Social Icons

Saturday, August 31, 2013

තඹයුගයේ හිටි අයිමාරා ගෝත්‍රිකයින්, නවීන විද්‍යාවෙන් වත් කිරීමට බැරි තාක්ෂණික විශ්වකර්ම සිදු කලාද? - අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කථාව. දහ හතර වැනි අඩිය

පිරමීඩ හැර, ලෝකේ අභිරහස් ඉදිකිරීම් බොහෝ ගණනක් තිබෙනවා. එයින් එකක් තමා පැසිපික් සාග‍රේ තියෙන ඊස්ටර් දූපතේ ඇති "මෝවායි" නැමති ශෛලමය ප්‍රතිමා රැස. මේ ප්‍රතිමා, ඊස්ටර් දූපත වෙරළ දිගේ හිටගෙන, ඒ වෙරල ආරක්ෂා කරනවා:

මේ ප්‍රතිමා හදා තිබෙන්නේ අවුරැදු දාස් ගාණක් පවතින විදියටයි. පිරමීඩ වගේම, ඒවා හදා තියෙන්නේ ටොන් ගණනාවක් බර ගල් කුට්ටි කපලා. මේවා හදපු මිනිස්සු මේවා හැදුවේ මොකටදැයි තාම කිසිවෙක් හරියටම හොයාගෙන නෑ. ඊජිප්තුවේ පිරමීඩ වල නම් මොනවා හෝ ලියවිලි හරි තියෙනවා. ඒත් මේ ඊස්ටර් දූපතේ වල, වර්ථමාන මිනිසාට හෝඩුවාවක් ලබා ගැනීමට ලියවිල්ලක් වත් නැහැ.

ඊස්ටර් දූපතේ සිට හැතැම්ම 3000ක් ඈතින් ඇති බොලීවියාවෙත්, මීට පුදුමාකාර ලෙස සමාන ප්‍රතිමා ඉදිකිරීමක් දැකගත හැකියි. මේවා තියෙන්නේ ටියවනාකෝ නැමති නටඹුන් නගරයේ. එය අවුරැදු 17000ක් පැරණි බවයි සැළකෙන අතර, ලෝකයේ තිබූ පැරණිම නගරය මේක යැයි කියා මතයක් තිබෙනවා. මෙහි ඇති ප්‍රතිමා වල ලක්ෂණ, හැඩය, මුහුණු වල තිබෙන බැල්ම, ඊස්ටර් දූපතේ ඇති ප්‍රතිමා වලට බොහොම සමානයි. ඒ වගේම, මේවා හදා තිබෙන්නේත් එකම වකවානුවක දී බවයි සැළකෙන්නේ:

මෙහි තියෙනවා "පූමාපුංකු" කියා හදුන්වන නටඹුන් වලින් පිරැණු බිම් කඩක්.

ඇතැම් අය කියන්නේ, මේ පූමාපුංකු වල තිබෙන දෑ සමග පිරමීඩ සංසන්දනය කලොත්, පිරමීඩ යනු කුඩා දරැවන්ගේ නිර්මාණයක් ඝණයට වැටෙන බවයි! පූමාපුංකු හි සුවිශාල ගෛමය නිර්මාණ තිබී තියෙන බවත්, එහෙත් ඒවා, යෝධ භූ චලනයක් වැනි විනාශයකින් බිදී කැබලී වී ගොස් තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම, පූමාපුංකු හි ඉදිකිරීම් මත තිබෙන ගල් කැපුම් ඉතා සියුම්ව, ඉතා සූක්ෂමව එකිනෙකට පාහලායි කර තිබෙන්නේ. ඒවා හරියට යෝධ ජිග්සෝ ප්‍රෙහෙලිකාවක කොටස් වගේයි. කිලෝමීටර් 10කට එහා තිබෙන ගල් කොරියකින් කැපූ මෙම යෝධ ගල්, මෙතැනට රැගෙන ආවේ කොහොමදැයි අද විද්‍යඥයෝ පුදුමයට පත් වෙනවා.

මේ ප්‍රදේශයේ විශාල ගස් වැවෙන්නේ නෑ, මේ යෝධ ගල් ප්‍රවාහනය කිරීමට උපකරණ තනාගන්න. කාන්තාර ප්‍රදේශයකට සමාන මෙහි වැවෙන්නේ පදුරැ වැනි ගස් පමණයි. පූමාපුංකු හි ඉදිකිරීම් කොහොම සිදු කළා දැයි යන්න විශාල අභිරහසක්. එය පිරමීඩ සෑදුවාටත් වඩා දුෂ්කර කාර්යක් බවයි සැළකෙන්නේ.

ප්‍රසිද්ධ අදහස තමා, පූමාපුංකු ඉදිකිරීම කලේ "අයිමාරා" නැමති ඉන්දියන්වරැන් විසින් බව. මෙවැනි යෝධ ඉදිකිරීම් කරන්න ලිවීමේ හැකියාව, ගණිතමය හැකියාව, සැළසුම් ඇදීමේ හැකියාව වගේ බොහෝ ශිල්පීය ඥාණයන් තිබෙන්න ඕන. ඒත් සියළුම විද්‍යාඥයින් එකග වෙන අදහස තමා, අයිමාරා ඉන්දියානුවන්ට ගණිතමය හැකියාව තබා ලිවීමේ හැකියාව වත් නොතිබුණු බව! ලිවීමේ හැකියාවක් නොමැතිව මේවා ඉදිකලේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ඒ මදිවාට, මෙහි තිබෙන අතිශය විස්මයජනක කාරණය තමා, මේ ඉදිකිරීම් සදහා යන්ත්‍රෝපකරණ භාවිතා කර තිබෙන බවට සාධක තිබීම. යන්ත්‍ර වලින් පමණක් කළ හැකි කැපුම්, සිදුරැ කිරීම් ආදිය මෙම ගල් වල දැකගන්න පුළුවන්. යෝධ ගල් කුට්ටි, යන්ත්‍ර වලින් පමණක් කල හැකි පරිදි මැද ඔප දමා තිබෙනවා. සමහර ගල් වල කපා ඇති ඇලි සෙන්ටිමීටර කීපයක් පමණක් ගල තුලට හාරා ඇති අන්දම ඉතා සූක්ෂමයි. ඒ වගේම, ගල් මත කපා ඇති රේඛා පරිපූර්ණ ලෙස කෙලින් කපා තිබෙනවා. ඒවායේ පටන් ගන්නා සිට අවසාන වන තැන දක්වා කපා ඇති ගැඹුර හරියටම එක සමානයි. මේවා ගල් යුගයේ තිබූ නොදියුණු ආයුධ වලින් සිදු කළා කියල විශ්වාස කරන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ. පෞරාණික ගගණගාමීන් ගැන විස්වාශ කරන්නන් පූමාපුංකු වලට විශේෂ අවධානයක් යොමු කිරීම හේතුව මෙයයි.

පූමාපුංකු හි ඇති විශ්මයජනක දේ බොහොමයි. තවත් එකක් ඉදිරිපත් කරන්නම්. පූමාපුංකු හි ඇති ගල්, හුණු ගල් වගේ පැරණි මිනිස්සු පාවිච්චි කරපු ගල් නෙවෙයි -- ඒවා ග්‍රැනයිට් හෙවත් කළුගල් සහ ඩයරයිට් කියලා ගල් වර්ගයක්. ඩයරයිට් ගලක තද ගතිය පරදවන්න පුළුවන් එක පාෂාණයක් විතරයි තියෙන්නේ -- ඒ පොළොවේ තියෙන ඝනැතිම පාෂාණය වන දියමන්ති. මේ නිසා ඩයරයිට් ගලක, සිදුරැ, පීලි, කැටයම් ආදිය කපන්න පුළුවන් එකම ක්‍රමය තමා, කපන උපකරණයේ තුඩ මතට දියමන්ති සවිකරන එක -- මේක අද පවා භාවිතා කරන තාක්ෂණයක්.

ඇමෙරිකානු විද්‍යාඥයින් පළමුවාරයට මේ කැපීම් උපකරණ වලින් පිරික්සා බලනකොට ඔවුන් විශ්මයට පත්වුනා. ඔවුන්ගේ අදහස වුනේ, පූමාපුංකු වල සිදුකර තිබෙන දේවල් අද යලි ප්‍රතිණිර්මානය කිරීම කළ නොහැකි දෙයක් බවයි! ඒ කියන්නේ, ගල් යුගයෙන් එක පයක් පමණක් එලියට අරගෙන හිටි අයිමාරා ගෝත්‍රිකයෝ කලා යැයි කියන මේ ඉදිකිරීම්, නවීන තාක්ෂණයෙන් පවා කළ නොහැකි බවයි! මෙය සිදුවිය හැක්කක්ද? ඇත්තෙන්ම මේවා ඉදිකලේ අයිමාරා මිනිසුන්ද? -- එය සිදුවීමට නොහැකි දෙයක්. මක්නිසාදයත්, පොළොව ඒ වන විට තිබුණේ ගල් යුගයට ඉතා ආසන්නවයි. මෙවැනි සරළ තඹ ආයුධ භාවිතා කළ මිනිසුන් මෙවැනි විශ්වකර්ම වැඩක් කරන්නේ කොහොමද? නොඑසේ නම් ඒවා ඉදිකිරීමට වෙනත් පිරිසක් -- පොළොවේ ජීවත් නොවුන පිරසක් ඔවුන්ට ආධාර කළාද?

මතු සම්බන්ධයි...

No comments :

Post a Comment