skip to main
|
skip to sidebar
"මිනිසාගේ විඥ්ඥාණය වර්ධනය වූයේ කෙසේද? එය සිදුවූයේ මෙසේයි: අප තණ පිටි වල ආහාර සොයමින් -- අල වර්ග ආදිය -- යන විට, සිලිසයිබින් අඩංගු හතු වර්ග සුළු සුළු වශයෙන් අපගේ ශරීරගත වුනි. මෙය ඉතා සුළු වශයෙන් ශරීර ගතවීමක් වූ හෙයින්, මනසට කිසිදු වෙනසක් දැනීමේ හැකියාවක් නොතිබුනි (සිලිසයිබින් මනෝක්‍රියාකාරී වේ). කෙන්යාවේ බැබූනවින් සැවානා බිම් වල ඇති ගොයම් හාරවුස්සමින් යන හැටි මම දැක ඇත්තෙමි -- ගොයම් යට කෑමට පිලවු සිටින බව ඔවුහු දනිති. අපේ මුතුන්මිතෝත් ආහාර සෙවුවේද මෙපරිදිය.
"ජෛව විද්‍යාත්මක පරිණාමය, මිනිසාගේ මහා තාක්ෂණික පරිණාමය විස්තර කිරීමට සමත් වී නෑ. මිනිසා එය සිදුකලේ කෙසේද? ඔහු / ඇය එය සිදුකළේ, මිනිසාට අනෙක් කිසිදු ජීවියෙකුට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ මස්තිෂ්ක ආකෘතියක් තිබූ හෙයිණි. එහෙත් එම මස්තිෂ්ක ආකෘතියෙහි ඇතිවිශ්මිත දෙය වනුයේ, එම ආකෘතිය බිහිවූයේ ඇසි පිය ගසන තරම් ප්‍රවේගයෙකින් යුතු වූ හෙයිණි -- භූවිද්‍යාමක කාලනිර්ණයට අනුව. මනුශ්‍ය මොළයෙහි විශාලත්වය දෙගුණ වී තිබුනේ අවුරැදු මිලියන දෙකකටත් වඩා අඩු කාළයකිනි"
"මිනිස් මොළයේ විශාලත්වය දෙගුණ වීම, ලෝකයේ මුළු මහත් පොසිල වාර්ථාවන්ට අනුව සිදුවූ වේගවත්ව වෙනස් වීමයි. මෙය පරිණාම සංකල්පයට වැදෙන විලි ලැජ්ජා නැතිම පහරයි. අප විශේෂ තත්වයන්ට මුහුණ දී ඇති ජීවී කොට්ටාශයකි. අවුරැදු මිලියන දේසීයකට හෝ, ඇම්පිබියානුවවන්ටවත්, උරගයින්ටවත්, ක්ෂීරපායීන්ටවත්, වෙන කිසිම ජීවී වර්ගයකටවත්, මැෂීන් නිමවන භාශා කථාකරන ජීවී වර්ගයක් බවට පරණාමය වීමට නොහැකි වුනි. කිසියම් ආදීකල්පික සිදුවීමක්, අපගේ මෙම වේගවත් දියුණුවට මග පෑදුවේය..."