එමෙන්ම ගුවනින් යනකොට පේනවා වෙනත් අතිවිශාල රෑප
ඇදලා තියෙන හැටි. මාළුන්ගෙ පින්තූර, වදුරෝ, මකුළුවො, මානවකල්පිත (මිනිස්සු පරිනාමය
වුනු) වානරයෝ. මේ හැම එකක් ම පේන්නේ උඩින් පියාසර කරොත් විතරයි. ඒකයි මේකේ හද්ද
පුදුමේ. මේවා හදා තියෙන්නේ අවුරැදු සිය දාස් ගානකට උඩදී. සමහර විට එදා මිනිස්සු
මේවා හදන්න ඇත්තේ, තමන් පොලොව මත ඉන්නවා කියලා උඩ ඉන්න කාට හරි කියන්න පුළුවන්.
සමහරැ නම් කියන්නේ මේවා යෝධ වාරිවාර්ග ඇලවල්, නැත්තම් යෝධ නක්ෂත්ර සිතියම් කියලා.
එහෙම නැතිනම්, ආගමික වතාවත් වලදී යොදාගත්ත පාරවල් කියලා.
ඒත් ඇත්තටම කීවොත්,
නාස්කා කාන්තාරේ මේ බිම් කඩ පේන්නෙම යෝධ ගුවන්තොටුපලක් වගෙයි. අපේ පොලොව වටේ
පියාඹන කාටහරි පේන්න ඇදපු රෑප වගේ තමයි ඒ රෑප ඇත්තටම පේන්නෙ. මේක හරියට, අද අපේ
ගුවන් යානයක් ගෝත්රික ජනපදයකට ගොඩබෑව වගේ වැඩක් වෙන්න පුළුවන්. එහෙම ගොඩබාපු
අවස්ථාවල් තියනවා. හරියට දෙවනි ලෝක යුද්දෙදී, ඇමරිකානුවෝ ඈත පැසිපික් දූපත් වලට
ගුවන් යානා ගොඩ බැස්සුවා වගේ (යුධ කදවුරක් හදන්න).
එතකොට ඒ දූපත් වල මිනිස්සු
හිතලා තියෙන්නේ, අහසින් දෙවිවරැ වැඩම කරනවායි කියලා. දෙවිවරැ පොලොවේ නවාතැන් ගන්න
එනවායි කියලා ඒ මිනිස්සු හිතුවේ. ඔවුන් ඒකට කැමති උනා -- මොකද ඇමරිකානුවෝ ඔවුන්ට
නොමිලේ කෑම බීම එහෙම දුන්න නිසා.

උඩ කීව සිද්දියෙන් පේනවා මේ වගේ දෙයක් පුරාණ
ඉතිහාසයේත් ලේසියෙන් ම සිද්ද වෙන්න පුළුවන් බව. පිට ලෝක වලින් පැමිණි ගුවන් යානා
වලට වැදුම් පිදුම් කරලා, ඒවා වටා ආගමක් හදා ගත්ත මිනිස්සු ඒ කාලේ ඉන්න හොගක්ම ඉඩ
තියෙන බව පේනවා...
තෙවන කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න...
1x1 15.37
No comments :
Post a Comment