Social Icons

Monday, September 2, 2013

වසර දෙදාහකට පෙර ග්‍රීසියේ හැදු ලොව පළමු පරිගණකය (1837 දී චාල්ස් බැබේජ් නොවේ)

 අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව. පහළොස් වැනි අඩිය.

ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නෙකු වන ජෝර්ජ් නූරි මෙසේ පවසනවා: "පොළොව මත හිටි පැරණි මිනිස්සු අස්වාභාවික අත්දැකීම් වින්දා. අද්භූතජනක දේවල් දැක්කා. ඒත් ඒ සිදුවීමි ගැන විස්තර, කැටයම්, සිතුවම් සහ ලියවිලි රාශියක් හැරෙන්නට අපට නැත්තටම නැතිවී ගිහින් තියෙනවා. ඒත් පැරණි මිනිස්සු අපට යම් යම් දේවල් ඉතිරි කර ගොස් තිබෙනවා. ඉතින් අපට ඇතිවෙන ප්‍රශ්ණය තමා, ඔවුන් මොන ආකාරයකට ඒවා හැදුවාද කියන එක. අද ඉන්න මිනිස්සුන්ට මේ නිර්මාණ සිදු කළේ කොහොමද කියලා තේරැම් ගන්න බෑ. ඔවුන් ඒ ගැන හොයන්න මෙච්චර ඇදී යන්නේත්, ඒවායේ තියෙන ඒ ගුප්ත බව නිසයි."

මේ පැරණි නිර්මාණ සෑදුවේ කොහොම දැයි සොයාගත්තත්, එයින් සියළුම ප්‍රශ්ණ විසදෙන්නේ නැහැ. තවත් වැදගත් ප්‍රශ්ණයක් ඉතුරැ වෙනවා -- මේවා භාවිතා කළේ මොකටද කියන ප්‍රශ්ණය. සමහර විට මේ ප්‍රශ්ණ වලට පිළිතුරැ පොළොව මත නොතිබෙනවා වෙන්න පුළුවන්.

____________________________

පැරණි ලෝකය තුළ අපි නොහිතන අන්දමේ පුදුම තාක්ෂණයන් තිබුණා යැයි කීමට ඇති සාධක බොහොමයි. එයින් එකක් තමයි, ලෝ‍කයේ පළමු යාන්ත්‍රික පරිගණකය කියා හදුන්වන, වසර දෙදාහකටත් වඩා පැරණි යන්ත්‍රය. මෙය හොයා ගත්තේ 1900 ගණන් වල මුල් භාගයේ හිටි, "ස්පොන්ජ් ඩයිවර්ස්" හෙවත් මුහුදෙන් ස්වභාවික ස්පන්ජි ලබාගැනීම සදහා කිමිදුනු කිමිදුම්කරැවන් විසිනුයි:

ස්භාවික ස්පන්ජි සහ පැරණි කිමිදුම් කට්ටලයක්

මේක හමුවුනේ, ඉවුජියන් මුහුදේ තියෙන ඇන්ටිකිතෙරා නැමති දූපත ආසන්න මුහුදු පතුලේ තිබිලායි. මේ දූපතට ආසන්නයෙනුයි ග්‍රීසිය තිබෙන්නේ. කිමිදුම්කරැවන්ට ඒ ප්‍රදේශයේ මුහුද යට, පැරණි නැවක සුන්බන් කොටස් හමුවුණා. මේ සුන්බුන් අතර තිබුණා කොරල් වලින් වැහිච්ච පෙට්ටියක්. එය හදා තිබුනේ ලෝහමය ඇලෝයි වලින්. මේ පෙට්ටිය පසුව ග්‍රීසියේ ඇතන්ස් කෞතුගාරයට ගෙනයනු ලැබුවා. ඒත් ඒ පෙට්ටිය ඇතුලේ කිසියම් පුදුමාකාර දෙයක් තියෙනවායි කියලා දැනගන්න පුළුවන් වුනේ අවුරැදු 50කට විතර පස්සේයි.

පෙට්ටිය ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා බලන්න, පුරාවිද්‍යාඥයින් පෙට්ටිය එක්ස්-රේ කළා. එතකොට තමයි ඔවුන් දැක්කේ, ඇතුලේ දැති රෝද වැනි දේවල් වලින් හැදූ යන්ත්‍රයක් වැනි දෙයක් තියන බව:

වැඩිදුර පරීක්ෂාවෙදී, ඔවුන් ඇත්තටම පෙට්ටිය ඇතුලේ යන්ත්‍රයක් තියන බව දැනගත්තා. යන්ත්‍රය පිරික්සා බලන විට විද්‍යාඥයින්ට තේරැම් ගියා එය යාන්ත්‍රික පරිගණකයක් බව:

පස්සේ, විද්‍යාඥයින් මේ යන්ත්‍රය ප්‍රති නිර්මාණය කලා, ඒ යන්ත්‍රය මුලින්ම තිබුනා යැයි ඔවුන් සිතූ ආකාරය අනුව. මේ තියෙන්නේ ඒ ප්‍රතිනිර්මාණය කළ යන්ත්‍රය:

පරිගණකයෙන් නිර්මාණය කළ යන්ත්‍රය:

ඉතින් මේ පැරණි පරිගණකය එකල හිටි මිනිස්සු ‍කොහොම හැදුවා දැයි විද්‍යාඥයින් විමතියට පත් වුනා. මේක නූතන ස්විස් ඔරලෝසුවකටත් වැඩිය සූක්ෂම ලෙසයි හදා තිබුනේ. මෙවැනි දෙයක් පැරණි ග්‍රීක ජාතිකයින් නිපදවූවා කියා විද්‍යාඥයින්ට අදහා ගන්න බැරැව ගියා. මොකද, වසර දෙදාහකට කලින් ජීවත් වුනු ග්‍රීකයින්ට මෙය හදන්න සරිලන තාක්ෂණයක් කොහෙත්ම තිබුනේ නැති නිසා. මේ යන්ත්‍රයේ හොයා ගැනීම විද්‍යඥයින් සමාන කලේ, ඊජිප්තු පිරමීඩයක තිබී පැරණි ජෙට් ගුවන් යානයක් සොයා ගැනීමකටයි.

තවදුර අධ්‍යයනයෙන් විද්‍යාඥයින් සොයා ගත්තා මෙම පරිගණකය ප්‍රයෝජනයට ගන්න පුළුවන් ආකාරය. එය පාවිච්චියට ගන්න පුළුවන් එක විදියක් තමයි, තාරකා විද්‍යාත්මක උපකරණයක් ලෙස. මෙය පාවිච්චි කරලා, අහසේ තාරකා තිබෙන ආකාරය සොයාගෙන, එයින් නාවික ගමනාගමනයේදී නැව් යා යුතු මාර්ගය ගණනය කළ හැකියි. ඒ වගේම මෙය ජෞතිෂ්‍ය උපකරණයක් ලෙස භාවිතා කළ හැකියි. උපන් වෙලාව අනුව පුද්ගලයෙකුගේ ලග්නය ගණනය කරන්නටත්, ඔහුගේ/ඇයගේ අනාගතය ගැන අනාවැකි කීමටත් මේ පරිගණකය භාවිතා කළ හැකියි.

ලොව පළමු පරිගණකය යැයි බොහෝ දෙනෙක් සළකන මේ යන්ත්‍රය පැරණි ග්‍රීකයෝ කෙසේ නිපදවූවා දැයි යන්න අදටත් විසදී නොමැති රහසක්.

මතු සම්බන්ධයි...

No comments :

Post a Comment