Social Icons

Saturday, August 31, 2013

නේපාලයෙන් හමුවූ බෞද්ධ බිතු සිතුවම් සහිත අභිරහස් පැරණි ගුහා.

නේපාලයේ ඉතා උස කදු මුදුනක කන්ද ඇතුලට හාරා තැනූ අභිරහස් ගුහා 5000 පමන දක්නට ලැබෙනවා. මෙම කන්ද පිහිටා ඇත්තේ ජනාකිර්න නොවූ ඈත කදු ප්‍රදේශයක වන අතර, මෙම ගුහා වලට ලගා වීම පලපුරුදු කදු නගින්නෙකුට වුවද ඉතාමත්ම අපහසු කටයුත්තක්.

පලමු වරට පර්යේශක පිරිසක් හා කදු නගින්නක් පිරිසක් මෙම ගුහා තරණය කර තිබෙනවා. මෙම කන්දේ පිහිටි සිදුරු ලෙස ඈත සිට බලන්නන්ට මෙම ගුහා දක්නට ලැබෙනවා. මේ කන්ද වෙත යාමට පර්යේශකයන් උනන්දු කරන්නට ඇත්තේ දුර සිට බලන විට මේවා ස්වාභාවිකව ඇතිවූ සිදුරු නොවන බව දක්නට ලැබෙන නිසා විය හැක.
ඉතා දුශ්කර ගමනකින් පසු මෙම ගුහා වෙතට ලගා වුන ඔවුන් දුටු දෙයින් පුදුමයට පත් වුනා



තඹයුගයේ හිටි අයිමාරා ගෝත්‍රිකයින්, නවීන විද්‍යාවෙන් වත් කිරීමට බැරි තාක්ෂණික විශ්වකර්ම සිදු කලාද? - අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව. දහ හතර වැනි අඩිය

පිරමීඩ හැර, ලෝකේ අභිරහස් ඉදිකිරීම් බොහෝ ගණනක් තිබෙනවා. එයින් එකක් තමා පැසිපික් සාග‍රේ තියෙන ඊස්ටර් දූපතේ ඇති "මෝවායි" නැමති ශෛලමය ප්‍රතිමා රැස. මේ ප්‍රතිමා, ඊස්ටර් දූපත වෙරළ දිගේ හිටගෙන, ඒ වෙරල ආරක්ෂා කරනවා:

 



 




මේ ප්‍රතිමා හදා තිබෙන්නේ අවුරැදු දාස් ගාණක් පවතින විදියටයි. පිරමීඩ වගේම, ඒවා හදා තියෙන්නේ ටොන් ගණනාවක් බර ගල් කුට්ටි කපලා. මේවා හදපු මිනිස්සු මේවා හැදුවේ මොකටදැයි තාම කිසිවෙක් හරියටම හොයාගෙන නෑ. ඊජිප්තුවේ පිරමීඩ වල නම් මොනවා හෝ ලියවිලි හරි තියෙනවා. ඒත් මේ ඊස්ටර් දූපතේ වල, වර්ථමාන මිනිසාට හෝඩුවාවක් ලබා ගැනීමට ලියවිල්ලක් වත් නැහැ.

Friday, August 30, 2013

ජෝ රෝගන් ගේ පීරමීඩ මූලධර්මය - අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව - දහතුන් වැනි අඩිය.

ප්‍රසිද්ධ ප්‍රහසන (හාස්‍ය) ශිල්පියෙකු, පොඩ්කාස්ට් මෙහෙයවන්නෙකු, "ඩී.එම්.ටී ද ස්පිරිට් මොලක්‍යුල් (DMT the Spirit Molecule)" සහ "ෆියර් ෆැක්ටර්" වැනි රෑපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙකුද වූ ජෝ රෝගන්, තම එක් ප්‍රහසනයකදී කළ හාස්‍ය කතාවක් මේ ලිපියෙදී ලියන්න හිතුනා. ඔහු අවසානයේදී පිරමීඩ ගැනත් අදහසක් ඉදිරිපත් කරනවා:

"...මොලකාරයින්ව පරදමින් මෝඩයින් ශීඝ්‍රයෙන් බෝවෙමිනුයි තියෙන්නේ. අපි හොග දෙනෙක් මෝඩයෝ -- මේක ලොකු ප්‍රශ්ණයක්. අපි කී දෙනෙක් මේක පිළිගන්න සූදානම්ද. මම දන්නවා මම මෝඩයි කියලා. ඒත් මට හම්බෙන අනික් මිනිස්සුන්ට වඩා මට මොලේ තියනව. මෝඩයින්ගේ ලක්ෂණය තමා, ඔවුන් මෝඩයි කියලා උන්ම දන්නෙ නෑ. .ගැබිණි ද නැද්ද කියලා පරීක්ෂා කිරීමට වගේ, තමන් මෝඩද නැද්ද කියලා පරීක්ෂා කරන්නත් උපකරණයක් තිබ්බා නම් හොදයි. ලෙව කාපුවම එකේ පෙන්නනවා මෝඩද නැද්ද කියලා. මෝඩයෙක් මේක ලෙව කාලා බලනවා. "මෝඩයි" කියලා එකේ පෙන්නනවා. ඒත් ඔහු/ඇය කියයි මේක හරියට වැඩ කරන් නෑ, කැඩිලා, කියලා -- පිළිගන්නෙ නෑ.

 

Thursday, August 29, 2013

පොළොවේ මුළු භූගෝලීය ස්කන්ධයේ මධ්‍ය ලක්ෂයේ ඉදිකල අභිරහස් මහා පිරමීඩය - අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව - දොලොස් වැනි අඩිය.

පිරමීඩ යනු පැරණි අභිරහසක් මෙන්ම, එය භූගෝල විද්‍යාත්මක වශයෙන් විශ්මිත ඉදිකිරීමකි. මක්නිසාද යත්, ඊජිප්තුවේ මහා පිරමීඩ ත්‍රිත්වයෙන් පළමුවැන්න ඉදිකර තිබෙන්නේ හරියටම පොළොවේ දිගම අක්ෂාංශ රේඛාව සහ දිගම දේශාංශ රේඛාව කැපෙන තැනයි. එනම්, පොළොවේ මුළු භූගෝලීය ස්කන්ධයේ මධ්‍ය ලක්ෂයේයි.





මේ බව ඔප්පුකොට පෙන්වූයේ දේවධර්මවාදියකු වූ ජෝශප් සයිස්, 1877දී. එමෙන්ම එහි මුහුණත් හතර, මාලිමාවෙහි දිශා හතර සමග හරි කෙලින් පවතිනවා. ඒත් මාලිමාව හොයාගත්තේත් පිරමීඩ ඉදිකලා යැයි කියන වකවානුවෙන් අවුරැ දාස් ගාණකට පස්සේ.

Saturday, August 24, 2013

නාසා විද්‍යාඥයෙක් පිටසක්වලට යාත්‍රා කිරීමට හැකි යානාවක් තැනීමේ මුල් පියවර තබයි.

අභ්‍යවකාශ යානයකට හෝ වෙනත් වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවා යාමට නොහැකි බව සාමාන්‍ය භෞතික විද්‍යාවේ මූලධර්මයකි. එහෙත් මෙම මූලධර්මයට කොකා පෙන්විය හැකි ක්‍රම දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ වෝම්හෝල් එකක් හරහා යාමය. අනෙක, අවකාශ්‍ය හැකිලීම හෙවත් "Warp" වෝප් තාක්ෂණය (තවමත් පර්යේෂණ මට්ටමේ පවතින) භාවිතා කීරීමයි. අභ්‍යාවකාශ යානා වල යාන්ත්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂයෙහි නියැලෙන නාසා විඥ්‍යාඥයෙකු වන හැරල්ඩ් "සොනී" වයිට්, ඉහත කියූ දෙවැනි ක්‍රමය යොදාගෙන, ආලෝ‍කයේ වේගය පරදවමින් ගමන් කළ හැකි යානයක් සෑදීමේ මුල් පියවර තැබීමට සූදානම් වෙනවා.


හැරල්ඩ් "සොනී" වයිට්

Friday, August 23, 2013

හොල්මන් හෝ භූතාත්ම චායා රූ අතරින් හොදම චායාරූප 10 ක්

අත්භූත


මේ ලියන්න යන්නේ එදා මෙදා තුර ලබා ගත්ත භූතාත්ම චායාරූපයට හසු වුනා කියන අවස්තා වලින් හොදම චායා රූප 10ක් කියලා සලකෙන චායාරූප 10 ගෑන පුන්චි කෙටි විස්තරයක්.
මේවායින් බොහොමයක් චායා රූප වර්න චායාරූප තාක්ශනය පෑමිනීමටත් ප්‍රතමයෙන් ලබාගත් චායාරූප වන අතර. අද වනතුරුත් නිශ්චිත පෑහෑදිලි කිරීමක් ලබා දීමට අපොහොසත් වූ චායාරූප වීම විශේශත්වයක්

ශ්‍රේනි ගත කර ඇත්තේ අග සිට මුලටය. අන්ක 10 හොදම චායාරූපයයි

1.ක්වීන්ස් ලෑන්ඩ් චායාරූපය 1946

මෙම චායාරූපය මියගිය තම තරුන දියනියගේ සොහොනේ චායාරූපයක් ගනීමේදී මවගේ කෑමරාවක සටහන් වන ලද රූපයක්. සොහොනේ චායා රූපය ගෑනීමේදී ඒ මත කිසිවෙක් සිට නෑති අතර, පිරිසිදු කිරීමෙන් පසු කුඩා දරුවෙක් සොහොන මත හිදගන සිටිනු දක්නට ලබුන අතර මව මේ දරුවා හදුනා ගත්තේ නෑ. එම නිසා මෙය ආලොක පරාවර්තනයක් හෝ චායාරූප එක මත එක වෑදීමක් ලෙසද සෑලකිය හෑකිය

අං ඇති අස්වාභාවික යෝධ මුහුදු ජීවියෙක් ස්පාඥ්ඥ වෙරළට ගොඩ ගසයි.


ස්පාඥයේ Luis Siret වෙරළට අං සහිත යෝධ මුහුදු ජීවියෙක් ගොඩගසා ඇති අතර, කිසිවෙකුටත් මෙම සත්වයා මොකෙකු දැයි තවම හදුනාගත නොහැකිව ඇති බව වාර්ථා වේ. කාන්තාවක් විසින් සත්වයාගේ හිස මුළින්ම දැක ඇති අතර, වැඩිදුර පරීක්ෂවට පැමිණි විට, උගේ සිරැර වෙරළ දිගේ පහළට ඇදී තිබෙන අයුරැ දැකගෙන ඇත. සත්වයාගේ හිසේ සිට සිරැර අග දක්වා දිග අඩි 13ක් පමණ බව කියවේ.

Thursday, August 22, 2013

දශක ගනනාවක් විද්වතුන් ගොනාට ඈන්දූ සුරන්ගනා රූප

මේක මහ අරුම පුදුම කතාවක් මේ කතාවෙ කියන්නෙ සුරන්ගනාවන්ගේ චායාරූප ගෑනීමක් ගෑන. අවුරුදු 16 ක හා 9ක දෑරියන් දෙදෙනෙක් කෑලේ සෙල්ලම් කරල ඈවිත් තමන් සුරන්ගනාවො දෑකපු බව කියනවා. මේක කවෘත් විශ්වාස නොකරපු නිසා මේ ගොල්ල පියාගේ කෑමරාව ඉල්ලන් ගිහින් සුරන්ගනාවියන්ගෙ පින්තූර අරන් එනවා පහල තියෙන්නේ ඒ පින්තූරේ




පැරණි මිනිසා පිටසක්වල ජීවීන් සමග සම්බන්ධතා පැවැත්වූවා යැයි පිළිගන්නා විද්වතුන් (1). අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. දොළොස් වැනි අඩිය.

පසුගිය "අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව" ලිපි සියල්ලේම අප "ගවේශකයින්", "විද්‍යාඥයින්", "පැරණි පිටසක්වල ජීවීන් ගැන විශ්වාස කරන්නන්" යනාදී වශයෙන් පුද්ගලයින්ව හැදින්වූවා. ඔබ බලනවා වෙන්න පුළුවන් කවුද මේ නමක් නැති පුද්ගලයින් කියා. මේ ලිපියේදී මුළින්ම අප ඒ හැදින්වූ කීපදෙනෙක් ගැන දැනගනිමු.


Monday, August 19, 2013

ජපාන අහසේ දිස්වූ විශ්මයජනක පියාඹන පීරිසය

පහත දර්ශණය වීඩියෝ ගත කොට ඇත්තේ, ජපානයේ ටෝකියේ නගරයේ ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සිටි කාර්ය්‍යාල සේවකයෙකි. එහි විශාල පියාඹන පිරීසියක් දැකගත හැකි අතර, වීඩියෝවේ අවසාන තත්පර කීපයේදී එය එක්වරම විශාල වේගයකින් ඉවතට ඇදී යන සැටි දැකගත හැකිය. ලගදී පටන් ජපාන අහසේ මෙවැනි පියාඹන පීරිසි දර්ශණය වීම වැඩි ව ඇත. එමෙන්ම ඇතැම් පරීක්ෂයින්ට අනුව, ජපාන ආණ්ඩුව මගින් ලියවුණු රහස් ලේඛණයක් පිට වී ඇති අතර, මෙම පියාඹන පීරිසි දර්ශණය වීම ජපාන බලධාරීන්ටද පාලනය කළ නොහැකි ප්‍රශ්ණයක් බවට පත් වී ඇති බවට එහි සදහන් වන බව කියවේ.

Friday, August 16, 2013

ආරක්ශක කෑමරාවක සටහන් වූ බිත්තියක් විනිවිද යන අභිරහස් කාන්තාවක්

මේ වීඩියොව ජපානයේ ආරක්ශක කෑමරාවක සටහන් වෙලා තියෙන්නෙ. මුලින්ම කියන්න ඕනා ජපන් කට්ටිය හරි දක්ශයි ඔය වීඩියෝ එහෙම එඩිට් කරන්න ඒ නිසා මෙක එහෙම හදපු එකක් වෙන්නත් පුලුවන්.එහෙම නොවෙන්නත් පුලුවන්. මම වත් මෙක කියවන ඔබ වත් මේ සිද්දිය වෙන ස්තානයෙ හිටියෙ නෑති නිසා මේක ඈත්ත හෝ බොරු කියල කියන්න මම උත්සහ කරන් නෑ. ඉස්සෙල්ල වීඩියොව බලන්න මේකේ ඔබේ දකුනු අත පෑත්තෙ ඉහල තියන වීඩියෝ කොටස දිහා බලන් ඉන්න, ඈවිදගෙන එන කාන්තාව එක පාරටම බිත්තිය හරහා ගමන් කරනවා. පුදුම සිද්දියක් . ඒ කාන්තාව බිත්තිය හරහා යන බව මෙ වීඩියොවෙ පෑහෑදිලිවම පේනව.

Thursday, August 15, 2013

විද්‍යාඥයින් මවිත කල ප්‍රශ්ණය : ඉලෙක්ට්‍රෝනයක් යනු පදාර්ථයක්ද? තරංගයක්ද?

පදාර්ථයක් කියන්නේ ඝණ දෙයක්. උදාහරණයක් හැටියට මාබල් බෝලයක් කියන්නේ ඝණ දෙයක්. ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඉතාම කුඩා පදාර්ථ අංශුවක් හැටියටයි සැළකෙන්නෙ. හරියට කුඩා මාබල් බෝලයක් වගේ.


මාබල් බෝලයක්

පොඩි පරීක්ෂණයක් කරමු. මේක ඇත්තටම භෞතික විද්‍යාඥයින් කරපු පරීක්ෂණයක්. 

ගීසා හි පිරමීඩය සැදුවේ පිටසක්වල ජීවීන්ද? (1). අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. එකොලොස් වැනි අඩිය.

අවසාන ලිපියේදී අපි කීවා, ගීසා හි පිරමීඩය ගැන කතා කරන බව.


ගීසා පිරමීඩය කියන්නේ, ඊජිප්තුවේ තිබෙන විශාලම සහ ප්‍රධානම පිරමීඩයයි. ඒත් මේක හදන්න අවුරැදු 22ක් පමණක් ගිය බවයි සදහන් වෙන්නේ. හදා ඉවර වෙලා තියෙන්නේ ක්‍රි.පූ 2560 දී. ඒත් සමහර ගවේශකයින්ට සහ විද්‍යාඥයන්ට මේකේ පරහක් පෙනුනා. ඔවුන්ගේ අදහසේ හැටියට මේ පිරමීඩය අවුරැදු 22කින් හදා ඉවර කරන්න නම්, ඒක් තියන හැම යෝධ ගලක්ම තප්පර නවයකදී හදා ඉවර කරන්න ඕන. ඒ කියන්නේ, තප්පර නමයකින් ගල කපලා, ඒක පිරමීඩය හදන තැනට ගෙනල්ලා, පිරමීඩයේ නිසි තැනට ඒක සවි කරන්න ඕන. මේක වර්ථමාන ඉංජීනේරැවන්ට වත් කරන්න බැරි දෙයක්. සමහරැ කියනවා මේක හදන්න පිටසක්වල ජීවීන් ආධාර කළා කියලා. තව අදහසක් තමා, මේ යෝධ ගල් ඉහළට එසෙව්වේ

Wednesday, August 14, 2013

චීනයේ හයිනෑන් පලාතට කඩා වැටුණු පියාඹන පිරීසියක (UFO) දර්ශණ හෙලිවෙයි. 8/14/2013

ජීවින් රහිත ස්වයංක්‍රීය පිටසක්වල යානා (unmanned probes) පොලොව නිරීක්ෂණය කිරීමේ යෙදෙන බවත්, ඒවා මගින් ලබා ගන්නා දත්ත ආපසු මවු යානා වලට යැවෙන බවත්, එමෙන්ම මෙම යානා හරහා එම මවු යානා වල හෝ ග්‍රහ ලෝක වල සිටින ජීවීන් පොළොව සමග සංකීර්ණ ගණිතමය පණිවුඩ මගින් පණිවුඩ හුවමාරැ කරගන්නා බවත් ප්‍රසිද්ධ රහසකි. පහත දැක්වෙන්නේ, මෙවැනි ස්වයංක්‍රීය පියාඹන පීරිසයක් පොළොවට කඩා වැටෙන ආකාරය, සංචාරකයෙකු විසින් වීඩියෝ ගත කල ආකාරයයි.

Tuesday, August 13, 2013

අතීතයේ චායා රූප වල සටහන් වූ පහෑදිලි කිරීමට අපහසු අසාමාන්ය මිනිසුන්

කාල තරනය 1

කාල තරනය පිලිබදව අතීතයෙ සිට විවිද මත හා උපකල්පන ගොඩ නෑගුනා. බොහෝ විද්යා ප්‍රබන්ද වල කාල තරනය පිලිබදව සදහන් කර තිබෙනෙවා. මෙම ලිපි මාලාවෙන් බලාපොරොත්තු වන්නෙ විවිද අවස්තා වල සෑබෑ ලොකයෙ දක්නට ලෑබුන එවන් සිදුවීම් කීපයක් ඔබ වෙත ගෙන ඒමයි.

පලමුවෙන්ම කියන්න ඔනා මේ ලිපිය ලියන්නේ මේක ඈත්ත කියල පිලි ගන්න කියල කාටවත් බල කරන්න නෙවේ මෙහෙම දෙවල් වෙන්න පුලුවන් ඒ වගේම නොවෙන්නත් පුලුවන්. හෑම ලිපියකම කරුනු පිලි ගනීම හො නොගෑනීම පාඨක ඔබගේ අයිතියක්.

ජේසුස් වහන්සේ අහසේ දිස්වෙයි. තාක්ශනයෙන් කල මවාපෑමක් බවට සෑකයක් 8/13/2013

ඊජිප්තු කාන්තාරය මැදින් තම කැබ් රථය පැදවූ පුද්ගලයෙක්, අහ‍සේ වළාකුළු මැද ජේසු තුමාගේ මුහුණ තිබෙන සැටි වීඩියෝ කර තිබෙනවා. කුමන්ත්‍රණ මතධාරීන්ගේ අදහස මෙය ප්‍රොජෙක්ට් බ්ලූ බීම් (Project Blue Beam) කණ්ඩායමේ වැ‍ඩක් හැටියටයි. ප්‍රොජෙක්ට් බ්ලූ බීම් කණ්ඩායම යනු, හොලෝග්‍රෑම් තාක්ෂණය වැනි නවීන උපක්‍රම මගින් විවිධ අද්භූත දේ මවා පෙන්වා, ඇමෙරිකානු මත වලට මිනිසුන් නම්මවා ගැනීමේ අරමුණින් වැඩ කරන සංවිධානයක් හැටියට ප්‍රසිද්ධයි. මොවුන් ටොප් සීක්‍රට් (Top Secret) ගණයට වැටෙන ඇමෙරිකානු රාජ්‍ය සංවිධානයක් ලෙස සැළකෙනවා.

Monday, August 12, 2013

ඇන්ටාක්ටික්වේ අයිස් තට්ටුව යටින් ඇති භූමිය චිත්‍රණය කළ පුදුම එලවන පෞරාණික සිතියම.

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. දහවැනි අඩිය

1929 දී ඉතිහාසඥයන් හොයාගත්තා පැරණි සිතියමක්. මේක ඇදලා තිබුණේ ගිසෙල් මුව හමක.


ගිසෙල් හමක ඇදි සිතියම

ඔවුන් මේ සිතියමේ සම්භවය බලාගෙන ඉතිහාසයේ ආපස්සට යනකොට,  16 වැනි සියවසේ තුර්කි අද්මිරාල් කෙනෙකු වූ පියරි රීස් ගේ භාරයේ මේක තිබුණු බව ඔවුන් සොයාගත්තා. ඒත් 16 වැනි සියවසේ තිබුණු සිතියම් වලට මේක සමාන නොවුනේ, ඒ සිතියම් වල තාමත් සොයා නොගැනී තිබූ භූමි ප්‍රදේශ, මේ මුව හම් සිතියමේ තිබුණු නිසා. අද ඇන්ටාක්ටිකාවේ හිමෙන් වැසී ඇති භූමිය (අයිස් වලට යටින් ඇති භූමිය) එහි පැහැදිලිව චිත්‍රණය කර තිබුණා.

මිනිසෙකු අනතුරකින් ගලවන අභිරහස් ජීවියකු ආරක්ශක කෑමරා වීඩියොවකට හසුවෙයි


පිටසක්වල ජීවින්, 


අද මෙ කියන්න යන්නෙ චීනයෙ ආරක්ශක කෑමරවක සටහන් උන පිටසක්වල ජීවියෙක් ගෑන. මෙය පිටසක්වලින් ආපු කෙනෙක් වෙන්න ගොඩාක් දුරට ඉඩ තියනවා ඊට අමතරව මෙයා මනසික හකියාව දියුනු කරපු මෙ සක්වල කෙනෙක් වෙන්නත් පුලුවන්

Sunday, August 11, 2013

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. නවවැනි අඩිය - පැරණි ගගණගාමී රෑප - 3

අවසාන ලිපියේදී කීවේ, පැරණි ගගණගාමියෙකුගේ පැහැදිලිම රෑපයක් තියෙන තැනක් ගැන සළකා බලනවා කියලානේ. මේක තියෙන්නේ, මායානු ශිෂ්ඨාචාරයට අයත් "පැලැන්කේ" නැමති පුරාවිද්‍යාත්මක අඩවියේ. මේක වසර ගණනක් කැලෑවට යටවී තිබී, ස්පාඥ්‍ය ගවේශකයින් විසින් නැවත සොයාගත් එකක්. මෙහිත් යෝධ පිරමීඩ දකින්න පුළුවන්,


                                                                     පැලැන්කේ පිරමීඩ


Friday, August 9, 2013

ගුප්ත ලෝකයේ රහස් - 1 මායාකරැවෝ - 3


ගුප්ත ලෝකයේ රහස් - 1 මායාකරැවෝ - 3


ඊජිප්තුවෙන් පසුව ඇරඹුණු දියුණු ශිෂ්ඨාචාරය වුනේ ග්‍රීසියයි. ඒ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ දී. මෙහි පළමුවැනි විද්‍යා ගුරැවරයා වුනේ පයිතගරස්.  අප අපට තියෙන ලිවීමේ හැකියාව, ගොඩනැගිලි, සංගීතය, අදී මේ සියල්ල බිහිකිරීමේ මූලිකත්වය ගැනීමේ ගෞරවය පයිතගරස්ට හිමිවෙනවා. තමාගේ ඥාණය ලබාගැනීමට, ඔහු ලෝකය වටා ඇවිද්දා, යටගිය ගුප්තමය රහස් සොයමින්. ඔහු ලෝකේ වටේ තැන තැන පැතිරී තිබුණු ගුප්ත විද්‍යාත්මක පාසැල් වලින් තමාගේ ඥාණයට බීජ නෙලා ගත්තා. ඊට පස්සේ ඔහු තමා සොයාගත්ත මේ සියළු දැනුම එකතු කර, තමාගේම අළුත් දර්ශණයක් නිර්මාණය කලා. ඔහු තමාගේ දර්ශණයට පදනම කරගත්තේ ගණිත සාස්ත්‍රයයි.

Thursday, August 8, 2013

ගුප්ත ලෝකයේ රහස් - 1 මායාකරැවෝ - 2

ටිකක් බෝරිං වගේ පෙනුනත්, ගුප්ත විද්‍යාව පිළිබද ඉතිහාසයත් කෙටියෙන් හරි සළකා බලන්න වෙනවා, නැත්නම් ඒක අඩුවක්.

ගුප්ත විද්‍යාව පිළිබද කථාන්තරය මුළින්ම ඇරඹෙන්නේ පෞරාණික ඊජිප්තුවෙනුයි. පැරණි ඊජිප්තු මිනිස්සු තමන්ගේ ඉතිහාසය, ආගමික මත, ජෞතිෂ්‍ය දැනුම, ජ්‍යාමිතික දැනුම ආදිය සටහන් කර තැබුවේ “හයිරොග්ලිප්ස්” නැමති රෑපමය භාශාවෙනුයි. ඔවුන් විශ්වාස කලේ, ඔවුන්ගේ දැණුම ඔවුන්ට ලැබෙන්නේ “තොත්” නැමති දෙවියන්ගෙන් බවයි.

ගුප්ත ලෝකයේ රහස් - 1. මායාකරැවෝ

අනාගතය ගැන අනාවැකි කිව හැකි හෝ අනාගතය වෙනස් කළ හැකි ගුප්ත බලවේග තිබේද? ආරෑඪයෙන් කථා කිරීම (channeling), ජෞතිෂ්‍ය, ටෙරොට් කාඩ් වලින් අනාවැකි කීම, වැනි දේ වල යෙදෙන බොහෝ දෙනෙක් ගේ කියන්නේ එවැනි බලවේග තිබෙන බවයි.

තමන්ට ගුප්ත බල තිබෙනවා යැයි කියූ එක් පුද්ගයෙක් තමයි ඇලෙස්ටර් ක්‍රෝලි. ඔහු ජීවත් වුනේ 1920 ගණන් වලයි. ඔහු කීවා, ඔහුට තමාගේ හිත ඒකාග්‍ර කරගෙන, ඕනෑම කෙනෙකු ව තමා ගේ කැමැත්තට නම්මවා ගත හැකි බව. දවසක් ඔහු තම මිතුරෙකු වූ විලියම් සීබෲක් සමග පාරේ ගමන් කරමින් සිටියා. ඔහු තම යාළුවාට කියමින් ගියේ, තමාට ඇති මේ ගුප්ත හැකියාව ගැන. ඉතිං සීබෲක් කීවා, පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න කියලා.

Wednesday, August 7, 2013

වසර දහස් ගණනකට එපිට විසු මුතුන් මිත්තන් ගගන ගාමින්ගේ රූප සිතුවම් කලේ කෙසේද? - 2


අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.
අටවැනි අඩිය - පැරණි ගගණගාමී රෑප - 2

මීට පෙර ලිපිය තව ඉදිරියට අරගෙන යන්නයි මේ සූදානම. අපි තවත් පැරණි ආකෘතියක් ඉදිරිපත් කරනවා. මේ ආකෘතියෙන් පෙන්නන්නේ, කිසියම් යානයක් තුළ ඉදගෙන ඉන්න මිනිසෙකුවයි -- එහෙම නැත්තම් පිටසක්වලිකයෙකුවයි.


ග්‍රීන් කාසල් හි චායාරුපයට නැගුන අද්බුත රෝස කාන්තාව

අත්භූත 1

සුරුපිනියකගේ අබිරහස් රුව කැමරාවක සටහන් වුනේ කෙසේද ?

පහත දැක්වෙන චායාරුපයෙන් දැක්වෙන්නේ ග්‍රීන් කාසල්හි ඔ හෙයාර් නම් ප්‍රාසාදයේ චායරුපයකි. චායරුපය ගත පුද්ගලයා වෙත පැමිණි ඔහුගේ මිතුරෙකු ප්‍රකාශ කලේ මීට පෙර දිනයක තමන් හා තම පෙම්වතිය මෙම ප්‍රාසාදය කරා ගිය බවත්  එහි සිදුවූ යම් යම් අබිරහස් දේවල් නිසා තමන් හා තම පෙම්වතිය දැඩි භීතියට පත්ව එම ස්ථානයෙන් පිටවු බවත්ය .

වසර දහස් ගණනකට එපිට විසු මුතුන් මිත්තන් ගගන ගාමින්ගේ රූප සිතුවම් කලේ කෙසේද?

 පිටසක්වල ජීවීන්  6

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.හයවැනි අඩිය - පැරණි ගගණගාමී රෑප

එක රෑපයක් වචන දාහක් වටී කියලා කියනවනේ. ඉතිං පැරණි බිතු සිතුවම් සහ අඹාපු රෑප ගැන පොඩ්ඩක් හොයා බලමු. පහල තියෙන්නේ එහෙම අඹාපු රෑප සහ ගුහා වල ඇද තිබූ චිත්‍ර කීපයක්. මේවා ඉතාමත් පෞරාණිකයි.

Thursday, August 1, 2013

ඉතිහාසයේ එන දෙවිවරු හා දේව විමාන යනු මොනවාද ?

පිටසක්වල ජීවින් 6
අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.හයවැනි අඩිය - දෙවිවරැ සහ විමාන

පුදුමෙ කියන්නේ, හැම ආගමකම පැරණි ලියවිලි වල තියනව නොවැ මේ අහසින් දෙවිවරැ වැඩිය කතාව. අහසින් දෙයියෝ ඇවිල්ලා, මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕන හැටි කියලා දුන්නා කියලා හැම ආගමකම ලියවිලා තියනවා. එක සමාන අදහස් මේවා. 


දෙවිවරැ වැඩියා. වැඩලා මිනිස්සුන්ට විධාන දුන්නා, දේසනා කලා. එහෙම ටික කාලයක් ඉදලා ඔවුන් යන්න යනවා. හැබැයි යන්නේ, ආය දවසක ආපහු එන්න මිනිස්සුන්ට පොරොන්දුවක් දීලා (ඒකනේ මිනිස්සු ගැලවුම්කාරයෙක් එනකං බලාගෙන ඉන්නේ. ක්‍රිස්තියානි අය ක්‍රිස්තු ආය එනව කියලා විස්වාස කරනවා. බුද්ධාගමේ අය ඊළග බුදු කෙනෙක් ගැන විස්වාසේ තියාගෙන ඉන්නවා. එහෙම.).
පැරණි මිනිස්සු මේ දෙවිවරැ සහ ඔවුන්ගේ යානා ගැන ලියපු තැන බොහොමයක් තව තියනවා. එකක් තමා, පැරණි සංස්කෘත ලියවිලි වල ලියලා තියෙන “විමාන” කියලා හදුන්වන යානාවල්. මේ ලියවිලි අවුරැදු 5000කටත් එහා ලියාපු ඒවා. “භගවත් පුරාණා” කියලා පෞරාණික සංස්කෘත පොතක් තියනවා. එකේ තියනවා එක පියාඹන යානාවක් ගැන. ඒකේ නියමුවා වුනේ “ශල්වා” කියලා රජ කෙනෙක්. යානාව ලෝහමය එකක් කියලත්, ඒකට එක පාර තැන් දෙකක පෙනී හිටින්න පුළුවන් කියලත්, ඒක “සමනලයෙක්” වගේ පියෑඹුවා කියලත් පොතේ තියෙනවා. මේ විස්තර කිරී‍ම්, අද කාලයේ මිනිස්සුන්ට අහසේ පේන පියාඹන පිරිසි සහ යානා වල විස්තර කිරීම් වලට බොහොම සමානයි.
ඒ වගේම මහායානය, ඍග්වේදය, රාමායනය වගේ පොත් වලත් තියනවා මේ “විමාන”ගැන විස්තර. මේවා අඩි දාහක් විතර යෝධ යානා බව ඒවායේ සදහන් කරලා තියෙනවා.




මේ සමහර විමාන වලට පුළුවන් එලියක් විහිදෝලා, ඒකෙන් ඒ එළිය වැටෙන වස්තුව සුනු විසුනු කරලා නැත්තම් දිය කරලා දාන්න. මේ විමාන වල නැගලා, දෙවිවිරැ එකිනෙකා සමග හටන් කරගෙන, නගර පවා සුනු විසුනු කර දැම්මා කියලා කියවෙනවා. පුදුමේ කියන්නේ, අනෙක් රටවල් වල කෙසේ වුනත්, ඉන්දියාවේ නම් අද වුනත් මේ පැරණි කථා, හින්දු ආගම අදහන මිනිස්සු තර්කයක් නොකරම විස්වාස කරන එක.

මීලග කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න... 1x1 29.30 

පිටසක්වලයින් විසින් රැගෙන ගිය ඉනෝක්

පිටසක්වල ජීවින් 5
අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. - පස්වැනි අඩිය - ඉනොක්

පැරණි කාලේ හිටපු තව පුදුම මනුස්සයෙක් තමා “ඉනොක්” කියන්නේ. බයිබලේ නම් ඔහු ගැන සදහන් වෙන්නේ එක වතාවයි. ඒ වුනත් “ඉනොක් ගේ පොත” නමින් ඔහු ලියපු පොතක් පවා තියනවා. ඔහු තමා මනුස්ස ඉතිහාසේ මුලින්ම, ප්‍රථම පුරැෂයෙන් පොතක් ලියුවේ -- ඒ කියන්නේ, ‘මම’ දැක්කා, ‘මම’ හිටියා, කියල එහෙම. මේ පොතේ හැටියට, ඉනොක් කියන්නේ නෝවා ගේ (නෝවා දන්නවනේ -- දෙයියෝ ලෝකේ විනාස කරන්න කලින් නෝවාට තමා කීවේ, අර නැවක් හදලා, ලෝකේ ඉන්න හැම සතෙක් ගෙන්ම දෙන්න දෙන්නා ගානේ ඒකේ දාගන යන්ඩ කියලා)  පුරාණ මීමුත්තෙක්. ඔහු පොතේ විස්තර කරනවා,