Social Icons

Monday, September 30, 2013

සෞරග්‍රහමණ්ඩලයේ ආකෘතියට අනුව ඉදිකළ පෞරාණික ඉදිකිරීම්.

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව, දහ හත් වැනි අඩිය


මෙක්සිකෝවේ ටියෝටිහොකාන් නැමති ස්ථානය ඉතා ගුප්ත තැනක්. මෙය ඈත පුරාණයේ නගරයක් ව පැවතුනු තැනක්. මෙහි විශේෂත්වය තමයි, නගරය තුළ ගොඩනැගිලි ඉදිකර තිබෙන ආකාරය. විශ්වාසයක් තිබෙනවා, මෙහි ගොඩ නැගිලි සහ පිරමීඩ ඉදිකර තිබෙන්නේ, අපේ සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහයින් තිබෙන රටාවට අනුව කියා -- හරියට සෞරග්‍රහමණ්ඩලයේ ආකෘතියක් වගේ.


Tuesday, September 24, 2013

එදා මෙදා තුර බල්ලන් සිය ගනනින් බිලි ගත් ඕවර්ටවුන් පාලම

ස්කොට් ලන්තයේ පිහිටා ඇති ඔවර් ටවුන් පාලම ආරුක්කු හැඩයට තනා ඇති පාලමක් වන අතර අද දක්වා කිසිදු මිනිසෙකු මෙම පාලමෙන් පැන සියදිවි නසාගන නෑ. නමුත් පුදුමයට කරුන වන්නේ මෙම පාලම මතින් පැන මේ වන විට බල්ලන් 60 කට අදික ප්‍රමානයක් සියදිවි නසාගන තිබීමයි. බල්ලෙක් සියදිවි නසා ගන්නවා කියන එක හිතන්න අමරු පුදුම සහගත දෙයක් තමයි. මිනිස්සු එහෙම වැඩ කලාට බල්ලො එහෙම කරනව කියලා අපි කවදාවත් අහල නැනේ. එහෙනම් මේක සියදිවි නසා ගනීමක්ම වෙන්නත් බෑ නේද? මොකද වෙන වෙන තැන් වලින් බල්ලො මෙහෙම පනිනවා කියල අපි අහලම නැනෙ.

Overtoun Bridge

Thursday, September 12, 2013

මරනයේ නිම්නයේ ඇවිදින ගල් වල අභිරහස?


මරනයේ නිම්නය කියල හදුන්වන වියලි වවක් වැනි ප්‍රදේශයක් කැලිෆොනියාවේ ඈත ප්‍රදේශයකට වන්නට පිහිටලා තියනවා. ලෝකයේ අභිරහස් ප්‍රදේශ අතරින් මේ මරනයේ නිම්නයට හිමි වෙන්නේ සුවිශෙශී ස්තානයක්. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ විද්වතුන්ට පැහැදිලි කර ගත නොහැකි සිදු වීමක් මෙම ප්‍රදේශය තුල සිදු වීමයි.
sailing stones

පැරණි ඊජිප්තුවන් ගොඩනැගිලි ආලෝක කිරීමට විදුලි බලයෙන් ක්‍රියා කළ විදුලි බල්බ පාවිච්චි කළාද?!

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව, දහසය වැනි අඩිය


ඊජිප්තුවේ ඇති, වැඩිය කවුරැත් නොදන්න ස්ථානයක් ගැනයි කියන්න යන්නේ. මේක පොළොව යට තැනූ පැරණි ගුහා පරිශ්‍රයක්. මෙය ටැන්ඩේරා යනුවෙන් හදුන්වනවා. මෙයට ඇතුළු ‍වෙන්න අවසර තිබුනේ ඉතා ඉහළ මට්ටමේ පූජකයින්ට පමණයි. මේ ගුහා තුළට කිසිම ආලෝකයක් ඇතුළු නොවෙන්න වෙන්නයි හදා තිබෙන්නේ. ඒවා ඉතා පටුයි, කළුවරයි, ඒ වගේම පහත් වහළ වලින් යුක්තයි. ඒත් මෙහි තිබෙන විශ්මිතම දේ තමා, මෙහි බිත්ති වල ඇති කැටයම් අස්සේ "ලයිට් බල්බ්" වැනි කුහුල දනවන සුළු උපාංග කැටයම් කර තිබීම.




Tuesday, September 10, 2013

නැපෝලියන්ගේ ඔළු කට්ට ඇතුලේ තිබී පැරණි මයික්‍රොචිපයක් හොයාගෙන




පසුගියදා, ප්‍රංශයේ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් ගේ හිස් කබල පරීක්ෂණයට ලක් කළ විද්‍යාඥයින්, ඔහු ගේ හිස තුළින් හමුවූ මයික්‍රොචිපයක් නිසා ඉමහත් විමතියට පත් වී තිබෙනවා.

මේ සදහා කිසිදු පැහැදිලි කිරීමක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන අතර, ඔවුන්ගේ අවසන් නිගමනය වී ඇත්තේ මෙය පිටසක්වල ජීවීන් විසින් නැපෝලියන්ගේ හිස තුළ තැන්පත් කරන්නට ඇති බවයි! මන්දයත්, පිටසක්වල ජීවීන් පැහැරගෙන ගියා යැයි කියන ඇතැම් මිනිසුන්ගේ සිරැරැ තුළින් මෙවැනි චිප හමුවූ බවට වාර්ථා වන බැවිනි. එහෙත් පිළිගත් විද්‍යාඥයින් මෙවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කළ වාරයන් ඉතා විරලය. එහෙයින් මෙය සුළු කොට තැකිය හැක්කක් නොවේ.

Monday, September 9, 2013

වසර ගනනාවකට පසු තම ඉලක්කය කරා ගිය වෙඩි උන්ඩයක්

අද කාලෙකට පස්සේ අලුත් දෙයක් ගැන කියන්නයි මේ සූදානම මේ කියන්න යන්නේ එදා මෙදා තුර ලෝකයේ සිදු වුන අහබු සිදුවීම් ගැන මේ වගේ සිදුවීම් 3ක් ගැන මම මේ ලිපිය ලියන්නවා. ඇත්තටම හරිම පුදුම සිදුවීම් තුනක්, ලොකයේ මේ වගේ සිදු වීම් කොචර නම් වෙනවා ඇද්ද? අපිටත් ඕනා තරම් වෙනවා. එහෙනම් කියවලම බලන්නකො ලෝක ප්‍රසිද්ද උන මේ අහබු සිදුවීම් තුන.

1. ජේම්ස් ඩීන් සහ ඔහුගේ මෝටර් රතය

1995 දී ජේම්ස් ඩීන් ඔහු පදවමින් සිටි ක්‍රීඩා මෝටර් රතය භයානක අනතුරකට ලක් වීම නිසා මිය ගියා. ඒකෙ එ හැටි පුදුම වෙන්න දෙයක් නැනෙ. නෑ තමයි ඉට පස්සෙ උන දෙවලුයි පුදුම.
 *මේ අවාසනාවන්ත කාර් රතය ප්‍රති සන්ස්කරනය සදහා ගරාජයකට ගෙන ගිය විට එහි එන්ගිම ඉවතට පැන  සේවකයකුගේ සිරුර මත පතිත වීමෙන් ඔහුගේ කකුල් දෙකම කැඩී ගියා.
 *මීට පසුව මෙම කාර් රතයේ එන්ජිම සවි කර තිබූ කාර් රතයක් එම එන්ජිම සවි කර සුලු මොහොතකින්      පැවති තරගයේ දී අනතුරට ලක්වී රියදුරු මිය ගියා.

Tuesday, September 3, 2013

අභිරහස් පලිගු හිස් කබල්



පලිගු මෙන් පැහදිලි බව අපි ඉතා පැහැදිලිව දෙයක් තෙරුම් ගත් විට සාමාන්යෙන් පවසනවා. නමුත් පලිගු හිස්කබල් යනු පලිගු මෙන් තියා කොහොමට වත් පැහැදිලි කරගන්න බැරුව ලෝකයේ නොවිසුදුන කියන කොටසට අයිති අපේ පැරැන්නන්ගේ තවත් විස්මිත නිර්මානයක්.
 පලිගු හිස් කබල් කීපයක්ම ලොඅකයේ විවිද ප්‍රදේශ වලින් හමු වී තිබ්නවා. ඒවා එකින් එක පැහැදිලි කරන්න ගියොත් ලිපිය ගොඩාක් දිග වෙන නිසා ඩැනට හොයා ගත්ත පලිගු හිස් කබල් වලින් ප්‍රසිද්ධම පලිගු හිස් කබල ගැන කියන්නම්. පොදුවේ මේ හිස්කබල් ඊජිප්තු පිරමීඩ නස්කාර් කාන්තාරයේ ගුවන් පත තරන්ම විශාල අභිරහස් බවයි සැලකෙන්නේ. මෙම හිස් කබල් වසර 5000 - 36000 අතර කාලයක් පැරනි බවයි පර්යේශකයන්ගේ අදහස

Monday, September 2, 2013

වසර දෙදාහකට පෙර ග්‍රීසියේ හැදු ලොව පළමු පරිගණකය (1837 දී චාල්ස් බැබේජ් නොවේ)

 අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව. පහළොස් වැනි අඩිය.

ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නෙකු වන ජෝර්ජ් නූරි මෙසේ පවසනවා: "පොළොව මත හිටි පැරණි මිනිස්සු අස්වාභාවික අත්දැකීම් වින්දා. අද්භූතජනක දේවල් දැක්කා. ඒත් ඒ සිදුවීමි ගැන විස්තර, කැටයම්, සිතුවම් සහ ලියවිලි රාශියක් හැරෙන්නට අපට නැත්තටම නැතිවී ගිහින් තියෙනවා. ඒත් පැරණි මිනිස්සු අපට යම් යම් දේවල් ඉතිරි කර ගොස් තිබෙනවා. ඉතින් අපට ඇතිවෙන ප්‍රශ්ණය තමා, ඔවුන් මොන ආකාරයකට ඒවා හැදුවාද කියන එක. අද ඉන්න මිනිස්සුන්ට මේ නිර්මාණ සිදු කළේ කොහොමද කියලා තේරැම් ගන්න බෑ. ඔවුන් ඒ ගැන හොයන්න මෙච්චර ඇදී යන්නේත්, ඒවායේ තියෙන ඒ ගුප්ත බව නිසයි."

මේ පැරණි නිර්මාණ සෑදුවේ කොහොම දැයි සොයාගත්තත්, එයින් සියළුම ප්‍රශ්ණ විසදෙන්නේ නැහැ. තවත් වැදගත් ප්‍රශ්ණයක් ඉතුරැ වෙනවා -- මේවා භාවිතා කළේ මොකටද කියන ප්‍රශ්ණය. සමහර විට මේ ප්‍රශ්ණ වලට පිළිතුරැ පොළොව මත නොතිබෙනවා වෙන්න පුළුවන්.

____________________________

පැරණි ලෝකය තුළ අපි නොහිතන අන්දමේ පුදුම තාක්ෂණයන් තිබුණා යැයි කීමට ඇති සාධක බොහොමයි. එයින් එකක් තමයි, ලෝ‍කයේ පළමු යාන්ත්‍රික පරිගණකය කියා හදුන්වන, වසර දෙදාහකටත් වඩා පැරණි යන්ත්‍රය. මෙය හොයා ගත්තේ 1900 ගණන් වල මුල් භාගයේ හිටි, "ස්පොන්ජ් ඩයිවර්ස්" හෙවත් මුහුදෙන් ස්වභාවික ස්පන්ජි ලබාගැනීම සදහා කිමිදුනු කිමිදුම්කරැවන් විසිනුයි:


ස්භාවික ස්පන්ජි සහ පැරණි කිමිදුම් කට්ටලයක්

මේක හමුවුනේ, ඉවුජියන් මුහුදේ තියෙන ඇන්ටිකිතෙරා නැමති දූපත ආසන්න මුහුදු පතුලේ තිබිලායි. මේ දූපතට ආසන්නයෙනුයි ග්‍රීසිය තිබෙන්නේ. කිමිදුම්කරැවන්ට ඒ ප්‍රදේශයේ මුහුද යට, පැරණි නැවක සුන්බන් කොටස් හමුවුණා. මේ සුන්බුන් අතර තිබුණා කොරල් වලින් වැහිච්ච පෙට්ටියක්. එය හදා තිබුනේ ලෝහමය ඇලෝයි වලින්. මේ පෙට්ටිය පසුව ග්‍රීසියේ ඇතන්ස් කෞතුගාරයට ගෙනයනු ලැබුවා. ඒත් ඒ පෙට්ටිය ඇතුලේ කිසියම් පුදුමාකාර දෙයක් තියෙනවායි කියලා දැනගන්න පුළුවන් වුනේ අවුරැදු 50කට විතර පස්සේයි.