Social Icons

Friday, August 30, 2013

ජෝ රෝගන් ගේ පීරමීඩ මූලධර්මය - අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව - දහතුන් වැනි අඩිය.

ප්‍රසිද්ධ ප්‍රහසන (හාස්‍ය) ශිල්පියෙකු, පොඩ්කාස්ට් මෙහෙයවන්නෙකු, "ඩී.එම්.ටී ද ස්පිරිට් මොලක්‍යුල් (DMT the Spirit Molecule)" සහ "ෆියර් ෆැක්ටර්" වැනි රෑපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙකුද වූ ජෝ රෝගන්, තම එක් ප්‍රහසනයකදී කළ හාස්‍ය කතාවක් මේ ලිපියෙදී ලියන්න හිතුනා. ඔහු අවසානයේදී පිරමීඩ ගැනත් අදහසක් ඉදිරිපත් කරනවා:

"...මොලකාරයින්ව පරදමින් මෝඩයින් ශීඝ්‍රයෙන් බෝවෙමිනුයි තියෙන්නේ. අපි හොග දෙනෙක් මෝඩයෝ -- මේක ලොකු ප්‍රශ්ණයක්. අපි කී දෙනෙක් මේක පිළිගන්න සූදානම්ද. මම දන්නවා මම මෝඩයි කියලා. ඒත් මට හම්බෙන අනික් මිනිස්සුන්ට වඩා මට මොලේ තියනව. මෝඩයින්ගේ ලක්ෂණය තමා, ඔවුන් මෝඩයි කියලා උන්ම දන්නෙ නෑ. .ගැබිණි ද නැද්ද කියලා පරීක්ෂා කිරීමට වගේ, තමන් මෝඩද නැද්ද කියලා පරීක්ෂා කරන්නත් උපකරණයක් තිබ්බා නම් හොදයි. ලෙව කාපුවම එකේ පෙන්නනවා මෝඩද නැද්ද කියලා. මෝඩයෙක් මේක ලෙව කාලා බලනවා. "මෝඩයි" කියලා එකේ පෙන්නනවා. ඒත් ඔහු/ඇය කියයි මේක හරියට වැඩ කරන් නෑ, කැඩිලා, කියලා -- පිළිගන්නෙ නෑ.

අපට මොලේ තියනවා කියලා අපි හිතන්නෙ ඇයි? මොකද, අපි මොලේ තිබුණු මිනිස්සු හදපු දේවල් ප්‍රයෝජනයට ගන්න හින්දා. ඒත් අපට ඒ පාවිච්චි කරන දේවල් එකක් වත් වැඩ කරන හැටි තේරෙනවද? අද ලෝකේ පාලනය කරන තාක්ෂණය ගැන අවබෝධයක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද. මොළකාරයෝ සේරම මැරැනොත් මොකද වෙන්නෙ? එතකොට මරැ, අපට නිදහසේ ඉන්න පුළුවන් වෙයි නේ? ඒත් මේ තියන එකක් වත් වැඩ කරන හැටි කවුද දන්නේ?.. (මයික්‍රො‍ෆෝනයට තට්ටු කරයි) ඒ සද්දෙ ආවෙ කොහොමද කියලා කවුද දන්නෙ? මං දන්නෙ කොහොමද. සද්දෙ එන හින්ද එනව. (විදුලි බල්බයක් දෙසට ඇගිල්ල දිගු කරයි) අරකෙන් එළිය එන්නෙ කොහොමද? මං දන්නෙ කොහොමද. එළිය එන හින්ද එනව. අදිනෙදා පාවිච්චි කරන උපකරන ගැන හිතන්න -- කොම්ප්‍යුටර්, ජංගම දුරකථන. මේ එකක් වත් හදන හැටි අපි දන්නවද? හොද කැමරා ෆෝන් එකක් තිබ්බා කියල මිනිහෙක් මොල කාරයෙක් වෙන්නෙ කොහොමද? කවුරැහරි මට කැමරාවයි ෆෝන් එකයි වෙන වෙනම දීල, මේ දෙක එකට හයි කරපන් කීවොත් අවුරැදු කෝටියකට වත් මට ඕක කරන්න බෑ. කැමරාවක් කියන්නේ මොකද්ද කියලා වත් මම දන්නෙ නෑ. බොත්තමක් ඔබපුවාම පින්තූරෙ වදිනව කියල නං මම දන්නවා, ඒත් ඒ දෙක අතරේ සිද්ද වෙන්නෙ මොකද්ද කියලා මම දන්නෙ නෑ. ඇතුලේ කූඹි වගේ මිනිස්සු ඉදගෙන පින්තූරේ පාට කරනවා වෙන්නත් පුළුවන්. මෙගපික්සල් කියලා කවුරැ හරි කියපුවම අනික් උන් කියනවා, "ආ උඹට මොලේ කියනවා" කියලා. ඒ උනාට කටින් පිටවෙන සද්දේ ඇරෙන්න, මෙගපික්සල් එකක් කියන්නේ මොකක්ද කියලා හරියටම කවුරැවත් දන්නවද? ඒ තියා, මේවා හදපු මිනිස්සු කවුද කියලා වත් කවුරැවත් දන්නවද? (සභාවෙන් විමසයි) යමක් මුළින් ම හොයාගත්ත කෙනෙක්ව කවුරැවත් අදුරනවද? කවුරැවත් ඔවුන් ගැන ඇහැ ගහගෙන ඉන්නවද, ඔවුන් ඉන්නවද මළාද කියලා? ඔවුන්ගේ ජාන සාමාන්‍ය මිනිස්සුන්ගේ ජාන එක්ක මුහු වෙන බවට වග බලාගන්න කෙනෙක් ඉන්නවද?

මං හිතන්නේ, එක දවසක මොලේ තියෙන මිනිස්සු ඔක්කොම මැරිල යයි, අපි ඉතුරැවෙයි අපි නොදන්න දේවල් රොත්තක් එක්ක. අනතුරැ ඇගවීමක් නැතුවම. දවසක, අපි මොනා හරි බිබී හොද කදයක් දාගෙන ඉන්නකොට එකපාරට ලයිට් යයි. එතකොට අපි කරන්නේ මොකද්ද -- ලයිට් දෙන මිනිස්සුන්ට බැන බැන ලයිටර් පත්තු කරන් ඉන්න එක -- ලයිට් එනකන්. ලයිට් ගියාම මම කරන්නේ, කොහාට හරි වෙලා ඉදගෙන, දැං එයි දැං එයි කිකිය ඉන්න එක. මොලකාරයෝ සේරම මැරිලා කියලා දැනගන්න අපට කොච්චර කල් යයි ද? බැටරි ඔක්කොම ඉවර උන දාක තමා ඒක තේරෙන්නේ. මොකද අපි කවුරැවත් බැටරියක් හදන්න දන්න එකක්යැයි. ඉතිං හැමෝම මෙහෙම කථා කරගන්නවලු: 'අපි හැමෝම ටෝච් අරන් පාරට එමු. මේක විසදගන්න පුළුවන් වෙයි එතකොට'.  ඉතිං හැමෝම පාරට ආවලු. මුළින්ම එකෙක් ඇහුවලු, 'ඉතිං ලයිට් හදන විදිය කවුරැවත් දන්නවද?' කියල. එතකොට අනික් උන් කීවලු, 'අපි දන්නෙ නෑ, උඹ දන්නවද?' කියලා. ඉතින් කවුරැවත් දන්නැති හින්දා, 'උදේට හම්බවෙමු' කියලා සියල්ලෝම විසිර ගියාලු. දැන් ඊලග ප්‍රශ්නෙ තමා, අපට ලයිට් නැති බව දැනගෙන කැලෑ සත්තු එලියට එන එක. උන් අපේ වතු වලට රිංගලා මුනුන්ද මේවයේ ඉන්නේ කියලා විපරම් කරලා බලනවා. දැන් උන් බය වෙන සද්දත් නැති එකේ, වලස්සු මිනිස්සුන්ව අල්ලං කන්න පටන් ගන්නවා. අල්ගන්නවා කීවට අල්ල ගන්ඩ දෙයක් නෑ, උංව දැක්ක ගමන් අපි කලන්තේ දාලා වැටෙනවා. ඔව් ඉතිං තුවක්කු තියන මිනිස්සු උන්ට වෙඩි තියයි -- පතුරන් ඉවර වෙනකන්. පතුරන් ඉවර උනාට පස්සේ ඉවරයි -- මොකද අපි පතුරන් හදන්න දන්න එකක් යැයි. ඉතිං ඉතුරැ වෙලා ඉන්න මිනිස්සු ටික මෙහෙම කතා වුනා ලු 'අඩෝ මෙහෙම ඉදල හරියන් නෑ, මුං අපිව මරාගන කන්න කලින් අපි කොහාට හරි යන්න වෙයි. කැලේට ගිහිං ගල් ගුහා වල ඉම්මු.' ඉතිං මිනිස්සු ගල්ගුහාවලට ගියාලු ආයෙත්. දැං වලහා ගල් ගුහාවේ දොර ලගට ආපුවාමු, ඔවුන් ඉස්සර වගේම ආයෙත් උල් කරපු රිටි අරගෙන ඌට ඇනලා පන්නනවා. මිනිස්සු ආයෙත් කල්ලි වලට බෙදිලා, කැලේ ගල් ගුහාවල මෙහෙම ජීවත් වෙන්න පටන් ගන්නවා. පරම්පරාවක් දෙකක් යනකොට මිනිස්සුන්ට සේරම අමතක වෙලා ඉවරයි. ත්‍රිකෝණමිතිය, කලනය, විද්‍යාව, මොනවාද කියන්න වත් ඔවුන් දැං දන්නෙ නෑ. අවුරැදු 200ක් ගියාම, පොළොව පැතලියි කියලා, ඉර තියෙන්නෙ කිලෝමීටර් 17ක් එහාහින් කියලා මිනිස්සු හිතන්න පටන්ගන්නවා -- බයිබලේ ලියපු මිනිස්සුත් එහෙමයි හිතුවේ. ඔවුන්ට ආය හිටි තත්වයට එන්න අවුරැදු දහ දාහක් ගතවේවි.

දැං ඕං මේ ගල් වැද්දොන් ගෙන් කල්ලියක්, පොලු අරං වැරහැලි ඇදගෙන ඇවිද ඇවිද යනවලු. එහෙම යනකොට කලින් තිබ්බ ලොකු නගරයක් හම්බුනාලු. වල් වැදිලා ගිය නගරේ උස බිල්ඩිං දැකලා එකෙක් මෙහෙම කීවලු, 'කවුද බං මේක හදන්ඩ ඇත්තේ. බලපංකො මේවයෙ උස'. එතකොට තව එකෙක් මෙහෙම කියනවලු, 'පිටසක්වල මිනිස්සු වෙන්ඩැති බං'. එතකොට අනිකා, 'ඔව් බං උන්ම තමා හදන්ඩැත්තෙ. අපේ උංට පුළුවනැයි මෙහෙම එකක් හදාගන්ඩ. මට නං බෑ, උඹට පුළුවන්ද?'. මම හිතන්නේ මේ සිද්දිය කළිනුත් වෙලා තියෙනවා. මම හිතන්නේ පිරමීඩ වල රහස ඒකයි. ඔබලා පිරමීඩ සම්බන්ධයෙන් තියෙන රෑපවාහිනී වැඩසටහන් බැලුවොත්, ඔවුන්ට හාංකවිස්සියක් නෑ කොහොම ඒවා හැදුවද කියලා. ඔවුන් කියයි මේං මෙහෙම ලීවර් පාවිච්චි කරලා හැදුවා, මෙහෙම ගල් උඩට ඇදගෙන ගියා කියලා -- හැබැයි වැඩි විස්තරයක් කියන්නෙ නෑ. මොකද, ලොකු පිරමීඩෙක තියනවා ගල් මිලියන තුනක් විතර. එක ගලක් ටොන් 8ක් විතර බරයි. සමහර ගල් කපලා තියෙන්නේ, හැතැම්ම 500කටත් එහා තියෙන ගල් කොරි වල. ඔවුන්ට මැෂින් වත්, ට්‍රක් වත් මොකවත් තිබුනේ නෑ. තිබුනේ තඹ ආම්පන්න. ඒ වුනාට මේ ගල් පුදුම සූක්ෂම විදියකට කපලා තියෙන්නේ -- දැලි පිහි තලයක් වත් ඒ ගල් දෙකක් අස්සෙන් යවන්න බෑ. ඒ වගේම පිරමීඩේ මූණු හතර, දිශා හතරට හරි කෙලින් එල්ල වෙලා තියෙන්න හදලා තියනවා. දවසකට ගල් 10ක් කැපුවොත්, පිරමීඩේ ගල් සේරම කපන්න අවුරැදු 6000ක් යනවා. එතකොට ගල් ගෙනල්ලා, උඩට ගෙනිහින් පිරමීඩේ හදන්න ඊට වඩා කල් යනවා. මේවා සේරම කලේ කවුද? -- 'රා' දෙයියෝ උදේට ඉර බෝට්ටුවක තියාගෙන අහ‍ස දිගේ මුහුදට අරං ගිහිං, රෑට ආපහු හද එහෙම අරං ආවා යි කියලා හිතපු මිනිස්සු. මේක වන්න පුළුවන් දෙයක්ද? ඔවුන්ට හිටියේ අවුරැදු 16යේ පාලකයෝ. ක්ලියෝපැට්‍රාට අවුරැදු 16යි රට පාලනේ කරනකොට. ඒක හරියට ලින්සි ලෝහන් ලෝකේ පාලනය කරනවා වගේ වැඩක්. එහෙම තියාගෙනත් ඔවුන් අර වගේ පිරමීඩ හැදුවද?

ෂුවර්ද? මට තියෙන්නේ වෙන තියරියක්. මම හිතන්නේ, එක මිනිස්සු කොට්ටාසයක් හිටියා මහා බුද්ධියක් තිබුන. ඔවුන්ට එකිනෙකාගේ හිත් කියවන්න පුළුවන් කම තිබුනා, ඔවුන්ට මමත්වයක් තිබුනේ නෑ, ඔවුන් මුළුමනින්ම අවංකයි, ඔවුන් විශ්වය සිතියම් ගත කලා -- උසස් මනුස්ස කොට්ටාශයක්. තව කොට්ටාසයක් හිටියා මැටි මෝල්ලු. මොවුන් තමා අර මිනිස්සු යටතේ වැඩ කරපු ගල් කපන්නෝ, කම්කරැවෝ. මේ මිනිස්සු වැඩි වැඩියෙන් ලමයි හදමින් අර බුද්ධිමත් මිනිස්සුන්ට වැඩි වේගෙකින් බෝවුනා -- බුද්ධිමත් මිනිස්සු බෝවුනේ බොහොම අඩුවෙන්. මම හිතන්නේ අපි තමා අර ඊජිප්තුවේ ගල් කපාපු මෝල්ලුන්ගෙන් පැවත එන එන මිනිස්සු. ඉතිං බුද්ධිමත් මිනිස්සු එක දවසක් වද වෙලාම ගියා. ඔවුනුත් එක්ක තාක්ෂණය නැති වුනා. දවසක් මෝල්ලුන්ගෙන් එකෙක් දෙකෙක් පිරමීඩයක් ලගට ආවා. බුද්ධිමත් මිනිස්සු සේරම වදවෙලා. එකෙක් අහනවා, 'දැං මොකද බං කරන්නෙ?'. අනිකා, 'දැනට අපි මේ පිරමීඩෙ ඇතුලට වෙලා ඉමු. පස්සේ ටික ටික සේරම එකලාසයක් කරගන්න බැරියැ.' ඉතිං මුන් මෙහෙම ඉන්න ගමන් බොරැ කියන්නත් පටන් ගත්තා. පරම්පරා දෙක තුනක් ගියාට පස්සේ කවුරැ හරි ඇහුවාම 'කවුද මේවා හැදුවේ?' කියලා, 'අපි තමා යකෝ, වෙන කවුද! අපි තමා එලම, අපි තමා නම්බර් වන්, ඊජිප්තුව! ඊජිප්තුව!!'. ඔහොම ඉන්න ගමන් ඔවුන් පිරමීඩ බිත්ති වල කෝටු මිනිස්සු අදින්න පටන් ගත්තා, 'ලමයි, අපි මේ බිත්ති වල මොනා හරි අදිමු. අපි අද කෝටු මිනිස්සු අදිමු.. මේ ඉන්නේ මිනිහෙක්, මිනිහා හානවා. මේ ඉන්නේ ගෑනියක්, ඒ ගෑනි පළතුරැ කූඩයක් අරං යනවා. මේක බොහොම වැදගත්. මේ මනුස්සයාට තියෙන්නේ මනුස්ස පස්සක්, ඒත් ඔළුව හිවලෙකුගෙ. ඉතිං මිනිහා බයානකයි.' "

මතු සම්බන්ධයි..

No comments :

Post a Comment