Social Icons

Friday, August 9, 2013

ගුප්ත ලෝකයේ රහස් - 1 මායාකරැවෝ - 3

ගුප්ත ලෝකයේ රහස් - 1 මායාකරැවෝ - 3

ඊජිප්තුවෙන් පසුව ඇරඹුණු දියුණු ශිෂ්ඨාචාරය වුනේ ග්‍රීසියයි. ඒ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ දී. මෙහි පළමුවැනි විද්‍යා ගුරැවරයා වුනේ පයිතගරස්.  අප අපට තියෙන ලිවීමේ හැකියාව, ගොඩනැගිලි, සංගීතය, අදී මේ සියල්ල බිහිකිරීමේ මූලිකත්වය ගැනීමේ ගෞරවය පයිතගරස්ට හිමිවෙනවා. තමාගේ ඥාණය ලබාගැනීමට, ඔහු ලෝකය වටා ඇවිද්දා, යටගිය ගුප්තමය රහස් සොයමින්. ඔහු ලෝකේ වටේ තැන තැන පැතිරී තිබුණු ගුප්ත විද්‍යාත්මක පාසැල් වලින් තමාගේ ඥාණයට බීජ නෙලා ගත්තා. ඊට පස්සේ ඔහු තමා සොයාගත්ත මේ සියළු දැනුම එකතු කර, තමාගේම අළුත් දර්ශණයක් නිර්මාණය කලා. ඔහු තමාගේ දර්ශණයට පදනම කරගත්තේ ගණිත සාස්ත්‍රයයි.

පයිතගරස්

පයිතගරස් ගණිතය සැළකුවේ, අනෙක් ඕනෑම නිර්මාණයකට මූලික සාධයක එය හැටියටයි. ඔහු තමාගේ දර්ශණය ඉගැන්වීමට, ඉතාලියේ ක්‍රෝටල් පලාතේ පාසැලක් පවා ආරම්භ කළා. පස්සේ, ඇරිස්ටෝටල් මේ දැනුම විද්‍යාවට පෙරලුවා.

එහෙත් අවාසනාවකට, ඉක්මනින්ම ක්‍රිස්තියානි බලය ලෝකයේ පැතිරෙන්න පටන් ගත්තා. ඔවුන් දැනුම බල්ලාට දාලා කීවා, දැනුම මිනිස්සුන්ට අදාල එකක් නෙවේ දෙවියන්ට විතරක් කැප වුණ එකක් කියලා. ඉතිං ඔවුන් රටවල් ආක්‍රමණය කරලා, දැනුම ලබාදුන්න පාසැල් පුච්චලා බිමට සමතලා කළා. පයිතගරස් තමන්ගේ ගමට ආපසු ගිහිං සිය දිවි නසා ගත්තා. ඒක දුක්බර කතාවක්. ඉතිං මීලග අවුදරැ දහස ගෙවෙන තුරැ, ක්‍රිස්තියානි බලය යෝධ කළු වළාකුලක් වගේ ලෝකේ වසාගෙන, එහි විද්‍යාත්මක සහ ගුප්තමය ශාස්ත්‍රීය දියුණුව අඩපණ කර දැම්මා. මොකද ඔවුන් බය උනා, මිනිස්සු විද්‍යාවත් සමග දියුණු වෙලා, ඒක දේව වාදය ප්‍රශ්ණයට ලක් කරයි කියලා. විද්‍යාව සහ ගුප්ත විද්‍යාව හැදෑරෑ අයව ඔවුන් දාස් ගානින් පණ පිටින් පුළුස්සා දැම්මා, ඔවුන් සාතන් සමග වැඩ කරන පිරිසක් කියලා හංවඩු ගහලා. 

ඒත් ඉතිහාසය හැමවෙලේම ආපහු කැරකිලා එනවා කියනවනේ. ඒ වගේ ක්‍රිස්තියානි බලය තුලින්ම, නොහිතපු විදියට ආපහු පැරණි විද්‍යාවන් මතුවී ආවා. ක්‍රිස්තියානි අධිරාජ්‍යය හිතලා කරපු දෙයක් එහෙම නෙමේ මේක, අනික් ආගම් විනාශ කරන්න ඔවුන් කරපු "කෲසේඩ්" හෙවත්, "කුරැසය නාමයෙන් කරපු ශුද්ධ යුද්දය" (වෙන වචන වලින් කියනවා නම්, අනික් අගම් වල මිනිස්සු මරා දැමීම) නිසා උන දෙයක්. ඒ මෙහෙමයි. ඒ කාලේ සමහර මුස්ලිම් පල්ලි වල, පැරණි ඊජිප්තු පොත්, ලියවිලි ආදයි සෑහෙන්ට ආරක්ෂා කර තිබිලා තියනවා කාටත් නොදැනී. මේ පල්ලි විනාශ කරන්න ගිය ක්‍රිස්තියානි හමුදාවල්, කුතුහලය නිසා මේවා කියවලා, ඒවා ආපසු යුරෝපයට ගෙනත් තියනවා. ඉතිං මේ දැනුම යුරෝගයේ මිනිස්සු අතර ආයෙත් පැතිරෙන්න පටන් ගත්තා. අවුරැදු දාහකටත් මැඩිය කෲර ක්‍රිස්තියානි පාලනය යටතේ හිටපු යුරෝපීය මිනිස්සු, විද්‍යාවක් කියලා දෙයක් තිබුනාද වත් කියලා නොදැනයි හිටියේ. ඉතිං මේ පැරණි දැනුම නැවතත් ටික ටික පැතිරෙනකොට, ඔවුන්ට තේරැණා පැරණි කාලේදී අදට වඩා බොහෝ දැනුමක් මිනිස්සු අතර තිබුණු බව.

මතු සම්බන්ධයි... 

(1x1 16.45)

6 comments :

  1. ෴මෙම බ්ලොග් අඩවියෙ පලවන ලිපි පිලිබද පාඨක ඔබගෙ අදහස් අප වෙත දක්වන මෙන් ඉල්ලා සිටින අතර ලිපි ලිවිමට මාර්ථුකා යොජනා කල හැක​෴

    ReplyDelete
  2. ගොඩක් දෙනෙක් කියවන්න ආසා කරන දේවල් ගොඩක් තිබුනත් මම හිතන්නේ ඔබේ වාණිජ පරමාර්ථ නිසා තමයි කොමෙන්ට් එකක්වත් දකින්න නැත්තේ. ඉස්සරලාම කොමෙන්ට් වෙරිෆිකේෂන් එක අයින් කරන්න. ඔය එහෙන් මෙහෙන් උඩට එන බැනර් ටික කියවන කෙනාට කරදරයක් නොවෙන්න දාන්න. එතකොට ගොඩක් අය එයි.

    ReplyDelete
  3. Banner tika display une ada witharai. Don't worry ewa ain kala. Ewa Test karanna dapu banner wagayak. Comment varification ain karala thiyenne.
    Adahas dakwuwata sthuthiy

    ReplyDelete
  4. hmm....mamanam danna widiyata kurusa yuddaya athi wunee thurki warun konsthanthinopalaya allagathata passe..anika christian christian kiyala thanin thana tiba..eeka mona adahasakin dammada danna...but kurusa yudde athikaranna mulika wunee catholic pop wahansela..hmm..anika..catholic church wala pop wahansela balaya anisi widiyata pawichi karapu nisa thamai christian agam athi wunee eekata wirudawa..but eeka catholic agame waradak nemey,eeka bala thanhawen hitya minisun nisa wuna waraddak..onama agamaka agama kochara hoda wunath pujakayo hari meheya wanna hari inne minisu,eegolan hari aya nowenna puluwan..(y)

    ReplyDelete
  5. Oya kiyana de hari athi mamath Christian Catholic wenasa danagaththe me lagadi. Adahas dakwuwata sthuthiy.