Social Icons

Thursday, August 22, 2013

පැරණි මිනිසා පිටසක්වල ජීවීන් සමග සම්බන්ධතා පැවැත්වූවා යැයි පිළිගන්නා විද්වතුන් (1). අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. දොළොස් වැනි අඩිය.

පසුගිය "අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව" ලිපි සියල්ලේම අප "ගවේශකයින්", "විද්‍යාඥයින්", "පැරණි පිටසක්වල ජීවීන් ගැන විශ්වාස කරන්නන්" යනාදී වශයෙන් පුද්ගලයින්ව හැදින්වූවා. ඔබ බලනවා වෙන්න පුළුවන් කවුද මේ නමක් නැති පුද්ගලයින් කියා. මේ ලිපියේදී මුළින්ම අප ඒ හැදින්වූ කීපදෙනෙක් ගැන දැනගනිමු.

* මහාචාර්ය ලුවීස් නවීයා:

මෙතුමා නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේදී දර්ශණ විද්‍යාව හැදෑරෑ අතර, 1972 දී තම මහාචාර්ය්‍ය උපාදිය ලබාගත්තේය. මහාචාර්ය්‍ය නවීයා දැනට නිව්යෝර්ක් තාක්ෂණ විද්‍යාලයේ සහාය මහාචාර්ය ධූරය දරණ අතර, විශේෂයෙන්ම ඔහු තාරකා විද්‍යාව පිළිබදව උනන්දුවක් දක්වන්නේය. එමෙන්ම ඔහු 1975 දී "තාරකා විද්‍යාව පිළිබද සහතික පත්‍රය" ලබා ගත්තේය. ඔහු දැනට තාරකා විද්‍යාව, දර්ශණ විද්‍යාව ඇතුළු විශයන් පාදක කොටගත් පොත් 20කට අධික ප්‍රමාණයක් ලියා ඇත.

* ඩේවිඩ් හැචර් චයිල්ඩ්‍රෙස්:

මෙතුමා ග්‍රන්ථ කතෘවරයෙක් වන අතර, Adventures Unlimited Press නැමති ග්‍රන්ථ ප්‍රකාශණ සමාගමේ හිමිකරැයි. මෙම සමාගම මගින් පළ කරන්නේ, පැරණි අභිරහස්, නොවිසදූ අභිරහස් සිදුවීම්, alternative history හෙවත් ප්‍රසිද්ධ ඉතිහාසයෙන් බැහැර යමින් ලියවුණු ඉතිහාසය, ආදී මාතෘකා යටතේ ලියවුණු පොත්ය. ඔහු ලියූ පොත් අතර, අත්ලාන්තිස් සහ ලෙමූරියා ශිෂ්ඨාචාර පිළිබද අභිරහස, පුරාණ ගගණගාමීන්, පියාඹන පීරිසි, නිකොලාස් ටෙස්ලා, ටෙම්ප්ලාර් නයිට්වරැ, අතුරැදන්ව ගිය නගර, "විමාන" ගුවන් යාත්‍රා ආදී මාතෘකා වලින් ලියවුණු පොත් ප්‍රසිද්ධය.

එරික් වොන් ඩැනිකන්:

පැරණි පිටසක්වල ජීවීන් සහ මිනිසාගේ සම්භවය මත ඔවුන්ගේ බලපෑම පිළිබද ගවේශණය කිරීම සහ ලිවීම පිළිබද වඩාත්ම ප්‍රසිද්ධ පුද්ගලයා මොහුය. මෙතුමා ස්විස් ජාතික කතෘවරයෙක් සහ ගවේශකයෙක් වන අතර, ඔහු පොත් 30කට අධික සංඛ්‍යාවක් ලියා ඇත. ඉංග්‍රීසි භාශාවෙන් ඔහු ලියූ පොත් අතර ජනප්‍රියතම පොත වන්නේ "Chariots of the Gods?නැමති ග්‍රන්ථයයි. 

* සේරා සීගර්:

මෙතුමිය දැනට මැසචුසෙට් තාක්ෂණ විද්‍යාලයේ මාහාචාර්ය ධූරයක් දරයි. ඇය තාරකා විද්‍යාව පිළිබද Ph.D උපාධියක් සහිත තාරකා විද්‍යාඥවරියක් වන අතර, සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට ඇති ග්‍රහලෝක පිළිබද පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් ඈ ප්‍රකටය.

* ජෝර්ජ් නූරි:

ජෝර්ජ් නූරි, කෝස්ට්-ටු-කෝස්ට් (coast-to-coast) නැමැති රේඩියෝ වැඩසටහන මෙහෙයවයි. කොස්ට්-ටු-කෝස්ට් යනු, අසාමාන්‍ය හෝ අද්භූත සිදුවීම් සහ රාජ්‍ය කුමන්ත්‍රණ ආදිය පිළිබදව බහුලව කථා බහ වන වැඩසටහනකි. නූරි 1972 දී, සන්නිවේදනය පිළිබද තම උපාධිය ලබා ගත්තේ ඩෙට්‍රොයිට් සරසවියෙනි.

* ජෝර්ජියෝ A. සුකාලෝස්:

ජෝර්ජියෝ කතෘවරයෙකි, එමෙන්ම ඔහු රෑපවාහිනී නිවේදකයෙකි. ඔහු Legendary Times නැමැති සගරාවෙහි ප්‍රකාශකයාද වේ. එරික් වොන් ඩැනිකන්, ඩේවිඩ් චයිල්ඩ්‍රෙස් වැනි අප ඉහත දැක්වූ පුද්ගලයින්ගේ සහ පීටර් ෆයිබෙග්, රොබර්ට් බුවාල්, ලූක් බර්ගින් යනාදී අයගේ ලිපි අඩංගු මෙම සගරාවෙහි, බොහෝ විට පෞරාණික ගගණගාමීන් පිළිබද ලිපි පළ කෙරෙයි. තවද, එරික් වොන් ඩැනිකන්ට අයත් "පැරණි ගගණගාමීන් පිළිබද මධ්‍යස්ථානයේ" අධ්‍යක්ෂක ලෙසද ජෝර්ජියෝ දැනට අවුරැදු 12ක් තිස්සේ කටයුතු කරයි. ඔහු The Travel Channel, The History Channel, the Sci-Fi Channel, the National Geographic Channel වැනි රෑපවාහිනි චැනලයන් ගණනාවක වාර්ථා වැඩසටහන් වල ද, Coast-to-Coast රේඩියෝ වැඩසටහනෙහිද පෙනී සිට ඇත.
-----

ඉහත දැක්වූයේ, පෞරාණික කාල පර්ච්ඡේද වලදී මිනිසා පිටසක්වල ජීවීන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට පිළිගන්නා හෝ එම අදහසට විරැද්ධ නොවන මත පළ කරන විද්‍යාඥයින්, ගවේශකයන්, ලේඛකයන් කීප දෙනෙක් ගැනය. ඉදිරි ලිපියකදී, එම මතය පිළිගන්නා තවත් පුද්ගලයින් ගැන සළකා බලමු.

2 comments :

  1. කාලෙකින් හමුවුනු නියම බ්ලොග් එකක්. දිගටම ලියන්න සුබ පැතුම්.

    අර ක්වොන්ටම් විද්‍යාව ගැන ලියපු ලිපියට මම හරි කැමතියි. පුලුවන්නම් ඒ වගේ ඒවා දිගටම ලියන්න. අද ඔයාගෙ ඔක්කොම ලිපි ටික කියෙවුව. එකක් දෙකක් ඇරෙන්න.

    ReplyDelete
  2. ගොඩක් ස්තූත්යි Comment එකට. ආසාවෙන් මේ වගේ දේවල් කියවන අයත් ඉන්නව කියල දෑනගන්න එකත් ලොකු සතුටක්. බ්ලොග් එක එක්ක දිගටම රෑදී ඉන්න. අදහස් දක්වූවට ස්තූතියි