Social Icons

Wednesday, August 7, 2013

ග්‍රීන් කාසල් හි චායාරුපයට නැගුන අද්බුත රෝස කාන්තාව

අත්භූත 1

සුරුපිනියකගේ අබිරහස් රුව කැමරාවක සටහන් වුනේ කෙසේද ?

පහත දැක්වෙන චායාරුපයෙන් දැක්වෙන්නේ ග්‍රීන් කාසල්හි ඔ හෙයාර් නම් ප්‍රාසාදයේ චායරුපයකි. චායරුපය ගත පුද්ගලයා වෙත පැමිණි ඔහුගේ මිතුරෙකු ප්‍රකාශ කලේ මීට පෙර දිනයක තමන් හා තම පෙම්වතිය මෙම ප්‍රාසාදය කරා ගිය බවත්  එහි සිදුවූ යම් යම් අබිරහස් දේවල් නිසා තමන් හා තම පෙම්වතිය දැඩි භීතියට පත්ව එම ස්ථානයෙන් පිටවු බවත්ය .

මෙම සිදුවීමෙන් පසු අදාළ මිතුරා හා මෙම චායරුපය ගත තැනැත්තා මෙම ප්‍රාසාදයේ හිමිකරුගේ අවසරය මත දින දෙකක් මෙම මන්දිරයේ රැදී සිටිමින් පර්යේෂණ වල නියැළුනහ. ඔවුන් සතුව විවිද වීඩියෝ කැමරා  හා චායරුප ගන්නා කාමරා  තිබු අතර දහවල් කාලයේ හා රාත්‍රියේ අදාළ මන්දිරයේ චායරුප ලබාගත්හ. පහලින් පෙනෙන චායරුපයේ දැක්වෙන්නේ අදාල චායරුප ශිල්පියා  විසින් මෙම ප්‍රසාදයේ උඩුමහලේ ගන්නා ලද චායාරුපයකි. හොදින් බලන්න මෙහි සිටින අබිරහස් කාන්තා රුව චායරුපය ගන්නා අවස්ථාවේ පෙනෙන්නට සිට නැත. පසුව චායරුප පිරිසිදු කිරීමේදී මෙම රුව දක්නට ලැබී ඇත. දුබුරුවන් කෙස් කලබක් හිමි ඇය  සුරුපිනියක් බව මෙම චායරුපයෙන් පවා පෙනේ. 

The Pink Lady of Greencastle picture

නමුත් ඇය කව්ද ?
වසර ගණනාවකට පෙර මේ සුවිසල් මන්දිරය තුල අසාධාරණයට ලක්ව මියගොස් අදටත් සැනසිමකින් තොරව ජීවත් වන ආත්මයක් විය හැකිය.
චායරුපය ගත තැනැත්තා ගේ මිතුරා හා පෙම්වතිය ඇය  විසින් එලවා දැමුවාද ? තමාට අත්වූ ඉරණම තවෙකෙකුට අත්  වේ යන බියෙන් ඇය එසේ කළාද? 
ඇතැම් විට මෙම සුවිසල් ප්‍රාසාදයේ කලක් ජීවත් වූ ඇය එම වස්තුවට බැදී තෘෂ්ණාවෙන් මරණෙන් මතුත් එහි රැදී සිටිනවාද?
මෙම මන්දිරයේ ඉතිහාසය තුලින් යම් නිගමනයකට පැමිණීමට ඉඩ ඇතත්, ඇය  අසාදරණයට ලක්ව මෙම මන්දිරය තුර සිය තරුණ වියෙදීම ජීවීතයෙන්   සමුගතියක් නම් ඇය  ව අයත් වන්නේ මෙම මන්දිරයේ නිල නොලත් ඉතිහාසයට වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර  එම ඉතිහාසය මෙහි ජීවත් ව මියගියවුන් සමගම මියගොස් තිබිය හැකිය. සැබවින්ම ඇය  කව්ද? මෙවන් ආත්ම අප වටා කොතෙක් ඇතිද ? මිත්‍යාවන් ලෙස බැහැර කිරීමට මතු මදක් සිතා බලන්න 

No comments :

Post a Comment