Social Icons

Tuesday, October 29, 2013

කාමුකත්වය මිනිස් පරිනාමයට සහ මිනිස් සහ-සම්බන්ධයට බලපෑ සාධකයක්

පොදුව පිළිගන්නා ජෛව විද්‍යාත්මක පරිණාමය, මිනිසාගේ මහා තාක්ෂණික පරිණාමය විස්තර කිරීමට සමත් වී නෑ - 2

"මිනිසාගේ විඥ්ඥාණය වර්ධනය වූයේ කෙසේද? එය සිදුවූයේ මෙසේයි: අප තණ පිටි වල ආහාර සොයමින් -- අල වර්ග ආදිය -- යන විට, සිලිසයිබින් අඩංගු හතු වර්ග සුළු සුළු වශයෙන් අ‍පගේ ශරීරගත වුනි. මෙය ඉතා සුළු වශයෙන් ශරීර ගතවීමක් වූ හෙයින්, මනසට කිසිදු වෙනසක් දැනීමේ හැකියාවක් නොතිබුනි (සිලිසයිබින් මනෝක්‍රියාකාරී වේ). කෙන්යාවේ බැබූනවින් සැවානා බිම් වල ඇති ගොයම් හාරවුස්සමින් යන හැටි මම දැක ඇත්තෙමි -- ගොයම් යට කෑමට පිලවු සිටින බව ඔවුහු දනිති. අපේ මුතුන්මිතෝත් ආහාර සෙවුවේද මෙපරිදිය.

පර්යේෂණ වලට අනුව පෙනී ගොස් ඇත්තේ, සිලිසයිබන් සුළු වශයෙන් පමණක් මනුශ්‍යයින්ට දුන් විට ඔවුන්ගේ පෙනීම තියුණු වන බවයි. පර්යේෂණය සිදුකල විද්‍යඥයා මා හට මෙසේ කීවේය: මේ සිලිසයිබින් වලින් අපිට ස්වභාවධර්මය ගැන වඩාත් පැහැදිලි අවබෝධයක් එන බව පේනවා, මගේ තරැණ මිත්‍රයා..

ආදි කල්පික ලෝකයේ ඇස් පෙනීමේ සූක්ෂමතාවය යනු ජීවත් වීමට කරන සටනේ ප්‍රභල අවියකි. කුඩා සත්වයෙකුගේ චලනය දැකීම යනු ඌව ආහාරයට ගැනීමේ පොටක් පෑදීමයි. ‍එමෙන්ම විශාල සත්වයෙකුගේ චලනය දැකීම යනු, ඔබ උගේ අහාරයට පත් වීමේ අවධානම නැති කිරීමට පොටක් පාදා ගැනීමයි..

..සිලිසයිබින් ආහාරයට ගැනීම නිසා තියුණු වූ දෑස් ඇති වූ මිනිසුන් පරිසරයට වඩාත් අනුවර්ථනය වන්නට පටන්ගත්තා. එම බිම්මල් ආහාරයට නොගත් අය -- රසයට අකමැති වීම නිසා හෝ වෙනත් හේතු නිසා -- සමාජයෙන් කොන් වෙන්න පටන් ගත්තා -- මොකද තියුණු ඉන්ද්‍රියන් ඇතිසගයින් සමග ඔවුන්ට තරග කිරීමට බැරිවුණු නිසා. එමෙන්ම ඔවුන්ගේ ආයු කාලය කෙටි උනා, ඔවුන් දුර්වල වුනා. ඒ කියන්නේ ඔවුන් ලමයි හැදුවේ අඩුවෙන්. මේ නිසා ඔවුන් වද වේගන යාමේ සීඝ්‍රතාවය වැඩිවුනා. මේක තමයි පරනාමයට බලපෑවේ.

තවත් දෙයක් තමා, සිලිසයිබින් හතු මදක් වැඩි ප්‍රමාණයෙන් අහාරයට ගත් විට ඔබට රාගික හැගීම් ඇතිවෙන්නට ඉඩ තිබීම. ඉතින් බිම්මල් වැඩියෙන් ආහාරයට ගත් අපේ මුතුන් මිත්තෝ එකිනෙකා සමග කාමුකත්වයෙන් බැදිනා වැඩියෙන් ලමයින් හැදුවා. මෙය බිම්මල් ආහාරයට ගත් මිනිස් වර්ගයේ වැඩිවීමට හේතුවක් වුනා.

තවත් දෙයක්. සියළුම සත්ව වර්ග වල තියෙනවා, ප්‍රභලයින් අනෙකුන් පාලනය කිරීමට උත්සහ කිරීමේ ගතියක්. සිලිසයිබින් බිම්මල් ආහාරයට ගන්නා අය දන්නවා, එය ආහාරයට ගත් විට මෙම ප්‍රභලත්වයට පත් වීමේ ආශාව, මානසිකත්වය, දියවී යන බව -- එකිනෙකා කෙරෙහි බැදීමක් ඇතිවෙන බව. මෙහෙයින් අපේ මුතුන් මිත්තන් මෙය ආහාරයට ගත් විට, ඔවුන්ටත් මේ දෙයම සිදුවුනා. ප්‍රභලත්වයට පත්වීමේ මෙම අවශ්ය්තාවයේ දියවීම අවුරැදු 100,000ක් තිස්සේ සිදුවුනා.

එමෙන්ම පෙර කියූ කාමුකත්වය වැඩි වීම හේතුවෙන් ඔවුන් සෑම කෙනෙක්ම සෑම කෙනෙක් සමගම නින්දට යෑමේ ප්‍රවනතාවයක්ද, ඒ හේතුවන් වැඩි දරැවන් සෑදීමක්ද ඇති වුනා. මෙයින් සිදුවූයේ කුමක්ද? කිසිවෙකුටත් කිසිම දරැවෙකුට අයිතිවාසිකමක් කීමට බැරිවීම. ඇත්තෙන්ම ඔවුන් දැන සිටියේ නෑ කිසිම දරැවෙකුගේ මව පියා කවුරැද කියා. මෙහි ධනාත්මක ප්‍රතිපලය කුමක්ද? කිසිවෙකුට දරැවන් බෙදාගන්න බැරි වූ නිසා, ඔවුන්ට සිදු වුනා මේ හැම දරැවෙක්ම “අපේ” දරැවන් කියා නම් කිරීමට -- "අපේ" කණ්ඩායමේ දරැවන් ලෙස නම් කිරීමට. මෙය සමාජය එකට බැද තබන දැඩි බන්ධනයක් වුනා. (වර්ථමානයේ නම් 'මගේ' දරැවා කියන සංකල්පය කොතරම් ඉහල ගොස් තිබෙනවාද කියතොත්, තමන්ගේ නොවන දරැවෙක්, තමන්ගේ දරැවාට බැන්නොන් ඔහුව ඇයව මැරීමට පවා මවුපියන්ට අදහස් පහල වෙනවා)

මෙසේ, මෙම ප්‍රභලත්වයට ඇති ආශාව අයින් වූ පසු, පොදු බව ඇති වූ පසු, මිනිස්සුන්ට හැකි වුනා වඩාත් දියුණු ක්‍රියාකාරකම් අරඹන්න -- කලාව, අනෙකාට ගරැ කිරීම, නර්තනය -- මේ වගේ දියුණු මොළයකින් කරන්න පුළුවන් හැම දෙයක්ම.....”

No comments :

Post a Comment