මේ බව ඔප්පුකොට පෙන්වූයේ දේවධර්මවාදියකු වූ ජෝශප් සයිස්, 1877දී. එමෙන්ම එහි මුහුණත් හතර, මාලිමාවෙහි දිශා හතර සමග හරි කෙලින් පවතිනවා. ඒත් මාලිමාව හොයාගත්තේත් පිරමීඩ ඉදිකලා යැයි කියන වකවානුවෙන් අවුරැ දාස් ගාණකට පස්සේ.
-----
පිරමීඩ ගැන කතා කරනකොට, පිරමීඩ සහ පිරමීඩාකාර ඉදිකිරීම් තිබෙන්නේ ඊජිප්තුවේ විතරක් නෙවෙයි. ඊජිප්තු පිරමීඩ වලට සමගාමීව, ලෝකයේ නොයෙක් තැන්වල පිරමීඩ ඉදිවුනා. අපි නොහිතන තැන් වල පවා. උදාහරණයක් විදියට, ඉන්දියාවේ හින්දු කෝවිල් පිරමීඩ හැඩයට හදා තිබෙන බව අපට මතක් වුනේ නෑ නේද:
ඊළගට, තායිලන්තය වගේ රටවල හදා තිබෙන බෞද්ධ සිද්ධස්ථාන:
තව, මෙක්සිකෝවේ පිරමීඩ:
ඉතින් මෙහෙම ලෝකේ හැම තැනම එක හැඩයේ ඉදිකිරීම් තිබීම අහම්බයක් ද? මේක නූතන විද්‍යාඥයින්ටත් ගැටළුවක් වෙලා තිබෙනවා.
මෙක්සිකෝවේ තිබෙනවා එක් ප්‍රසිද්ධ පිරමීඩයක්. මේක තියෙන්නේ, "දෙවිවරැන් ගේ නගරය" කියා මෙක්සිකානුවන් හදුන්වන පැරණි නගරයක් (දැන් නම් මේ නගරේ නටඹුන් විතරයි තියෙන්නෙ) මැද්දේ යි.
මේ පිරමීඩය හදුන්වන්නේ "සූර්ය පිරමීඩය" කියලා යි. මේ පිරමීඩය පිළිබද විශේෂ ලක්ෂණය තමා, ඒකේ වපසරිය ඊජිප්තුවේ මහා පිරමීඩයේ වපසරියට හරියටම සමාන වීම:
මේකත් අහම්බයක්ද? එහෙමත් නැත්තම්, මේ පිරමීඩ දෙකේම නිර්මාතෘවරැ ඒවා නිර්මාණය කලේ එකම ක්‍රමයකට, එකම දෙයක් බලාගෙනද? එහෙම නැත්තම් මේවා සෑදුවේ එකම නිර්මාතෘවරැන් විසින් ද?
"දෙවිවරැන්ගේ නගරයේ" තවත් පිරමීඩ සහ වෙනත් ඉදිකිරීම් දැකගත හැකියි. "චන්ද්‍ර පීරමීඩය" කියාත් එකක් තිබෙනවා. ඔවුන්ගේ ජන කථා වලට අනුව, මේවා හදා තිබෙන්නේ දෙවිවරැන් විසිනුයි. එමෙන්ම, ඒ දෙවිවරැන් යෝධයින් කියාත් ඒවායේ කියවෙනවා. තවත් කියවෙන දෙයක් තමයි, ලෝකය මීට පෙර හතර වතාවක් විනාශ වී නැවත ගොඩ නැගුණාය කියන අදහස. එක් වතාවක් අයිස් වලින්, තව වතාවක් ගින්නෙන්, තවත් වතාවක් ජලයෙන් විනාශ වුනා කියලා ජන කථා වල කියවෙනවා. දෙවිවරැන්ගේ නගරය ඉදිකර තිබෙන්නේත්, මේ ලෝක හතරෙන් එකක ආරම්භයේදී කියලා ඔවුන් විස්වාස කරනවා.
ඉතිං මේ යෝධ ඉදිකිරීම් නිර්මාණය කළේ මොකටද? ඊජිප්තුවේ පිරමීඩ සම්බන්ධයෙන් නම් තිබෙන ප්‍රසිද්ධ අදහස තමා, ෆේරෝවරැ (ඊජිප්තු රජවරැ) එකිනෙකා පරයා තමන්ගේ මහන්තත්වය පෙන්වීමට, එකකට වඩා තව එකක් විශාල වශයෙන් මේවා ඉදිකළ බව (ප්‍රසිද්ධ මතයට අනුව ඒවා ඔවුන්ගේම සොහොන් හැටියට වුනත්, ඔවුන් ඒවා ඉදිකරන්න පටන් ගත්තේ ජීවත්ව ඉන්න කාලය තුළමයි.). අනෙක් වඩාත් අප්‍රසිද්ධ මතයක් තමයි, ඔවුන් තමන්ගේ අනාගත මුණුබුරැ පිණිපිරියන් (ඒ කියන්නෙ මේ අපි හෙහ්) සදහා කිසියම් වැදගත් යමක් ඉතිරි කර ගිය බව. සමහර විට මේ පිරමීඩ වලින් අප සාමන්‍යයෙන් නොහිතන යමක් -- අපට ප්‍රයෝජනවත් යමක් -- කිරීමට පුළුවන් වෙන්න පුළුවන්.
මේ ගැන සොයා බැලීමට ඊජිප්තු ලියවිලි වල උපකාරය ලබා ගත්තොත්, ඒවායින් කියවෙන්නේ, පිරමීඩ ඉදි කළේ පෘථිවියේ මතු පරපුර සදහා දැණුම ගබඩා කිරීමට බව. මුළු විශ්වයේම දැනුම පොත් තුන්සීයක අන්තර්ගත වෙන බව ඒවායින් කියවෙනවා. එමෙන්ම, එසේ දැණුම ගබඩා කර තියන්නැයි කියා ඊජිප්තුවරැන්ට උපදෙස් දුන්නේ, "ආකාශයේ සිටින ආරක්ෂකයින්" බවත් ඒවායේ ලියවී තිබෙනවා.
මතු සම්බන්ධයි...
(1x1 51.35)
No comments :
Post a Comment