Social Icons

Wednesday, August 7, 2013

වසර දහස් ගණනකට එපිට විසු මුතුන් මිත්තන් ගගන ගාමින්ගේ රූප සිතුවම් කලේ කෙසේද?

 පිටසක්වල ජීවීන්  6

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.හයවැනි අඩිය - පැරණි ගගණගාමී රෑප

එක රෑපයක් වචන දාහක් වටී කියලා කියනවනේ. ඉතිං පැරණි බිතු සිතුවම් සහ අඹාපු රෑප ගැන පොඩ්ඩක් හොයා බලමු. පහල තියෙන්නේ එහෙම අඹාපු රෑප සහ ගුහා වල ඇද තිබූ චිත්‍ර කීපයක්. මේවා ඉතාමත් පෞරාණිකයි.

විශේෂයෙන්ම අර උඩින්ම තියන අඹපු රෑප දැක්කාම මොනාද මතක් වෙන්නේ?... මුකුත් මතක් උනාද දන්නෑ, අපට නම් මතක් වුනේ නූතන ගගණ ගාමීන්ව. ඒත් මේ රෑප අවුරැදු දාස් ගානක් පැරණියි. ඒත් බලන්න ඔවුන්ගේ ඇදුම් දිහා, ඒ වගේම ඔවුන්ගේ හිස් ආවරණ දිහා. ඒවා ගගණ ගාමීන්ගේ නූතන ඇදුම් වලට ඉතා සමානයි. අඹාපු රෑප වල අන්තිම රෑප තුන දිහා බලන්න. ඒ හෙල්මට් එකේ මුඛ ආවරණයක් තියනවා. ඒක හුස්ම ගන්න පහසුකම් සළසන උපකරණයක් වගෙයි පේන්නේ. ඊළගට, හෙල්මට් එකට පහලින් පපුව උඩ රවුම් කන්ට්‍රෝල් පැනල් එකක් වගේ උපකරණයක් පෙන්නුම් කරනවා. ඒකේ බොත්තම් හෝ ස්විච් වගේ දේවල් තියෙන බව කාට උනත් පෙනෙනවා.
අර යට තියන බිතු සිතුවම් වලත් ඒ වගේම ඇදුම් ඇදගත්තු මිනිස් රෑප පෙන්නුම් කරනවා.
ඉතිං පැරණි මිනිස්සු මේවා ඇඹුවේ, ඇන්දේ පිස්සුවටද? පැරණි මිනිස්සු කියන්නේ අපේ මුතුන් මිත්තෝ. ඉතිං ඔවුන්ට පිස්සු නම්, අපටත් පිස්සු වෙන්න ඕන. ඒ හින්දා, ඔවුන්ට පිස්සන් යැයි කියන කෙනෙක් ඉන්නව නම්, ඒ කියන කෙනාට පිළිගන්න වෙනවා ඔහුට හෝ ඇය‍ටත් පිස්සු බව.
මෙන්න තවත් රෑපයක්. මේ ගුහා සිතුවමෙන් පෙන්නුම් කරනවා, ඔළුවේ ඇන්ටනා වගේ උපකරණ පැළදගත්තූ රෑප.
පහළ සිතුවමින් පෙන්නුම් කරන්නේ, ඔළුව වටේට රැස් විහිදෙන කිසියම් ජීවියෙකුගේ රෑපයක්.

දැන්, පහළ පෞරාණික නිමවුම් නැතිනම් ආකෘති දිහා බලන්න. ඒවා අද අපේ ගුවන් යානා වල ආකෘති වලට සමාන නෑයි කියන කෙනෙක් ඉන්නවා නම්, දැන්ම ගිහින් ඇස් පරීක්ෂාවක් කර ගන්න එක හොදයි. ඇස් පේන අය බලන්න, මේ ආකෘති වල අත්තටු තියනවා, යානයේ බදේ තෙල් ටැංකියකට සමාන පිම්බුණු ප්‍රදේශක් තියනවා, ඒවගේම යානය පිටිපස්සේ අද අපේ ගුවන් යානා වල වගේම උඩට එසෙවුනු කොටස හෙවත් රඩර් එක තියනවා. මේක වායුගතික මූලධර්මයන් අනුව ගුවන් යානාව නිසි ලෙස හසුරැවන්න නිමවා තියෙන කොටසක්.

No comments :

Post a Comment