Social Icons

Monday, September 30, 2013

සෞරග්‍රහමණ්ඩලයේ ආකෘතියට අනුව ඉදිකළ පෞරාණික ඉදිකිරීම්.

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව, දහ හත් වැනි අඩිය

මෙක්සිකෝවේ ටියෝටිහොකාන් නැමති ස්ථානය ඉතා ගුප්ත තැනක්. මෙය ඈත පුරාණයේ නගරයක් ව පැවතුනු තැනක්. මෙහි විශේෂත්වය තමයි, නගරය තුළ ගොඩනැගිලි ඉදිකර තිබෙන ආකාරය. විශ්වාසයක් තිබෙනවා, මෙහි ගොඩ නැගිලි සහ පිරමීඩ ඉදිකර තිබෙන්නේ, අපේ සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහයින් තිබෙන රටාවට අනුව කියා -- හරියට සෞරග්‍රහමණ්ඩලයේ ආකෘතියක් වගේ.

මෙහි ඇති "මලවුන්ගේ මාවත" නමින් හදුන්වන ස්ථානයේ පිරමීඩ ඉදි කර තිබෙන හැටි කුතුහලජනකයි. මෙහි පිරමීඩ ස්ථාන ගත කර තිබෙන්නේ, සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහලෝක ගමන් කරන පථ එකිනෙක අතර ඇති දුරට හරියටම සමානුපාතිකවයි.

මෙහි "සූර්ය්‍ය පිරමීඩය" නමින් හැදින්වෙන විශාල පිරමීඩය තිබෙන්නේ, අනෙක් ගොඩනැගිලි වලට හරි මැදින් -- සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් මැද ඉර තිබෙනවා වගේ.

එහෙමනම් මෙයින් අනුමාන කළ හැක්කේ කුමක්ද? ඇත්තටම මේ නගරය ඉදිකර තිබෙන්නේ සෞරග්‍රහමණ්ඩලයේ ආකෘතියට අනුව නම්, මෙම නගරය ඉදිකළ පෞරාණික නිර්මාණ ශිල්පීන් අපගේ සෞරග්‍රහමණ්ඩලය ගැන ඉතා නිවැරදි දැනීමකින් යුතු වූ අය විය යුතුයි. එහෙත් බටහිර විද්‍යාඥයින් පවා සෞරග්‍රහමණ්ඩලයේ මැද සූර්ය්‍යයා තිබෙන බව දැනගත්තේ මේ නගරය ඉදි කළ කාලයට වඩා බොහෝ මෑතකදීයි--ශතවර්ශ ගාණකට පසුවයි.

මේ වගේම සෞරග්‍රහමණ්ඩලයේ ආකෘතියට අනුව ඉදිකරපු තවත් ප්‍රසිද්ධ ඉදිකිරීමක් ති‍බෙනවා. ඒ වෙන කිසිවක් නෙවෙයි, එක්සත් රාජධානියේ පිහිටා තිබෙන ප්‍රසිද්ධ ස්ටෝන්හෙන්ජ් ඉදිකිරීම.

මෙය ඉදිකර තිබෙන්නේ ටියෝටිහොකාන් නගරයට වඩා ඉපැරණි කාලයකයි. ස්ටෝන්හෙන්ජ් ඉදිකිරීම දෙස අහසේ සිට බැලුවාම පෙනෙන දේ තමයි, එම ගල් කණු ආදිය සිටවා තිබෙන්නේ වළලු ආකාරයේ සැළැස්මකට බව.

වැඩිදුර පරීක්ෂාවෙන් පෙනී යන්නේ, මේ ගල් කණු ඉදිකර තිබෙන්නේත්, සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහයින් ගේ සැළැස්මට අනුව බවයි. ඇත්තෙන්ම කීවොත්, ප්‍රධාන පෙලේ විද්‍යාඥයින් පවා පිළිගන්නවා ස්ටෝන්හෙන්ජ් යනු කිසියම් ආකාරයක තාරකාවිද්‍යාත්මක කැලැන්ඩරයක් බව. එමගින් සූර්ය්‍යග්‍රහණ ගැන පවා අනාවැකි කිවහැකි බව ඔවුන් පිළිගන්නවා. එසේනම්, මෙය ඉදිකළ ශිල්පීන්ට හිරැ ගේ ගමන් පථය ගැන තියුණු ඥාණයක් තිබුනා විය යුතුයි.

2 comments :