Social Icons

Tuesday, July 30, 2013

වසර 12000 පැරණි අබිරහස් ගොඩනැගිල්ලක් .

අබිරහස් ඉදි කිරීම්  1



මෙම අබිරහස් ගොඩනැගිල්ල තුර්කියේ පිහිටා ඇති අතර 1994 දී එම ප්‍රදේශයේ එඩේරකු   විසින් අසාමාන්‍ය ගල් කොටසක් දැක ඒ පිලිබදව වාර්තා කර ඇත. ඒ ඔස්සේ වසර 13 පමණ කැනීම් කිරීමෙන් පසුව මෙම අබිරහස් ඉදිකිරීමෙන් 5% පමණ ප්‍රමාණයක් මතුකර ගැනීමට පර්යේෂකයන් සමත් වී ඇත. 


මෙම ඉදිකිරීම පුරාම විවධ වන සතුන්ගේ මෙන්ම අද්බුත සතුන්ගේ රුප ගලින් අබා ඇත. මීට අමතරව ගල් මත කැටයම් ආකාරයට විවිධ සත්ව රුප නිර්මාණය කර ඇත. මෙවන් වූ ඉදි කිරීම් ලෝකය පුරාම දකින්නට ඇත. නමුත් මෙම අබිරහස් ඉදි කිරීම සම්බන්දයෙන් පැහැදිලි කර ගත නොහැකි කාරනා ගණනාවක් ඇත. 


මෙයින් ප්‍රදාන වන්නේ මෙම ඉදිකිරීමේ පැරණි බවයි. මෙය මිසපොතමේනියානු ශිෂ්ටාචාරය මෙන් දෙගුණයක් පැරණිය. මෙම ඉදිකිරීම අවසාන අයිස් යුගයේ අවසානය කරා දිවෙයි.  නම් මෙම නිර්මාණය කලේ කව්රුන් විය හැකිද ? මානවයා ශිෂ්ටාචාර ගත වීමටත් ප්‍රථම මේ මහා පොලොව මත නුතන විද්වතුන් පවා මවිතයට පත් කරන සුළු මේ නිර්මාණයේ සැබෑ අයිත්ය් කරුවන් මානවයින්මද? නොඑසේනම් මිහිමත මානවයාට වඩා දියුණු ලෙස ශිෂ්ටාචාර ගතවූ ජීවින් කොටසක් මානවයාට පෙර  ජීවත්ව සිටින්නට ඇතිද? එසේත් නැතිනම් මෙම ඉදිකිරීමේ අයිතිකරුවන් වෙනත් ලොවකින් මෙහි පැමිණිය පිරිසක්ද? අදටත් මෙම ගැටළු විද්වතුන් හා පරීක්ෂකයන් හමුවේ පවතී. 
තවත් පුදුමයට කරුණක් නම් මේසා විශාල ගල් නිර්මාණයක් ගොඩ නැගීමට එකදු හෝ ගල් ආයුධයක් භාවිතා කර නොතිබීමයි. කිසිදු ආයුධයක් මේ ආසනයෙන් සොයාගැනීමට පර්යේෂකයින්ට හැකියාවක් ලැබී නොමැත.
මෙම ඉදිකිරීම වැලි තලාවෙන් වැසි ගොස් තිබුනේ සමස්ත ශිෂ්ටචරයම වනසන ලද ජල ගැලීමක් නිසා බව ඇතැම් විද්වතුන්ගේ පිලි ගැනීමයි.
කෙසේ නමුත් මිට වසර 12000 පෙර මේ නිර්මාණය කව්රුන් විසින් කුමක් උදෙසා ඉදිකරන ලද්දක්ද යන්න අදටද විශාල ගැටලුවකි. එකල මිහිපිට ජීවත් වූ ජීවින් කොටසක් විසින් හෝ මිහිමතට පැමිණිය වූ වෙනත් ජීවි කොටසක් විසින් මෙය ඉදි කර නැවත පැමිණීමේ බලපොරෝතුවෙන් වැලි තුල සගවා ගියේද? එසේ නම් මෙතරම් කාලයක් ඔවුන් නැවත නොපැමිණියේ අයි? ඔවුන් මතු දිනක තම පැරණි වාසස්ථානය කරා පැමිණේද ? මෙවන් වූ දහසක් ප්‍රශ්න ලෝකයට ඉතිරි කරමින් මෙම විස්මිත ඉදි කිරීම තුර්කි බිමේ නිසලව බලා සිටී . මේවට පිළිතුරු ලබා දිය හැකේද ඉතිහාසයටම පමණි .

Monday, July 29, 2013

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. දෙවැනි අඩිය

පිටසක්වල ජීවින් 2


එමෙන්ම ගුවනින් යනකොට පේනවා වෙනත් අතිවිශාල රෑප ඇදලා තියෙන හැටි. මාළුන්ගෙ පින්තූර, වදුරෝ, මකුළුවො, මානවකල්පිත (මිනිස්සු පරිනාමය වුනු) වානරයෝ. මේ හැම එකක් ම පේන්නේ උඩින් පියාසර කරොත් විතරයි. ඒකයි මේකේ හද්ද පුදුමේ. මේවා හදා තියෙන්නේ අවුරැදු සිය දාස් ගානකට උඩදී. සමහර විට එදා මිනිස්සු මේවා හදන්න ඇත්තේ, තමන් පොලොව මත ඉන්නවා කියලා උඩ ඉන්න කාට හරි කියන්න පුළුවන්. සමහරැ නම් කියන්නේ මේවා යෝධ වාරිවාර්ග ඇලවල්, නැත්තම් යෝධ නක්ෂත්‍ර සිතියම් කියලා. එහෙම නැතිනම්, ආගමික වතාවත් වලදී යොදාගත්ත පාරවල් කියලා.

අබිරහස් ඊගිප්තු පිරමීඩ

පිරමිඩ වල සැගවුන රහස් 1

ගීසාහි පිහිටා ඇති  මහා පිරමීඩ ත්‍රිත්වය ඇතුලත්ව, ලොව  පුරා විකාශනය වී ඇති තවමත් හෙළි කර ගැනීමට නොහැකි වූ ඉතිහාසයේ  අදටත් හෙළි නොවූ තවත් එක පැතිකඩක් මේ නිසල වාස්තු විද්‍යාත්මක  නිර්මාණ මගින් හෙළි කරනු ඇත . වාස්තු විද්වතුන්  ගුප්ත දෑ  පිළිබද සොයන්නන් මෙන්ම තාරකා විද්වතුන් මේ නිසල පිරමීඩ සිසාරා සැගවී ගියා වූ ඒ අතීතය හාර අව්ස්සා බලයි.


අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.

පළමුවැනි අඩිය                                                                                                  පිටසක්වල ජීවින් 1


1960 යේ ජූලි 20 වැනිදා, අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රෝං සහ බස්z ඔල්ඩ්‍රින් සද මත පළමු වරට පා තැබූවා -- හරියට පිට ලෝකෙකින් පොලොවට ජීවීන් ගොඩ බැස්සා වගේ වැඩක්. මිනිසාට හද මතට යන්න පුළුවන් නම්, ඇයි වෙනත් ලෝකෙක ජීවීන්ට පොළොවට එන්න බැරි?

මෑත කාලයේ පියාඹන පිරිසි හෙවත් UFOs දර්ශණය වීම වැඩි වන අතරේ, ටිකෙන් ටික අළුත් මතවාදයක් ගොඩනැගුනා. ඒක තමා, පුරාණ කාලයේ දී පිට ලෝක වලින් පොළොවට ජීවින් ආපු බව. ඒ වගේම, පැරණි කාලයේ හිටි මිනිස්සු ඔවුන්ව දෙවිවරැන් විදියට සළකපු බව. ඒත් මෙහෙම කියන්න සාක්ෂි තියෙනවද? බලාගෙන ගියාම තියනවා අම්බානකට තියනවා වගෙයි පේන්නේ. මේ දීර්ඝ ලිපි පේලිය කියවගෙන යනකොට ඒ හැම එකක්ම හැම දෙනෙකුටම දැනගන්න පුළුවන් වේවි. ඇත්තෙන්ම කීවොත්, සාක්ෂි ලෝකේ හතර දිග් බාගේම තියනවා. කරන්න තියන එකම දේ තමා, ඔය තියව අවිස්වාසවල් පොඩ්ඩකට පැත්තක කියලා, මේ කියන දේවල් වලට ඇස් කන් ඇරගෙන ඉන්න එක.