Social Icons

Saturday, August 24, 2013

නාසා විද්‍යාඥයෙක් පිටසක්වලට යාත්‍රා කිරීමට හැකි යානාවක් තැනීමේ මුල් පියවර තබයි.

අභ්‍යවකාශ යානයකට හෝ වෙනත් වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවා යාමට නොහැකි බව සාමාන්‍ය භෞතික විද්‍යාවේ මූලධර්මයකි. එහෙත් මෙම මූලධර්මයට කොකා පෙන්විය හැකි ක්‍රම දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ වෝම්හෝල් එකක් හරහා යාමය. අනෙක, අවකාශ්‍ය හැකිලීම හෙවත් "Warp" වෝප් තාක්ෂණය (තවමත් පර්යේෂණ මට්ටමේ පවතින) භාවිතා කීරීමයි. අභ්‍යාවකාශ යානා වල යාන්ත්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂයෙහි නියැලෙන නාසා විඥ්‍යාඥයෙකු වන හැරල්ඩ් "සොනී" වයිට්, ඉහත කියූ දෙවැනි ක්‍රමය යොදාගෙන, ආලෝ‍කයේ වේගය පරදවමින් ගමන් කළ හැකි යානයක් සෑදීමේ මුල් පියවර තැබීමට සූදානම් වෙනවා.

හැරල්ඩ් "සොනී" වයිට්

වෝප් තාක්ෂණය යනු මොකක් දැයි සරළව පැහැදිලි කිරීමට උත්සාහ කරන්නම්: ඔබේ නිවසේ සිට ඔබේ මිතුරාගේ නිවසට පයින් යෑමට විනාඩි 10ක් යනවා යැයි සිතමු. එහෙත් අප ඔබේ මිතුරාගේ නිවසට යාමට වෝප් තාක්ෂණය යොදා ගනිමු. මේ සදහා වෝප් එන්ජිමක් සෑදිය යුතුය. එවැනි එන්ජිමක් සාදා ඔබ එය අතේ තබාගෙන සිටිනවා යැයි සිතන්න. දැන් එම වෝප් එන්ජිම මගින් සිදු කරනු ඇත්තේ, ඔබේ නිවස සහ ඔබේ මිතුරාගේ නිවස අතර අවකාශය හැකිලවීමයි -- හරියට රෙදි පටියක් හකුළුවන්නා වගේ. මෙසේ හැකිලවූ විට, රෙදි පටිය කෙටි වන්නා වගේ නිවෙස් දෙක අතර ඇති දුර අඩු වෙනවා. දැන් මිතුරාගේ නිවසට ඇවිදින විට, යාමට සිදුවන්නේ කලින්ට වඩා කෙටි දුරක්. කලින් විනාඩි 10ක් ගතවූ ගමනට දැන් ගතවන්නේ ඊට අඩු කාලයක් -- ඇතැම් විට විනාඩි 2ක්. වෝප් තාක්ෂණයෙන් මූලික වශයෙන් සිදුකරන්නේ මෙවැනි දෙයක්. අභ්‍යාවකාශ යානයක් වෝප් තාක්ෂණය පාවිච්චි කලොත් සිදුකෙරන්නේ, පොළොව සහ අපට ලගම ඇති චක්‍රාවාටයකට (ඇන්ඩ්‍රොමීඩා යැයි සිතමු) ඇති අවකාශය ඉහත දී කීවාක් මෙන් හකුළුවා දැමීමයි. මෙසේ හැකිලූ විට, යානයට ආලෝකයේ වේගයෙන් නොයා, සාපේක්ෂ වශයෙන් කෙටි කාලයකදී එම චක්‍රාවාටයට යා හැකි වෙයි. වෝප් තාක්ෂණයෙන් ගමන් කිරීම යනු මෙයයි.

---------------
අතුරැ කථාවක්:

ඔබ "ස්ටාර්-ට්‍රෙක්, ද‍ නෙක්ස් ජෙනරේෂන්" ටෙලි මාලාව හෝ චිත්‍රපට නරඹා තිබේ නම්, එහි කැප්ටන් පිකාර්ඩ් ගේ තරැ යානය ක්‍රියාත්මක වන්නේ ද මෙම වෝර්ප් තාක්ෂණය අනුවයි. එම ටෙලි මාලාව, භෞතික සහ ක්වොන්ටම් විද්‍යාත්මක නියාම වඩාත් ම නිවැරදි ලෙස භාවිතා කර තැනූ ලොව එකම විද්‍යා ප්‍රබන්ධ ටෙලි මාලාව ලෙස සළකණු ලැබෙන අතර, අද සමහරක් භෞතික විද්‍යාඥයින් පවසන්නේ තමන් සොයා ගත් අළුත් විද්‍යාත්මක නියාමයන් තමන්ගේ හිසට පැමිණියේ "ස්ටාර්-ට්‍රෙක්" නැරඹීමෙන් බවයි!

කැප්ටන් පිකාර්ඩ් සහ ඔහුගේ තාරකා යානය

---------------

මේ අයුරින්, තරැ යානයකට සුදුසු වෝප් තාක්ෂණයෙන් යුතු එන්ජිමක් නිර්මාණය කිරීමේ පරමාර්ථයෙන් යුතුව, විඥ්‍යාඥ හැරල්ඩ් වයිට් දැන් තම විද්‍යාගාරයේ පර්යේෂණ සිදු කරමින් යනවා. මෙය යථාර්ථයක් කර ගැනීමට හැකි නම්, එයට සැළකිය යුතු කාලයක් ගතවන ඇති බව අපේ අදහසයි. මේ ගැන අළුත්ම තොරතුරැ හමුවුනු විගස අප මෙම බ්ලොගයෙහි ඒවා පළකිරීමට අදහස් කරමු.

No comments :

Post a Comment