Social Icons

Wednesday, July 31, 2013

වසර දහස් ගණනකට පෙර නාස්කා කාන්තාරයේ තැනු ගුවන් පථය

පිටසක්වල ජීවින් 3

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. තෙවැනි අඩිය

තඩි රෑප විතරක් නෙවේ නාස්කා ප්‍රදේශයේ පුදුමයකට තියෙන්නේ. පහලින් පේන පින්තූරේ තියන කන්ද සමතලා කරලා කියෙන්නේ කෘත්‍රිමව -- මේක ස්වභාවිකව සිද්ද වුනු ‍එකක් කීවැකිද? බලන්න, සමතලා කන්ද වටේ තියෙන අනෙක් කදු ස්වභාවික විදියට තියෙනවා, ස්වභාවික කෝනාකාර හැඩයට. ඒත් මේ කන්ද විතරක්, බටර් කපන්නා වගේ මැදින් කපලා දාලා -- ඒකත් මීට අවරැදු සිය දාස් ගානකට එහා. කපලා දාපු කන්ද උඩ මොනාද තියෙන්නේ? ගුවන් යානා ගොඩ බස්සන්න හදාපු මාර්ග පථ වගේ ඉදිකිරීම්.
එතකොට මේ කන්ද සමතලා කරනකොට කපපු පස් වලට මොකද උනේ? ඒවා හොයාගන්න තාම හම්බෙලා නෑ. පහල නිම්නයට ඒවා වැටිලා නෑ, ඒ ප්‍රදේශයේ කොහේවත් ඒවා හොයාගන්න නෑ. මොකද ඒවට උනේ?
 
දැන් තව ප්‍රශ්ණයක් සළකා බලමු: පිටසක්වල ජීවීන් මේ නාස්කා කාන්තාරෙට ආවා නම්, ඒ මොකටද? මොකද නාස්කා කියන්නේ ඉතාම දැඩි නියග කලාපයක්. කිසිදෙයක් වැවෙන් නෑ මෙහෙ. ඉතාම ශුෂ්කයි. එතකොට මොකටද ආවේ? උත්තරේ: කොච්චර ශුෂ්ක උනත්, නාස්කා කියන්නේ කිසිසේත්ම වැඩකට නැති භුමී ප්‍රදේශයක් නෙවේ. මෙහෙම හිතන්න: ඔබ පිටසක් වලින් ආව කෙනෙක් නම්, ඔබ පොලොව ගැන පර්යේෂණ පවත්වනවා නම්, ඒක ලේසියෙන්ම කරගන්න ඔබ යන්නේ කොහාටද? ඔබ යන්නේ, පොළොවේ ඇති සංඝටක වැඩිම සාන්ද්‍රණයකින් ඇති ප්‍රදේශකට -- එක ගලෙන් කුරැල්ලෝ සීයක් විතර මරාගන්න පුළුවන් තැනකට. නාස්කා කියන්නේ මෙහෙම තැනක්. නාස්කා භූමිය මත, පොළොවේ ඇති මූලද්‍රව්‍ය හැම එකක්ම තියෙනවා -- රත්‍රං, යුරේනියම්.. නැති දෙයක් නෑ. මේක පොළොවේ ඇති මුලද්‍රව්‍ය වලට කෞතුකාගාරයක් වගේ තැනක්. මේ නිසා ඔබ නාස්කා වලට ගිහිං පර්යේෂණ කලොත්, ඔබට ලේසියෙන්ම තේරැං ගන්න පුළුවන් පොළොව කියන්නේ මොන වගේ තැනක් ද කියලා, ඒකේ තියෙන්නේ මොනවද කියලා...

හතරවැනි කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න... 1x1 17.50 

No comments :

Post a Comment