Social Icons

Saturday, November 9, 2013

මිනිසාගේ ඒකීය මානසිකත්වය දිය වී යයි

(Terrence mackenna ගේ "Dreaming Awake At the End of Time" යන දේශණය ඇසුරින් ලියවුනක් අතර, මෙහි සියළු අයිතිය ඔහු සතුය)

"20 වෙනි සතවර්ශය ඇරඹුනේ පැරණි ජන සමාජ ක්‍රමය යලි උද්දීපනය කිරීමේ බලවත් ආශාවකිනි -- ප්‍රොයිඩ් සහ යුං උප විඥ්ඥාණය සොයාගැනීම, පිකාසෝ ප්‍රාථමික අප්‍රිකානුවන්ව පැරීසියට දක්කාගෙන විත් ඔවුන්ව තම චිත්‍ර වලට මිශ්‍ර කිරීම, නූතන සමාජය විවේචනය කළ ඩාඩාශිල්පය, පාරභෞතික විද්‍යාවට යටින් ඇති සත්‍යය සෙවූ පැතාපිසික්ස් විද්‍යාව, එමෙන්ම ජාතික සමාජවාදය පවා -- මේ සියල්ලක්ම, සමහරක් ඍණාත්මක සහ සමහරක් ධානාත්මක සංකල්ප වුවද, මේ සියල්ලම දැරැවේ එකම තේමාවකි. එනම්, ආදි කල්පික ලෝකය නැවත ගෙන ඒමයි. ඉතිහාසයට පෙර පැවති යුගය නැවත ගෙන ඒමේ ආශාවයි.."

‍"ප්‍රාග් ආදී කාලීන සමාජයට පසුව සිදුවූ දෙය වුයේ, මිනිසාට නගර සහ පවුරැ බිහිකිරීමට සිදුවීමයි -- ජාති සහ කුල වලට බෙදී, තම වර්ගයා ආරක්ෂා කර ගැනීමට තමන් වටා ගොඩනැගලි සෑදීමට සිදුවීමයි. මෙයින් තෘණ බිම් හරහා සමූහ වශයෙන් ඇවිදීම පරදවා, එක් තැනක වාසය කිරීමේ බේධය ඇතිවූවා. මෙතැනදී තමයි, මිනිස් යථා විඥ්ඥාණය සහ අවිඥ්ඥාණය අතර බේදය හටගත්තේ. නගර ඉදිවීමත් සමග, පුරැෂ ආදිපත්‍යය, හමුදාවන්, කුළ බේදය, වහල් භාවය, ගැහැණුන් යනු බඩු බාහිරාදිය බව සැළකීම, යනා දී මේ සියළු දේ ඇතිවුණා. අද අපි යනු, මේ ඇතිවූ විකෘත අපිලිවෙලභාවයෙහි වර්ථමාන නෑ පරපුර වෙමු.."

"මෙසේ වෙන් වෙන් වශයෙන් බෙදී ජීවත්වීමේ මනුශ්‍ය ආශාව ඇති වූයේ කෙසේද? මෙය ඇති වුයේ ෆ්‍රොයිඩ් 'ඊගෝ' ලෙස හැදින්වූ 'මමත්වය' හේතුවෙනි. මෙම 'මමත්වය' පැමිණියේ ඉතිහාසයේ බොහෝ පසුකාලයකයි. එමෙන්ම මෙම ඊගෝව ඉතා දුබලයි. තවද එය තමා ගැනම ඇත්තේ ඉතාමත් අස්ථිර සෙලවෙන අදහසක්. එහෙත් පුදුමය වන්නේ, 'මමත්වය' සමාජ සංස්ථාවෙහි සහ මිනිස් විඥ්ඤාණය තුළ පැළපදියම් වී ඇත්තේ පිළිකාවක් ලෙසට වීමයි. ‍මමත්වය ඇතිවූය් ආදී මනුශ්‍යයා තුල හට ගැනුණු, අනෙකා යට කිරීමේ රෝගය මුල් කොටගෙනය.

ඊගෝව තමාව තහවුරැ කරගන්නේ විවිධ සීමා මායිම් ඇති කරගැනීමෙනි. මුළින්ම එය පවසන්නේ 'මේ මගේ සිරැරයි -- එය ස්පර්ශ කරන්න එපා'. දෙවනුව එය මෙසේ කියයි 'මේවා මගේ උවමනාව පිණිස ඇති බඩු භාණ්ඩයි. ඒවා ස්පර්ශ කරන්න එපා.' 'මේ මගේ ගෑනි' 'මේ මගේ මිනිහා' 'මේ මගේ ලමයි' යනාදී වශයන්.. ලෝකය හා සම්බන්ධ මේ මිත්‍යාමය සීමා මායිම්, මමත්වයෙහි වර්ධනය ඇතිකරයි.."

"ලෝකයේ සිදුවූ මෙම බෙදීමයි මමත්වයේ නැගීමට හේතුව. මනෝක්‍රියාකාරී psychedelics වලින් මෙයට විසදුමක් තිබේ. ඒවායින් සිදුවනුනේ මේ සාදාගෙන ඇති බෙදීම් ඉවත් කීරීමයි. මායානු ශීෂ්ඨාචාරයේ සිට පූජිවාරා ශිෂ්ඨාචාරය දක්වා සියළුම ශිෂ්ඨාචාර දක්වා සහ ඊට පසු ශීෂ්ඨාචාර දක්වාද ඇති සියළුම ශිෂ්ඨාචාර වලදී සිදුකර ඇත්තේ සීමා මායිම් සෑදීමයි. ඔබ එම සීමා වලින් පිටගිය හොත් ඔබව හදුන්වනු ඇත්තේ පිස්සෙකු බූතයෙකු ලෙසයි. මුළු සමාජයේම අප්‍රාසාදය ඔබ කෙරෙහි යොමුවෙයි.

මෙහෙයින් මා සිතන්නේ, මමත්වය යනු සිතට බලෙන් කඩා වැදුනු අකාර්යක්ෂම ආක්‍රමණිකයකු ලෙසයි. මම ආක්‍රමණිකයා පලවාහැරීමේ ක්‍රමය වන්නේ මිනිසුන් නැවත එක මානසිකත්වයකට ගන්නා කිසියම් ක්‍රමවේදයක් භාවිතා කිරීමයි. මෙලෙස මා දන්නා එකම ක්‍රමවේදය යන්නේ ශාඛ භාවිතා කිරීමයි. තිබෙන වෙනත් විධි ගැන මම වාද නොකරමි. එහෙත් අධ්‍යාත්මික වෙළද පොල පීරා බැලීමේදී මට හමුවූයේ ගොම පමණය. සමහරැන් අසනවා, රමණ මහාර්ෂී වැනි ආධ්‍යත්මක පුද්ගලයින්ගෙන් සහ අරහත්වරැන්ගෙන් පලක් නැතිද කියා. මා එවිට කියන්නේ, එය ඔවුන්ට හොදයි, ඒත් මා සැළකිලිමත් වන්නේ 'ප්‍රජාතන්ත්‍රවාදී' ක්‍රමවේදයක් පිළිබදව බවයි..."

No comments :

Post a Comment