Social Icons

Thursday, September 12, 2013

පැරණි ඊජිප්තුවන් ගොඩනැගිලි ආලෝක කිරීමට විදුලි බලයෙන් ක්‍රියා කළ විදුලි බල්බ පාවිච්චි කළාද?!

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව, දහසය වැනි අඩිය

ඊජිප්තුවේ ඇති, වැඩිය කවුරැත් නොදන්න ස්ථානයක් ගැනයි කියන්න යන්නේ. මේක පොළොව යට තැනූ පැරණි ගුහා පරිශ්‍රයක්. මෙය ටැන්ඩේරා යනුවෙන් හදුන්වනවා. මෙයට ඇතුළු ‍වෙන්න අවසර තිබුනේ ඉතා ඉහළ මට්ටමේ පූජකයින්ට පමණයි. මේ ගුහා තුළට කිසිම ආලෝකයක් ඇතුළු නොවෙන්න වෙන්නයි හදා තිබෙන්නේ. ඒවා ඉතා පටුයි, කළුවරයි, ඒ වගේම පහත් වහළ වලින් යුක්තයි. ඒත් මෙහි තිබෙන විශ්මිතම දේ තමා, මෙහි බිත්ති වල ඇති කැටයම් අස්සේ "ලයිට් බල්බ්" වැනි කුහුල දනවන සුළු උපාංග කැටයම් කර තිබීම.

සාමාන්‍යයෙන්, ආලෝකයක් නැති පැරණි ගොඩනැගිලි ආලෝකමත් කරන්න පැරණි කාලයේ භාවිතා කලේ ගිනි පන්දම්. මේවා බිත්ති වල ගහලායි ගොඩ නැගිලි ආලෝකමත් කළේ. ඒත්, රාත්‍රියේදීත් දවාලේදීත් අදුරේ ගිලී ඇති මේ ටන්ඩේරා ගුහා ආලෝකමත් කිරීමට ගිනි පන්දමක් භාවිතා කළ බවක් පෙනෙන්නේ නැහැ. ගිනි පන්දම් භාවිතා කළා නම්, සාමාන්‍යයෙන් ඒවායින් පිටවෙන දුමාරය වහළයේ බැදී තිබීම සිරිතක්. ඒත් මේ ගුහා තුළ වහළයේ එවැනි කිසිම දැළි සළකුණක් වත් දුමාරය වැදුනු සළකුණක් වත් නැහැ. එහෙත් මේ ගුහා, සංකීර්ණ බිතු සිතුවම් වලින් පිරී තිබෙන අතර, කිසියම් ආගමික යමක් වෙනුවෙන් මේවා පාවිච්චි කළ බවයි පෙනෙන්නේ. ඒත් කට්ට කළුවරේ මේ ගුහා තුළ කිසිදු දෙයක් කිරීමේ හැකියාවක් තිබෙනවා දැයි යන්න සැකයක්. මෙවැනි සැකයක් ඇති අතරේයි, බිත්ති වල මේ විදුලි බුබුළු වැනි උපකරණ කොටා ඇත්තේ. 

සමහරැ කියන්නේ, මේ ගුහා ඇතුළට ආලෝකය ගන්නට ඇත්තේ තඹ කණ්ණාඩි ගුහා කොනෙන් කොනට සවි කර, පිටත හිරැ ආලෝකය ඒවා මගින් පරාවර්ථනය කර, ශාලාවන් තුළට එම ආලෝකය යැවීමෙන් බව. එහෙත් මෙය අත්හදා බැලීමෙන් ඔප්පු වී තිබෙනවා, හිරැ ආලෝකය ගුහාවල කොනකින් දෙකකින් පසු තවදුරටත් පරාවර්ථනය නොවී හීන වී යන බව. 

එමෙන්ම, මේ ගුහා ඇතුළත කිසිම ආකාරයක ගින්නක් දැල්වීම සදහාද නොහැකි බව දැන් තහවුරැ වී තිබෙනවා. මන්ද, ඒ තුළ ගිනි දැල්වීමට ඇති තරම් ඔක්සිජන් වායුව නොමැති නිසා. එතුළ කවුරැන් හෝ ලයිටරයක් පත්තු කළ හොත් එය දැල්වෙන්නේ නැති බවයි සදහන් වන්නේ.  

එසේ නම් පැරණි ඊජිප්තුවරැන් මේ ගුහා ආලෝක කලේ කෙසේද? බිත්ති වල ඇති විදුලි බල්බ හැඩයේ උපකරණ ඇත්තටම පෞරාණික විදුලි බල්බ වර්ගයක්ද? ඒවා භාවිතයෙන් ඔවුන් මේ ගොඩනැගිලි ආලෝකමත් කළාද?!

ඒත් ප්‍රශ්ණය, මෙම විදුලි බල්බ වැනි උපාංග හමුවන්නේ මෙම ටැන්ඩේරා ගුහාවල පමණයි. මෙයට පිළිතුරැ පවසන්නෝ දක්වන්නේ, විදුලි බලය උත්පාදනය කිරීමේ සහ එයින් ආලෝකය ජනනය කිරීමේ රහස් ටන්ඩේරා ගුහා වල පමණක් සගවා තිබුණු බවත්, එය දැන සිටියේ ටන්ඩේරාවට ඇතුළු වීමට අවසර තිබූ ඉහළ පැළැන්තියේ ජූජකයින්ට පමණක් වූද බවයි. 

විදුලි බලය ජනනය කිරීමේ පැරණි රහස ගැන කථා කරද්දී, ඉරාකයෙන් හමුවූ "බැග්ඩෑඩ් බැටරි" ගැන නොකියා බැහැ. 

"බැග්ඩෑඩ් බැටරි"

මේ "බැග්ඩෑඩ් බැටරි" සාදා තිබුනේ, තඹ පත්‍රයක එතූ යකඩ කූරක් වටා මැටි ආවරණයක් යෙදීමෙන්. ඉන්පසු එම මැටි බදුනට තුළට අම්ලයක් පුරවා තිබෙනවා. විද්‍යඥයින් සිතන්නේ ඔවුන් දොඩම් යුශ යෙදුවායි කියා. මෙම බැටරියෙන් විදුලිය ජනනය කළ හැකි බව අත්හදා බැලීමෙන් ඔප්පු වී තිබෙනවා.  

එසේ නම්, ඊජිප්තුවන් මෙවැනිම විදුලි ජනනය කිරීමේ පුරාණ තාක්ෂණයක් භාවිතා කිරීමෙන් ඔවුන්ගේ විදුලි බල්බ දැල්වූවාද? 

No comments :

Post a Comment