Social Icons

Thursday, August 8, 2013

ගුප්ත ලෝකයේ රහස් - 1. මායාකරැවෝ

අනාගතය ගැන අනාවැකි කිව හැකි හෝ අනාගතය වෙනස් කළ හැකි ගුප්ත බලවේග තිබේද? ආරෑඪයෙන් කථා කිරීම (channeling), ජෞතිෂ්‍ය, ටෙරොට් කාඩ් වලින් අනාවැකි කීම, වැනි දේ වල යෙදෙන බොහෝ දෙනෙක් ගේ කියන්නේ එවැනි බලවේග තිබෙන බවයි.

තමන්ට ගුප්ත බල තිබෙනවා යැයි කියූ එක් පුද්ගයෙක් තමයි ඇලෙස්ටර් ක්‍රෝලි. ඔහු ජීවත් වුනේ 1920 ගණන් වලයි. ඔහු කීවා, ඔහුට තමාගේ හිත ඒකාග්‍ර කරගෙන, ඕනෑම කෙනෙකු ව තමා ගේ කැමැත්තට නම්මවා ගත හැකි බව. දවසක් ඔහු තම මිතුරෙකු වූ විලියම් සීබෲක් සමග පාරේ ගමන් කරමින් සිටියා. ඔහු තම යාළුවාට කියමින් ගියේ, තමාට ඇති මේ ගුප්ත හැකියාව ගැන. ඉතිං සීබෲක් කීවා, පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න කියලා.
ක්‍රෝලි එකග වුනා. ඔහු පාරේ යමින් සිටි පුද්ගලයෙකු පෙන්නුවා. පෙන්නලා කීවා, මං ඔහුට කරන දේ බලන්න කියලා. ඊළගට ඔහු කලේ, එම පුද්ගලයා අඩි තබන ආකාරය අනුගමනය කරමින්, ඔහු ගමන් කරන විදියටම ගමන් කිරීමට පටන් ගැනීමයි. එහෙම ටික දුරක් ඇවිදගෙන ගිහින්, ක්‍රෝලී එක වරම බිම දණ ගහගෙන වැටිලා ආයෙත් නැගිට්ටා. එතකොටම අර පාරේ ඇවිදගෙන ගිය මනුස්සා ලිස්සා ගිහින් පාර අයිනේ ඇද වැටුනා. ඔහුට උනේ මොකක්ද කියලා හිතා ගන්න බෑ වගේයි ඔහු ආපහු නැගිට්ටේ. මෙහෙමයි ක්‍රෝලි තමන්ගේ හැකියාව තම යාළුවාට පෙන්නුවේ.

ඇහැට නොපෙනුනාට මේ වගේ බල තියෙන්න බෑ කියන්න පුළුවනිද? එහෙනම් ගුරැත්ව බලයත් ඇහැට පේන් නෑනෙ. ඒ උනාට එහෙම එකක් තියනවා කියලා හැමෝම පිළිගන්නවනේ. ඇත්තෙන්ම ගුරැත්ව බලය හොයාගත්තු අයිසැක් නිව්ටනුත් මුලින් තමන් හොයාගත්ත දේ කියන්න කැමති වුනේ නෑ. මොකද ඔහුගේ මේ සොයා ගැනීම “මැජික්” එකක් කියලා හංවඩු ගැහෙයි කියලා ඔහු හිතපු නිසා.

හොග දෙනෙක් ගුප්ත විද්‍යාව විහිළුවකයි ගන්නේ. ඒත් නූතන භෞතික විද්‍යාඥයින් දැන් දැන් සොයා ගන්නේම “ගුප්ත විද්‍යාමකයි” කියලා කියපු දේවල්මනෙ. නූතන භෞතික විද්‍යාඥයින දැන් පිළිගන්නවා කාලය තුළින් ඉදිරියට සහ පසුපසට ගමන් කරන්න (කාලතරණය) පුළුවන් කියලා, ඔවුන් දැන් පිළිගන්නවා සාමාන්තර විශ්ව තිබෙන්න පුළුවන් කියලා, ඔවුන් පිළිගන්නවා විශ්වයට මාන 11ක් තිබෙන්න පුළුවන් කියලා (මේක “ස්ට්‍රිං තියරි” කියලා මූළධර්මයකින් සොයාගත්ත දෙයක්). මේවා ගුප්ත විද්‍යාවට අයිති දේ නොවේ නම් වෙන මොනාද? ඒ වගේම, බොහෝ අවස්ථා වලදී පෙනී යන දෙයක් තමා, අද නූතන විද්‍යාඥයින් සොයාගන්න දේවල් බොහොමයි, පොළොව මත ජීවත් වුනු පැරණි මිනිස්සු දැන හිටපු බව.

මීලග කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න...

1 comment :

  1. ෴මෙම බ්ලොග් අඩවියෙ පලවන ලිපි පිලිබද පාඨක ඔබගෙ අදහස් අප වෙත දක්වන මෙන් ඉල්ලා සිටින අතර ලිපි ලිවිමට මාර්ථුකා යොජනා කල හැක​෴

    ReplyDelete