Social Icons

Thursday, August 15, 2013

ගීසා හි පිරමීඩය සැදුවේ පිටසක්වල ජීවීන්ද? (1). අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. එකොලොස් වැනි අඩිය.

අවසාන ලිපියේදී අපි කීවා, ගීසා හි පිරමීඩය ගැන කතා කරන බව.

ගීසා පිරමීඩය කියන්නේ, ඊජිප්තුවේ තිබෙන විශාලම සහ ප්‍රධානම පිරමීඩයයි. ඒත් මේක හදන්න අවුරැදු 22ක් පමණක් ගිය බවයි සදහන් වෙන්නේ. හදා ඉවර වෙලා තියෙන්නේ ක්‍රි.පූ 2560 දී. ඒත් සමහර ගවේශකයින්ට සහ විද්‍යාඥයන්ට මේකේ පරහක් පෙනුනා. ඔවුන්ගේ අදහසේ හැටියට මේ පිරමීඩය අවුරැදු 22කින් හදා ඉවර කරන්න නම්, ඒක් තියන හැම යෝධ ගලක්ම තප්පර නවයකදී හදා ඉවර කරන්න ඕන. ඒ කියන්නේ, තප්පර නමයකින් ගල කපලා, ඒක පිරමීඩය හදන තැනට ගෙනල්ලා, පිරමීඩයේ නිසි තැනට ඒක සවි කරන්න ඕන. මේක වර්ථමාන ඉංජීනේරැවන්ට වත් කරන්න බැරි දෙයක්. සමහරැ කියනවා මේක හදන්න පිටසක්වල ජීවීන් ආධාර කළා කියලා. තව අදහසක් තමා, මේ යෝධ ගල් ඉහළට එසෙව්වේ
ශබ්ධ තරංග මාර්ගයෙන් කියලා, එහෙම නැත්තම් ප්‍රති-ගුරැත්වය මගින් කියලා. සාමාන්‍ය ක්‍රමයට නම්, මේ හැම ගලක්ම කිලෝමීටර් ගානක් දිග හැඩපෝරැ දිගේ මිනිසුන් ගණනාවක් මගින් ඉහළට ඇදගෙන එන්න ඕන ඒක නිසි තැන තියන්න. මේ වගේ ගල් දහස් ගානක් පාවිච්චි කරලයි පිරමීඩය හදා තිබෙන්නේ. ඒ වගේම ගල් තබා තිබෙන ආකාරය ඉතා සූක්ෂමයි. පිරමීඩ හදන්න භාවිතා කර තිබෙන ගෘහ නිර්මාණ ශිල්පය අති විශිෂ්ටයි. නවීන ඉංජිනේරැවන්ට පවා මෙතරම් ඉස්තරම් ලෙස මෙවැනි ගොඩනැගිල්ලක් හදන්න විශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා. පිරමීඩය ඇතුලේ තියනවා, මාබල් වලින් ඉතාමත් සූක්ෂම සහ පිරිසිදුවට තැනූ පරිශ්‍රයන්. මෙවැනි විශ්ව කර්ම වැඩ, එදා හිටි මිනිස්සුන්ට අතින් කරන්න බැරි බවයි සමහරැන්ගේ මතය.

තවත් මතයක් තමයි, ගීසා පිරමීඩය හැදුවේ සවුරික් නැමති කෙනෙක් බව. සවුරික් නම හීබෲ බාසාවට පෙරලපුවාම "ඉනොක්" වෙනවා. ඉනොක් ගැන අපි පසුගිය ලිපියක කථා කලා මතක ඇති. ඉනොක් පිටසක්වල ජීවීන් සමග සම්බන්ධකම් පැවැත්වූවායි කියලා අපි ඒ ලිපියේදී කීවා. මේ මතයෙන් කියවෙන්නේ, ඉනොක් පිටසක්වල ජීවීන්ගෙන් පිරමීඩ හදන ආකාරය අසා දැනගෙන, අවුරැදු දාස් ගණනක් ඒක පවතින විදියට හදන විදිය ඊජිප්තුවරැන්ට කියා දුන්නායි යන්න. ඇත්ත වශයෙන්ම, පැරණි ඊජිප්තු ලියවිලි වලින්ද කියවෙන්නේ, ඊජිප්තු මිනිස්සු මේක හැදුවේ "අහසේ සිටින ආරක්ෂකයින්" ගේ උදවුවෙන් බවයි! ඉතිං ඇතැම් අය උපකල්පනය කරනවා, මේ පිරමීඩ හැදුවේ මිනිසුන් වුවත්, ඔවුන් ඒවා හැදුවේ පිටසල්වල ජීවීන්ගේ අධාරයෙන් බවයි.

මතු සම්බන්ධයි...

(1x1 47.50)

No comments :

Post a Comment