Social Icons

Thursday, August 1, 2013

පිටසක්වලයින් විසින් රැගෙන ගිය ඉනෝක්

පිටසක්වල ජීවින් 5
අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. - පස්වැනි අඩිය - ඉනොක්

පැරණි කාලේ හිටපු තව පුදුම මනුස්සයෙක් තමා “ඉනොක්” කියන්නේ. බයිබලේ නම් ඔහු ගැන සදහන් වෙන්නේ එක වතාවයි. ඒ වුනත් “ඉනොක් ගේ පොත” නමින් ඔහු ලියපු පොතක් පවා තියනවා. ඔහු තමා මනුස්ස ඉතිහාසේ මුලින්ම, ප්‍රථම පුරැෂයෙන් පොතක් ලියුවේ -- ඒ කියන්නේ, ‘මම’ දැක්කා, ‘මම’ හිටියා, කියල එහෙම. මේ පොතේ හැටියට, ඉනොක් කියන්නේ නෝවා ගේ (නෝවා දන්නවනේ -- දෙයියෝ ලෝකේ විනාස කරන්න කලින් නෝවාට තමා කීවේ, අර නැවක් හදලා, ලෝකේ ඉන්න හැම සතෙක් ගෙන්ම දෙන්න දෙන්නා ගානේ ඒකේ දාගන යන්ඩ කියලා)  පුරාණ මීමුත්තෙක්. ඔහු පොතේ විස්තර කරනවා,
දෙවියෝ ඔහුව ආකාසයට අරගෙන ගිහිල්ලා තියාගත්ත හැටි -- එසේ මෙසේ කාලෙකට නෙමේ, අවුරැදු 300කට! දෙවියෝ ඔහුට ලියන්න කියන්න ඉගැන්නුවා. ඉතිං පොලොවට ආපහු ආපු හැටියේ ඔහුගේ දේව කාරිය උනේ පොත් ලියන එක. ඔහු දිවිය ලොකේදී දැක්ක අයවළු ගැන විස්තර කරනවා ඔහුගේ පොතේ. ඒ ඒ දෙව දූතයින්ගේ රාජකාරියවල් එහෙම. ඇත්තටම මේ කියන්නේ ඉනොක්ව දෙයියෝ අරගෙන ගියා කියලද, නැත්තම් පිටසක්වල ජීවීන් ඇවිත් ඔහුව අරගෙන ගියා කියලද. මේ කියන දේව දූතයෝ, ඒ ලෝකේ හිටපු (පොලොවේ වගේම) ජීවීන් නැත්තම් මිනිස්සු වෙන්න බැරිද. ඉනොක් කියනවා, එහේ සමහරැ තාරකා විද්‍යාඥයින්ලු. ඉතිං අර කීව විදියට හිතන්න සාධක තියනවා. එතකොට බලාපුවාම ඉනොක් කියන්නේ පළමුවැනි වාරයට පිටසක්වල ජීවීන් ගැන ප්‍රථම පුරැෂයෙන් ලියපු මිනිහා. ඔහු තමාගේ අද්දැකීමෙන්ම මේවා ලියන්නේ. ඔහු ඒ ජීවීන්ගේ නම් පවා පොතේ සදහන් කරනවා.

දැං මේ ඉස්සර මිනිස්සු දෙයියෝ කියපුවාම අපි වරද්දගන්නවා, ඒ කියන්නේ මේ අපේ ක්‍රිස්තියානි සහෝදරවරැ විස්වාස කරන දෙයියන්ට කියලා. ඒත් පැරණි මිනිස්සුන්ට දෙවියොත්, පිටසක්වල ජීවීන් මෙහාට ආවා නම් ඔවුනුත් අතර වෙනස් කමක් දකින්න පුළුවන් වෙවි කියලා හිතන්න බෑ. පැරණි මිනිස්සු අහසින් ආව මොන දේට උනත් “දෙවියෝ” කියලා කියයි. ඇයි අර මුස්ලිම් සහෝදරයින්ගේ කතාවක් තියනවානේ මක්කම හදපු හැටි ගැන. කාන්තාරේ මැදින් ගිය ගැල් කාරයෝ වගේකට අහසින් ගිනි දාගෙන එන වස්තුවක් පෙනුනලු. ඒක ඇවිත් පොලොවට වැටුනලු. ගැල් කාරයෝ (ඔටු ගැල් වෙන්න ඇති) හිතුවලු දෙයියෝ උඩ ඉදන් තමන්ට තෑග්ගක් එව්වා කියලා. ගිහිල්ලා බැලින්නං ගල් කෑල්ලක්ලු වැටිලා තියෙන්නේ -- අද බාසාවෙන් කීවොත්, පොලොවේ වායූගෝලයට අහුවෙලා පිච්චිලා ඉවරවෙන්න බැරිවුනු උල්කාශ්මයක්. ඒත් මේ සංචාරක ගැල් කාරයෝ හිතුවේ මේක දෙයියො එවපු එකක් කියලලු. ඉතිං මේ කතාව කටින් කට පැතිරිලා ප්‍රසිද්ධ වෙලා, අන්තිමට මුස්ලිම් ජනතාව එතන මක්කම හැදුවලු දෙවියන්ගේ සළකුණක් තියනවායි කියලා. මෙන්න මේ වගේ, මේ ඉනොක් ගේ කාලේ හිටපු මිනිස්සුත්, ඇත්ත සිද්දිය මොකද්ද කියලා තේරැං බේරැං කරගන්න ටිකක් අමාරැ අඩියක ඉන්න ඇති. මේ හින්දා, අහසින් ආප හැම නොදන්න දේකටම ඔවුන් පැටෙව්වේ “දෙවියෝ” කියන නම...

මීලග කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න... 1x1 26.05

No comments :

Post a Comment