1929 දී ඉතිහාසඥයන් හොයාගත්තා පැරණි සිතියමක්. මේක ඇදලා තිබුණේ ගිසෙල් මුව හමක.
ගිසෙල් හමක ඇදි සිතියම
ඔවුන් මේ සිතියමේ සම්භවය බලාගෙන ඉතිහාසයේ ආපස්සට යනකොට, 16 වැනි සියවසේ තුර්කි අද්මිරාල් කෙනෙකු වූ පියරි රීස් ගේ භාරයේ මේක තිබුණු බව ඔවුන් සොයාගත්තා. ඒත් 16 වැනි සියවසේ තිබුණු සිතියම් වලට මේක සමාන නොවුනේ, ඒ සිතියම් වල තාමත් සොයා නොගැනී තිබූ භූමි ප්‍රදේශ, මේ මුව හම් සිතියමේ තිබුණු නිසා. අද ඇන්ටාක්ටිකාවේ හිමෙන් වැසී ඇති භූමිය (අයිස් වලට යටින් ඇති භූමිය) එහි පැහැදිලිව චිත්‍රණය කර තිබුණා.
මෙයින් හැගී ගියේ, මේ සිතියම ඇද තිබෙන්නේ, ඇන්ටාක්ටිකාව අයිස් වලින් වැසී නොතිබූ කාළ පරිච්චේදයක බවයි -- ඒ කියන්නේ වසර මිලියන ගාණකට උඩදී! ඇත්තෙන්ම කියනවා නම්, 16 වැනි සියවසෙන් අවුරැදු 300කටත් පස්සෙයි ඇන්ටාක්ටිකාව කියලා ප්‍රදේශයක් තියනවා කියලා පවා සොයා ගත්තේ. මේක ඇදපු මිනිස්සුන්ට අයිස් තුළින් බලන්න පුළුවන් රේඩාර් තිබුණා කියලා හිතන්න බෑ, මොකද එහෙම රේඩාර් තාක්ෂණයක් නිර්මාණය කලේ 1958 දී.
ඊළගට, ඉතිහාසඥයෝ මේ පැරණි සිතියමයි නවීන සිතියමකුත් එක පිට එක තියලා සන්සන්දය කළා දෙකේ වෙනස් කම් බලන්න. බැලින්නම් පැරණි සිතියමේ, නවීන සිතියමේ තියෙන ඉතා කුඩා දත්ත පවා අඩංගු වී තිබුණා! ඒත් කොහොමද සියවස් ගාණනට උඩ හිටි පැරණි ශිල්පීන්, ඒ කාලය වනවිට සොයා නොගැනී තිබුණු ගංගා, කදු ආදී ලක්ෂණ සිතුවම් කලේ? අනික මේ වගේ සිතියමක් අදින්න, ගුවන් යානයකින් ලෝකේ වටේ පියාසර කරලා, රේඩාර් තාක්ෂණය පාවිච්චි කරන්න ඕන. ඉතින් 16 වෙනි සියවසේදී මේක කරන්න තරම් තාක්ෂණයක් නොතිබුණා නම්, ඊට කලින් කොහොමද මේ වගේ දෙයක් කරන්නේ? එහෙම නම් මේකෙන් තේරෙන්නේ, මේ සිතියම අදින්න පිටසක්වල තාක්ෂණයේ ආධාර ලැබුණා කියලාද? සමහර විද්‍යාඥයින් සහ පර්යේෂකයින් හිතන්නේ එහෙමයි.
අළුත් සහ පැරණි සිතියම සන්සන්දනය කීරීම
මීලග ලිපියෙන්, ගීසාz හි මහා පිරමීඩය සහ පිටසක්වල ජීවීන් අතර සම්බන්ධය පිළිබද සොයා බලමු.
(1x1 43:30)
No comments :
Post a Comment