපලා දාපු කන්ද උඩ මොනාද තියෙන්නේ? ගුවන් යානා ගොඩ බස්සන්න හදාපු මාර්ග පථ වගේ ඉදිකිරීම්.
එතකොට මේ කන්ද සමතලා කරනකොට කපපු පස් වලට මොකද උනේ? ඒවා හොයාගන්න තාම හම්බෙලා නෑ. පහල නිම්නයට ඒවා වැටිලා නෑ, ඒ ප්‍රදේශයේ කොහේවත් ඒවා හොයාගන්න නෑ. මොකද ඒවට උනේ?