Social Icons

Wednesday, August 7, 2013

වසර දහස් ගණනකට එපිට විසු මුතුන් මිත්තන් ගගන ගාමින්ගේ රූප සිතුවම් කලේ කෙසේද? - 2

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.
අටවැනි අඩිය - පැරණි ගගණගාමී රෑප - 2

මීට පෙර ලිපිය තව ඉදිරියට අරගෙන යන්නයි මේ සූදානම. අපි තවත් පැරණි ආකෘතියක් ඉදිරිපත් කරනවා. මේ ආකෘතියෙන් පෙන්නන්නේ, කිසියම් යානයක් තුළ ඉදගෙන ඉන්න මිනිසෙකුවයි -- එහෙම නැත්තම් පිටසක්වලිකයෙකුවයි.

මේ ඔහුගේ අත්:

මේ ඔහු වටා ඇති බට:

මේ බටය යානයේ ඇති කිසියම් යන්ත්‍රයකට සවිවෙන බව පෙනෙනවා. මෙවැනි බට නවීන යන්ත්‍ර සූත්‍ර වල ඕනෑ තරම් භාවිතා වෙන බව ඔබ දන්නවා ඇති. ඔහු නවීන ගගණ ගාමී ඇදුමකට ඉතා සමාන ඇදුමක් ඇද ඉන්නවා. ඔහු තම කකුල් අකුලාගෙන යානය තුළ ඉන්න බවක් පේනවා. ඒ වගේම මේ යානයේ හැඩය වායුගති විද්‍යානුකූලව නිමවා ඇති බව පැහැදිලියි -- එහි උල් හැඩය බලන්න. අද ගුවන් යානා වල භාවිතා වෙන්නේත් මේ උල් හැඩයයි. ඒ නිසා මේ ආකෘතියේ ඇති යානය, අහසේ පියාසර කල එකක් බවට තර්ක කල හැකියි.
එසේනම්, අපේ පැරණි මුතුන් මිත්තන් පියාඹන යානා වලින් පැමිණි මිනිසුන් දැක තිබෙනවා. ඔවුන් ඒ මිනිසුන්ව චිත්‍රයට නැගුවා, ඔවුන්ගේ රෑප ඇඹුවා, එසේ නැත්නම් ඔවුන්ගේ සහ ඔවුන්ගේ යාත්‍රා වල ආකෘති නිර්මාණය කලා. එයින් තේරැම් යන්නේ, අපේ මුතුන්මිත්තන් අද අපි වගේ නෙවෙයි, මේ ලෝකෙන් පිට වෙනත් ජීවීන් සිටින බවත්, තමන් මේ ජීවීන් වර්ග අතර සිටින එක් ජීවීන් කොටසක් පමණක් බවත් දැන සිටි බවයි. ඒත්, පොළොවෙන් පිට ජීවීන් සිටිනවා යැයි අද කීවොත් බොහෝ දෙනෙක් සිනාසේවි. ඒ සමහර විට නොදැනුවත් කම හෝ අඥාණකම නිසා වෙන්න පුළුවනි. නොදැනුවත් කමට නම් බෙහෙත, ගවේශණය කර සොයා බලා දැනුවත් වීමයි. අඥාණකමටත් බෙහෙත් අපේ පැරැන්නෝ නම් දැනගෙන හිටියා. ඒත් දැන් ඒ ඹෟෂධ සියල්ල “තහනම් ද්‍රව්‍ය” බවට ලේබල් කර හමාරයි. එයට හේතුව, ඒ ඹෟෂධ වලින් මිනිසාට ලෝකය සහ විශ්වය පිළිබද සත්‍ය තත්වය පෙන්වා දෙන නිසා, ලෝකය පාලනය කරන බලවතුන්ට සහ කූට ව්‍යාපාරිකයින්ට එය මරැ පහරක් වෙන නිසයි. පැරණි ‍ඹෟෂධ නැවත පාවිච්චි කිරීමට ඉඩ දුන්නොත්, ජනතාව ගොනාට අන්දාගෙන සිටීමට තවදුරටත් ඔවුන්ට හැකි වන්නේ නැහැ. ඒත් මෙය වෙනම මාතෘකාවක්. ඇතැම්විට අපට ඒ ගැන පසුව අවධානය යොමු කරන්නට හැකි වේවි.
...
මීළග ලිපියේදී, පැරණි ගගණගාමීන් පිළිබද කියවෙන පැහැදිලිම රෑපය යැයි සැළකෙන කැටයම ගැන සොයා බලමු...

මීලග කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න...

No comments :

Post a Comment